දානියෙල් 2:17-30
දානියෙල් 2:17-30 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු දානියෙල් තම නිවසට ගොස්, තම මිතුරන් වූ හනනියාට ද මිෂායෙල්ට ද අසරියාට ද කරුණු සැල කළේ ය. බබිලෝනියේ සෙසු ප්‍රාඥයින් සමඟ තමා ද තම මිතුරන් වූ ඔවුන් ද මරා දමනු නො ලබන පිණිස, මේ අබිරහස සම්බන්ධයෙන් ස්වර්ගයේ දෙවියන්වහන්සේගේ දයානුකම්පාව යදින ලෙස දානියෙල් ඔවුන්ගෙන් උදක් ම ඉල්ලී ය. එදින රැයේ දර්ශනයකින් ඒ අබිරහස දානියෙල්ට එළිදරවු කෙරිණ. එවිට දානියෙල් ස්වර්ගයේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්, මෙසේ කීවේ ය: “දෙවියන්වහන්සේගේ නාමයට සදහට ම, සදාතනික ව ප්‍රශංසා වේවා. ප්‍රඥාවත්, බලයත් උන්වහන්සේගේ ය. උන්වහන්සේ කාල හා වකවානු වෙනස් කරන සේක. උන්වහන්සේ රජුන් පත් කරන සේක; රජුන් පහ කර දමන සේක. උන්වහන්සේ පඬිවරුනට ප්‍රඥාවත්, නැණවතුනට දැනගැන්මත් දෙන සේක. උන්වහන්සේ ගැඹුරු හා සැඟවුණු දෑ හෙළි කරන සේක්, අඳුරේ ඇති දෑ දන්නා සේක. ආලෝකය, උන්වහන්සේ සමඟ වාසය කරයි. මගේ පියවරුන්ගේ දෙවියන්වහන්ස, මම ඔබට ස්තූතියත්, ප්‍රශංසාවත් දෙන්නෙමි. ප්‍රඥාවත්, බලයත් ඔබ මට දුන් සේක. අප ඔබගෙන් ඉල්ලූ දේ ඔබ මට දැනගන්නට සැලසූ සේක. රජුගේ සිහිනය ඔබ අපට දැනගන්නට සැලසූ සේක.” ඉන්පසු දානියෙල්, අරියොක් වෙත ගියේ ය. බබිලෝනියේ ප්‍රාඥයින් මරා දැමීමට රජු විසින් පත් කරනු ලැබ සිටියේ ඔහු ය. ගොස්, ඔහු ඇමතූ දානියෙල්, “බබිලෝනියේ ප්‍රඥාවන්තයින් මරණයට පත් කරන්න එපා. රජු වෙත මා ගෙන යන්න. මම රජුට ඔහුගේ සිහිනයේ අර්ථය පහදා දෙන්නෙමි” යි කීවේ ය. එකල රජු ඉදිරියට වහා දානියෙල් කැඳවාගෙන ගිය අරියොක්, රජු අමතමින්, “රජතුමාගේ සිහිනයේ අර්ථය පෙන්වා දිය හැකි කෙනකු යූදා රටේ පිටුවහලුන් අතරේ මට හමු වුණා” යි කීවේ ය. බේල්ටෙෂසර් යනුවෙන් හැඳින්වුණු දානියෙල් ඇමතූ රජු, “මගේ සිහිනයේදී මා දුටු දෑ මට කියා, එහි අරුත් පහදා දෙන්නට ඔබට හැකි දැ?” යි ඇසී ය. දානියෙල් පිළිතුරු දෙමින්, “රජතුමා අසා ඇති අබිරහස පැහැදිලි කරන්නට සමත් පඬිවරයකු, මන්ත්‍රකරුවකු, ඉන්ද්‍රජාලිකයකු හෝ නක්ෂත්‍රඥයකු නැත. එහෙත්, අබිරහස් එළිදරවු කරන දෙවියන්වහන්සේ කෙනකු ස්වර්ගයෙහි සිටින සේක. මතු දවස්හි සිදු වන්නට යන දේ කවරේදැයි උන්වහන්සේ නෙබුකද්නෙසර් රජුට හෙළි කර ඇත. ඔබේ යහනෙහි ඔබ සැතපී සිටියදී, ඔබේ මනසේ ඇඳුණු ඔබේ සිහිනය හා දර්ශන මෙසේ ය; “අහෝ රජතුමනි, ඔබ ඔබේ යහනේ දිගා වී සිටියදී, ඔබේ සිතුවිලි, මෙයින් පසු සිදුවන දෑ වෙත හැරිණි. සිදු වන්නට යන දෑ කවරේදැයි අබිරහස් එළිදරවුකරුවාණන් ඔබට පෙන්වා දී ඇත. මේ අබිරහස මට එළිදරවු කරනු ලැබ ඇත්තේ, ජීවත් වන අනෙක් මිනිසුන්ට වඩා මහා ප්‍රඥාවක් මට ඇති නිසා නො වේ. අහෝ රජතුමනි, මෙහි අර්ථය ඔබ දැනගන්නා පිණිසත්, ඔබේ මනසේ මැවුණු දෑ කවරේදැයි ඔබ වටහා ගන්න පිණිසත් ය.
දානියෙල් 2:17-30 Sinhala Revised Old Version (SROV)
එකල දානියෙල් තමාගේ ගෙදරට ගොස්, තමාගේ සමාගම්කාරයන්වූ හනනියාටත් මීෂායෙල්ටත් අසරියාටත් ඒ කාරණය දන්වා, තමා සහ තමාගේ සමාගම්කාරයන් බබිලෝනියේ අනික් ශාස්ත්‍රවන්තයන් සමඟ විනාශ නොවන පිණිස, ඒ රහස ගැන ස්වර්ගයේ දෙවියන්වහන්සේගෙන් අනුකම්පාව ඉල්ලන්ට කීවේය. එවිට රාත්‍රියේ දර්ශනයකින් ඒ රහස දානියෙල්ට එළිදරව්විය. දානියෙල් ස්වර්ගයේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කෙළේය. දානියෙල් කථාකොට: දෙවියන්වහන්සේගේ නාමයට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාවේවා; මක්නිසාද ප්‍රඥාවත් බලයත් අයිති උන්වහන්සේටය. කාලවල්ද ප්‍රස්තාවල්ද වෙනස්කරන්නෙත් රජවරුන් පහකරන්නෙත් රජවරුන් පත්කරන්නෙත් ප්‍රඥාවන්තයන්ට ප්‍රඥාවද නුවණ ඇත්තන්ට දැනුමද දෙන්නෙත් උන්වහන්සේය. ගැඹුරුවූ රහස්වූ කාරණා එළිදරව්කරන්නෙත් අන්ධකාරයෙහි තිබෙන දේවල් දන්නෙත් උන්වහන්සේය, ආලෝකයද උන්වහන්සේ සමඟ වාසයකරන්නේය. මාගේ පියවරුන්ගේ දෙවියන්වහන්ස, ඔබ මට ප්‍රඥාවත් බලයත්දී, අප ඔබගෙන් විචාළ කාරණය දැන් මට දන්වාදුන් බැවින් ඔබට ස්තුතිකරමි, ප්‍රශංසාකරමි. මක්නිසාද ඔබවහන්සේ රජුගේ කාරණය අපට දැන්වූසේකැයි කීවේය. ඒ නිසා දානියෙල් බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් නැතිකරදමන්ට රජු විසින් පත්කරනු ලැබූ අරියොක් ළඟට ගොස් ඇතුල්වී, ඔහුට කථාකොට: බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් නැතිකර නොදමා, රජු ඉදිරියට මා පමුණුවන්න, ඒ අර්ථය රජුට පෙන්වමියි කීවේය. එකල අරියොක් තෙමේ දානියෙල් රජු ඉදිරියට ඉක්මනින් කැඳවාගෙන ගොස්, රජුට කථාකොට: යූදා රටෙන් අල්ලාගන ආ තැනැත්තන් අතරෙහි රජුට අර්ථය දන්වන මනුෂ්‍යයෙක් මට සම්බවීයයි කීවේය. රජ තෙමේ බේල්ටෙෂශර් නම්වූ දානියෙල්ට කථාකොට: මා විසින් දුටු ස්වප්නයත් එහි අර්ථයත් මට දන්වන්ට නුඹට පුළුවන්දැයි ඇසුවේය. දානියෙල් රජු ඉදිරියේ උත්තරදෙමින්: රජු විචාළ රහස රජුට පෙන්වන්ට ශාස්ත්‍රවන්තයන්ටවත් අනවිනකාරයන්ටවත් මන්ත්‍රකාරයන්ටවත් පේනකියන්නන්ටවත් නුපුළුවන; නුමුත් රහස් එළිදරව්කරන දෙවිකෙනෙක් ස්වර්ගයෙහි සිටිනසේක, උන්වහන්සේ මතු දවස්වල සිද්ධවෙන්ට තිබෙන කාරණා නෙබුකද්නෙශර් රජුට දන්වා තිබේ. ඔබගේ ස්වප්නයද ඔබගේ යහනේදී පැමුණුණ ඔබගේ හිසේ දර්ශනද මෙසේය: රජ්ජුරුවෙනි, ඔබට වූකලී, මින්මතු සිද්ධවෙන්ට තිබෙන කාරණා ගැන ඔබගේ යහනේදී සිතිවිලි හටගත්තේය. රහස් එළිදරව්කරන තැනන්වහන්සේ සිද්ධවෙන්ට තිබෙන කාරණා ඔබට දන්වා තිබේ. මටත් මේ රහස එළිදරව්වුණේ ජීවත්ව සිටින සියල්ලන්ට වඩා මට ප්‍රඥාව තිබෙන නිසා නොව, අර්ථය රජුට දන්වනු සඳහාත් ඔබගේ සිතේ සිතිවිලි ඔබ දැනගන්නා පිණිසත්ය.
දානියෙල් 2:17-30 Sinhala New Revised Version (NRSV)
එකල දානියෙල් ගෙදර ගොස් තමාගේ සහායකයන් වන හනනියාටත්, මිෂායෙල්ටත්, අසරියාටත් කරුණු සැළ කොට, ඔවුන් බබිලෝනියේ ශාස්ත්‍රවන්තයින් සමග විනාශ නො වන පිණිස, ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඔවුන්ට අනුකම්පා කොට, ඒ අබිරහස දන්වන ලෙස අයැදින්නට කීවේ ය. එදා රාත්‍රියේ දර්ශනයකින් ඒ අබිරහස දානියෙල්ට එළිදරව් විය. දානියෙල් ස්වර්ගයේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් මෙසේ කීවේ ය: “දෙවිඳුන්ගේ නාමයට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා වේ වා! මන්ද, ප්‍රඥාවත්, බලයත් එතුමන් සතු ය. කාලයන් ද අවස්ථාවන් ද වෙනස් කරන්නේත්, රජවරුන් පහ කරන්නේත්, පත් කරන්නේත්, පැණවතුන්ට දැනුම හා නැණවතුන්ට නුවණ දෙන්නේත් එතුමාණෝ ය. ගැඹුරු වූ අබිරහස් වූ දේ එළි කරන්නේත්, අඳුරේ ඇති දේ දන්නේත් එතුමාණෝ ය. ආලෝකය උන් වහන්සේ සිසාරා ඇත. මාගේ පියවරුන්ගේ දෙවිඳුනි, මා හට ඥාන ශක්තිය දුන් බැවින් ද අපේ යැදුමට සවන් දී රජුගේ පැනය ඔබ අපට පහදා දුන් බැවින් ද ඔබට මම තුති පැසසුම් කරමි.” එවිට දානියෙල් බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් නැසීමට රජතුමා පත් කළ අරියොක් වෙත ගොස්, “බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් විනාශ නොකරන්න; රජ්ජුරුවන් ඉදිරියට මා පමුණුවන්න; ස්වප්නයේ තේරුම මම රජතුමාට පෙන්වන්නෙමි”යි කී ය. එකල අරියොක් තෙමේ රජු ඉදිරියට දානියෙල් හනික කැඳවාගෙන ගොස්, “ජුදා රටෙන් අල්ලාගෙන ආ අය අතරෙහි, රජතුමාගේ සිහිනයේ තේරුම කියන්න පුළුවන් කෙනෙකු මට සම්බ වී ය”යි කී ය. රජතුමා බෙල්ටෙෂෙසර් නම් දානියෙල් අමතා, “මා දුටු ස්වප්නයත්, එහි තේරුමත් මට කියා දෙන්න ඔබට පුළුවන් දැ”යි ඇසී ය. දානියෙල් රජුට පිළිතුරු දෙමින් මෙසේ කී ය: “රජතුමා විමසා ඇති අබිරහස පහදාදීමට ශාස්ත්‍රවන්තයන්ටත්, අනවිනකාරයන්ට වත්, මන්ත්‍රකාරයන්ට වත්, පේන කියන්නන්ට වත් නොහැකි ය. එහෙත්, රහස් එළිදරව් කරන දෙවි කෙනෙක් ස්වර්ගයෙහි සිටින සේක. උන් වහන්සේ අනාගතයේ දී සිදු වන්න යන දේ නෙබුකද්නෙශර් රජුට හෙළි කර තිබේ. ඔබ යහනෙහි සැතපී සිටින විට ඔබේ හිසට නැඟුණු ස්වප්නය හා දර්ශනය මෙසේ ය: “රජතුමනි, ඔබ යහනෙහි සැතපී සිටින විට ඔබට ඇති වූයේ, අනාගතයේ දී සිදු වන්න යන දේ පිළිබඳ සිතුවිලි ය. රහස් එළිදරව් කරන තැනැන් වහන්සේ සිදු වන්න යන දේ ඔබට දන්වා තිබේ. මේ අබිරහස මටත් එළිදරව් වී ඇත්තේ ජීවත් වී සිටින සියල්ලන්ට වඩා මට ප්‍රඥාව තිබෙන නිසා නොව, ඔබේ ස්වප්නයේ තේරුම ඔබට දන්වන පිණිසත්, ඔබේ සිතේ ඇති සිතිවිලි ඔබ තේරුම්ගන්න පිණිසත් ය.”
දානියෙල් 2:17-30 New International Version (NIV)
Then Daniel returned to his house and explained the matter to his friends Hananiah, Mishael and Azariah. He urged them to plead for mercy from the God of heaven concerning this mystery, so that he and his friends might not be executed with the rest of the wise men of Babylon. During the night the mystery was revealed to Daniel in a vision. Then Daniel praised the God of heaven and said: “Praise be to the name of God for ever and ever; wisdom and power are his. He changes times and seasons; he deposes kings and raises up others. He gives wisdom to the wise and knowledge to the discerning. He reveals deep and hidden things; he knows what lies in darkness, and light dwells with him. I thank and praise you, God of my ancestors: You have given me wisdom and power, you have made known to me what we asked of you, you have made known to us the dream of the king.” Then Daniel went to Arioch, whom the king had appointed to execute the wise men of Babylon, and said to him, “Do not execute the wise men of Babylon. Take me to the king, and I will interpret his dream for him.” Arioch took Daniel to the king at once and said, “I have found a man among the exiles from Judah who can tell the king what his dream means.” The king asked Daniel (also called Belteshazzar), “Are you able to tell me what I saw in my dream and interpret it?” Daniel replied, “No wise man, enchanter, magician or diviner can explain to the king the mystery he has asked about, but there is a God in heaven who reveals mysteries. He has shown King Nebuchadnezzar what will happen in days to come. Your dream and the visions that passed through your mind as you were lying in bed are these: “As Your Majesty was lying there, your mind turned to things to come, and the revealer of mysteries showed you what is going to happen. As for me, this mystery has been revealed to me, not because I have greater wisdom than anyone else alive, but so that Your Majesty may know the interpretation and that you may understand what went through your mind.