ද්වීතීය කථාව 23:1-11 - Compare All Versions
ද්වීතීය කථාව 23:1-11 SCV (සිංහල කාලීන පරිවර්තනය)
තැලීමකින් හෝ කැපීමකින් හෝ පුරුෂේන්ද්‍රිය කප්පාදු වූ කිසිවකු ස්වාමින්වහන්සේගේ සභාවට ඇතුළත් නො විය යුතු ය. අනියම් සබඳතාවක දරුවන් ද දස වන පරපුර දක්වා ඔවුන්ගෙන් පැවතෙන්නන් ද ස්වාමින්වහන්සේගේ සභාවට ඇතුළත් නො විය යුතු ය. අම්මොන් ජාතිකයකු හෝ මෝවබ් ජාතිකයකු හෝ ඔවුන්ගෙන් පැවතෙන්නකු හෝ දස වන පරපුර දක්වා ස්වාමින්වහන්සේගේ සභාවට ඇතුළත් නො විය යුතු ය. මන්ද ඔබ ඊජිප්තුවෙන් පිට ව එන අතරේ රොටිත්, වතුරත් ගෙන, ඔවුන් ඔබ හමුවට ආවේ නැති බැවිනි. ඔබට ශාපයක් ප්‍රකාශ කරන්නට ඔවුහු මෙසපොතාමියාහි පෙතෝර්හි බෙයෝර්ගේ පුත් බාලාම් ද කුලියට ගත්හ. එසේ වුව ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ බාලාම්ට සවන් නුදුන් සේක්, ඒ ශාපය, ආශිර්වාදයකට හැරවූ සේක. එසේ කළේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට ප්‍රේම කරන නිසා ය. ඔබේ දිවි ඇති තුරා ඔවුන්ගේ ශාන්තිය හෝ ඔවුන්ගේ සුබ සෙත හෝ නො සොයන්න. ඒදොම්වරයකු පිළිකුල් නො කරන්න; මන්ද ඔහු ඔබේ සහෝදරයා ය. ඊජිප්තු ජාතිකයකු පිළිකුල් නො කරන්න. මන්ද ඔබත්, ඔහුගේ රටෙහි විදෙස්සකු සේ විසූ බැවිනි. ඔවුන්ගෙන් පැවතෙන තුන් වන පරපුරේ දරුවනට ස්වාමින්වහන්සේගේ සභාවට ඇතුළත් විය හැකි ය. ඔබේ සතුරනට එරෙහිව සටනට කඳවුරු බඳින කල, සියලු අපවිත්‍ර දෙයින් දුරුව සිටින්න. ඔබ අතරින් යමෙක් රාත්‍රි මෝචනයකින් අපවිත්‍ර වුවහොත්, ඔහු කඳවුරෙන් පිටතට ගොස් සිටිය යුතු ය. එහෙත් සවස් වෙද්දී වතුර නාගෙන, හිරු බැස යන කල, යළි කඳවුරට ඒමට ඔහුට පුළුවන.
ද්වීතීය කථාව 23:1-11 SROV (Sinhala Revised Old Version)
කෝෂය පොඩි කරනලද නොහොත් රහසඟ කපනලද කෙනෙක් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය. අවජාතකයෙක් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල්නොවිය යුතුය: ඔහුගෙන් පැවත එන කිසිවෙක් දසවෙනි පරම්පරාව දක්වාම ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය. අම්මොනියයෙක්වත් මෝවබියයෙක්වත් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය: ඔවුන්ගෙන් පැවතඑන කිසිවෙක් දසවෙනි පරම්පරාව දක්වාත් කවදාවත් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය. මක්නිසාද නුඹලා මිසරයෙන් ආ කල්හි ඔවුන් මාර්ගයේදී කෑමත් වතුරත් රැගෙන නුඹලාගේ පෙරමගට නා නිසාත් නුඹට ශාපකරන පිණිස මෙසොපොතාමියේ පෙතෝර්හි සිට බෙයොර්ගේ පුත්‍රවූ බාලාම් නුඹලාට විරුද්ධව කුලියට ගත් නිසාත්ය. එසේ වුවත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ප්‍රේමකළ බැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බාලාම්ට ඇහුම්කන් නොදී ඒ ශාපය ආශීර්වාදයකට හැරෙවුසේක. නුඹේ සියලු දවස්වල සදාකාලයටම ඔවුන්ගේ සමාදානයවත් ඔවුන්ගේ ශුභසිද්ධියවත් නොසොයන්න. ඒදොමියයෙකුට ද්වේෂ නොකරන්න; මක්නිසාද ඔහු නුඹේ සහෝදරයාය. මිසරයෙකුට ද්වේෂ නොකරන්න; මක්නිසාද නුඹ ඔහුගේ දේශයෙහි ආගන්තුකයෙක්ව සිටියෙහිය. තුන්වෙනි පරම්පරාවේදී ඔවුන්ට උපදින දරුවන්ට ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල්වෙන්ට පුළුවන. නුඹේ සතුරන්ට විරුද්ධව නුඹ කඳවුරට යන කල සියලු නපුරු දේවලින් වැලකී සිටින්න. රාත්‍රියේ ධාතුපහවීමක් නිසා අපිරිසිදුවන මනුෂ්‍යයෙක් නුඹලා අතරෙහි වේනම්, ඔහු කඳවුරෙන් පිටතට ගොස් කඳවුරට ඇතුල් නොවී සිට, සවස්වන කල වතුර නාගන ඉර බැස්ස විට කඳවුරට ඇතුල්වේවා.
ද්වීතීය කථාව 23:1-11 NRSV (Sinhala New Revised Version)
“අණ්ඩය තුවාළ වූ හෝ රහසඟ කපන ලද හෝ කෙනෙකු සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය. අවජාතක යමෙකු ද සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය. එවැන්නෙකුගෙන් පැවතෙන අය දස වන පරම්පරාව දක්වා ම සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය. “අම්මොනිය ජාතිකයෙකු වත්, මෝවබ් ජාතිකයෙකු වත්, මොවුන්ගෙන් පැවත එන අය වත්, දස වන පරම්පරාවේ දී වත් සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය. ඔවුන් නොයා යුත්තේ, ඔබ මිසර දේශයෙන් නික්ම එන විට, මාර්ගයේ දී ඔබට ඔවුන් ආහාර පාන නුදුන් නිසාත්, ඔවුන් ඔබට විරුද්ධ ව සාප කරනු සඳහා මෙසොපොතාමියේ පෙතෝර් නගරයේ බෙයෝර්ගේ පුත් බාලාම් කුලියට ගත් නිසාත් ය. එහෙත්, දෙවි සමිඳාණන් වහන්සේ බාලාම්ට ඇහුම්කන් නුදුන් සේක. උන් වහන්සේ ඔබට ප්‍රේම කළ බැවින්, ඒ සාපය ආශීර්වාදයකට හැරෙවූ සේක. ඔබ දිවි ඇති තාක් ඔවුන්ගේ සෞභාග්‍යය සහ ශුභසිද්ධිය සඳහා කිසිවක් නොකළ යුතු ය. “ඒදොම් ජාතිකයෙකු, ඔබේ සහෝදරයෙකු බැවින්, ඒදොම් ජාතිකයෙකු හෙළා නොදැකිය යුතු ය. මිසර දේශයේ විදේශිකයෙකු මෙන් ඔබ විසූ බැවින් මිසර ජාතිකයෙකු හෙළා නොදැකිය යුතු ය. තුන් වන පරම්පරාවේ දී ඔවුන්ට ලැබෙන දරුවන් හට සමිඳාණන් වහන්සේගේ සභාවට යා හැකි ය.” “ඔබේ සතුරන්ට විරුද්ධ ව සටනට එළඹෙන විට, කඳවුරු තුළ හැම නපුරු ක්‍රියාවකින් වැළකී සිටිය යුතු ය. රාත්‍රියේ ධාතු මෝචනයෙන් අපවිත්‍ර වුණ යමෙකු කඳවුරෙන් පිටතට ගොස් ඊට නොපැමිණිය යුතු ය. සවස් කාලයේ දී ඔහු ජලයෙන් තමා සෝදාගත් පසු, ඉර බැස ගිය විට කඳවුර තුළට ඔහු ආපසු පැමිණිය යුතු ය.
ද්වීතීය කථාව 23:1-11 SNRV (Sinhala New Revised Version 2018)

ද්වීතීය කථාව 23:1-11 NIV (New International Version)
No one who has been emasculated by crushing or cutting may enter the assembly of the LORD. No one born of a forbidden marriage nor any of their descendants may enter the assembly of the LORD, not even in the tenth generation. No Ammonite or Moabite or any of their descendants may enter the assembly of the LORD, not even in the tenth generation. For they did not come to meet you with bread and water on your way when you came out of Egypt, and they hired Balaam son of Beor from Pethor in Aram Naharaim to pronounce a curse on you. However, the LORD your God would not listen to Balaam but turned the curse into a blessing for you, because the LORD your God loves you. Do not seek a treaty of friendship with them as long as you live. Do not despise an Edomite, for the Edomites are related to you. Do not despise an Egyptian, because you resided as foreigners in their country. The third generation of children born to them may enter the assembly of the LORD. When you are encamped against your enemies, keep away from everything impure. If one of your men is unclean because of a nocturnal emission, he is to go outside the camp and stay there. But as evening approaches he is to wash himself, and at sunset he may return to the camp.