දානියෙල් 12:1-13
දානියෙල් 12:1-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“එකල්හි ඔබේ ජනයා ආරක්ෂා කරන මහ අධිපතියා වන මිකායෙල් නැගිටිනු ඇත. ජාතීන් ඇරඹුණු තැන් පටන් ඒ දක්වාත් සිදු නො වූ තරමේ විපත්ති කාලයක් ඇති වන්නේ ය. එකල්හි ඔබේ ජනයා, පොතෙහි ලියැවී ඇති සියල්ලෝ, ගැලවෙනු ඇත. පොළොවේ ධූලියෙහි සැතපෙන සමූහයා පිබිදෙනු ඇත; ඇතමකු සදාතනික ජීවනයටත්, ඇතමකු සදාතනික පිළිකුලටත් ය. ප්‍රඥාවන්තයෝ ගුවන්තල දීප්තිය මෙන් ද බොහෝ දෙනකු දමිටුකමට මග පෙන්වන්නෝ තරු මෙන් සදහට, සදාතනික ව ද බබළන්නෝ ය. එහෙත් දානියෙල් ඔබ, පණිවුඩය වසා, අවසන් කාලය තෙක් පොත මුද්‍රා තබන්න. බොහෝ දෙනකු ඒ මේ අත යනු ඇත. දැනගැන්ම ද වර්ධනය වේ.” එවිට දානියෙල් වන මම බැලුවෙමි. එවිට මෙන්න! එහි මා ඉදිරියෙහි තවත් දෙදෙනෙක්! එක් කෙනකු ගං ඉවුරේ මෙගොඩ; එක් කෙනකු ඉවුරේ එගොඩ. හණ පිළි හැඳ, ගං ජලයට ඉහළින් සිටි මිනිසා ඇමතූ ඉන් කෙනෙක්, “මේ විස්මිත දෑ ඉටු වීමට තව කොතෙක් කල් ගත වේ දැ?” යි ඇසී ය. හණ පිළි හැඳ, ගං ජලයට ඉහළින් සිටි මිනිසා තම දකුණත ද වමත ද ස්වර්ගය දෙසට ඔසවා, සදහට ම වැඩ වසන තැනැන්වහන්සේ නමින් දිවුරමින්, මෙසේ කියනු මට ඇසිණි. “ඊට කාලයක් ද කාලයන් ද අඩ කාලයක් ද ගත වේ. ශුද්ධ වූ ජනයාගේ බලය බිඳිනු ලැබූ කල, මේ සියල්ල සම්පූර්ණ කෙරෙනු ඇතැ” යි පැවසී ය. මට එය ඇසුණු නමුත්, වැටහුනේ නැත. එබැවින් මම, “මා මැතිඳුනි, මේ සියල්ලෙහි ප්‍රතිඵලය වනු ඇත්තේ කුමක් දැ?” යි ඇසීමි. ඔහු පිළිතුරු දෙමින්, “දානියෙල්, ඔබ දැන් යන්න. අවසන් කාලය තෙක් පණිවුඩය වසා, මුද්‍රා තබා ඇත. බොහෝ දෙනකු නිර්මල වී, ශෝධනය වී පවිත්‍ර වනු ඇත. එහෙත් දුෂ්ටයින් දුෂ්ටකමෙහි ම නියැළෙනු ඇත. කිසිදු දුෂ්ටයකු වටහා ගන්නේ නැත; එහෙත් ප්‍රඥාවන්තයින් වටහා ගනු ඇත. “දිනපතා පූජාව අවලංගු කරනු ලැබ, බිහිසුණු පාළුව ගෙනෙන පිළිකුල පිහිටුවනු ලැබූ තැන් පටන් දවස් එක්දහස් දෙසීය අනූවක් වනු ඇත. අපේක්ෂාවෙන් යුතු ව බලා හිඳ, දවස් එක්දහස් තුන්සිය තිස්පහක කෙළවරට ළඟා වන්නා භාග්‍යවත් ය. “දැන් ඔබ අවසානය දක්වා ගමන් යන්න. ඔබ විවේකයට පිවිසෙනු ඇත. පසුව, ඔබට වෙන් කරන ලද උරුමය ලබන්නට අවසාන දවස්හි ඔබ නැගිටිනු ඇතැ” යි පැවසී ය.
දානියෙල් 12:1-13 Sinhala Revised Old Version (SROV)
ඒ කාලයේදී නුඹේ සෙනඟගේ පුත්‍රයන් උදෙසා සිටින උතුම් අධිපතියාවූ මීකායෙල් නැගිටින්නේය. ඒ වනාහි මනුෂ්‍ය ජාතියක් පැවති තැන් සිට ඒ කාලය දක්වා නොවූ ආකාර විපත්ති කාලයක් වන්නේය. ඒ කාලයේදී නුඹේ සෙනඟගෙන් පොතේ නම් ලියා තිබෙන සියල්ලෝ ගැළවෙන්නෝය. පොළොවේ ධූලියෙහි සැතපෙන්නන්ගෙන් බොහෝ දෙනෙක්, සමහරෙක් සදාකාල ජීවනයටත් සමහරෙක් නින්දාව සහ සදාකාල නීචකමටත්, පිබිද එන්නෝය. නුවණ ඇත්තෝ ආකාශයේ දීප්තිය මෙන්ද බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවාගන්නෝ තාරකාවන් මෙන්ද සදාකාලේටම බැබළෙන්නෝය. නුමුත්, දානියෙල්, නුඹ මේ වචන වසා, අන්තිම කාලය දක්වා පොත මුද්‍රකර තබන්න. බොහෝ දෙනෙක් එය කියවා බලනවා ඇත, දැනගැන්මද වැඩිවන්නේයයි කීවේය. එකල දානියෙල් වන මම බලා, තවත් දෙදෙනෙක්, එක්කෙනෙක් ගඟ මෙගොඩද එක්කෙනෙක් ගඟ එගොඩද, සිටිනවා දුටිමි. එවිට සිහින් හණ රෙදි ඇඳගන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයාට එක්කෙනෙක් කථාකොට: මේ අපූරු දේවල් තීන්දුවීමට කොපමණ කල් ගතවෙනවා ඇද්දැයි ඇසුවේය. එවිට හණ රෙදි ඇඳගන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයා තමාගේ දකුණතද වමතද අහස දෙසට ඔසවා, සදාකාලයටම ජීවත්වන තැනන්වහන්සේ ගැන දිවුරා: කාලයකටත් කාලවලටත් කාල භාගයකටත් එය පවතිනවා ඇත; ශුද්ධවන්ත සෙනඟගේ බලය විසිරවීම තීන්දුකළාම මේ සියල්ල තීන්දුවන්නේයයි කියනවා ඇසීමි. මම ඇසුවෙමි, නුමුත් තේරුම් නොගතිමි. එවිට මම: මාගේ ස්වාමිනි, මේ දේවල තීන්දුව කිමෙක්දැයි ඇසීමි. ඔහුද: දානියෙල්, නුඹ යන්න. මක්නිසාද අන්තිම කාලය දක්වා මේ වචන වසා මුදාකොට තිබේ. බොහෝ දෙනෙක් තමුන්ම ශුද්ධ පවිත්‍රකරගෙන පිරිසිදුවන්නෝය; දුෂ්ටයෝ දුෂ්ටකම්කරන්නෝය; දුෂ්ටයන්ගෙන් කිසිවෙක් තේරුම් නොගන්නෝය. නුමුත් නුවණ ඇත්තෝ තේරුම්ගනිති. දවස්පතා පූජාව පහකර පාළුකරන පිළිකුල පිහිටුවන කාලය පටන් එක්දාස් දෙසිය අනූ දවසක් වන්නේය. එක්දාස් තුන්සිය තිස්පස් දවස දක්වා බලාසිට, ඒ කාලයට පැමිණෙන තැනැත්තේ වාසනාවන්තයෙක්ය. නුඹ ගොස් අන්තිමය වන තුරු සිටින්න. නුඹ සැතපී දවස්වල අන්තිමයේදී නුඹේ කොටස [භුක්තිවිඳීමට] නැගිටින්නෙහියයි කීවේය.
දානියෙල් 12:1-13 Sinhala New Revised Version (NRSV)
ඒ මිනිසා තවදුරටත් මෙසේ කීවේ ය: ඒ කාලයේ දී, නුඹේ සෙනඟ භාර ව සිටින උතුම් අධිපතියා වන මිකායෙල් නැඟී සිටින්නේ ය. ඒ කාලය වනාහි, මනුෂ්‍ය ජාතිය ඇති වූ කාලය පටන් මේ දක්වා කිසි කලක නුවූ විරූ විපත්ති කාලයක් වන්නේ ය. එහෙත්, නුඹේ සෙනඟගෙන් පොතේ නම් ලියා ඇති සියල්ලන් ගැළවෙන්නේ ඒ කාලයේ දී ය. පොළොවේ ධූලියට සැතපෙන්නන්ගෙන් බොහෝ දෙනෙක්, සමහරෙක් සදාකාල ජීවනයටත්, සමහරෙක් නින්දාව හා සදාකාල පිළිකුලටත් පිබිද එන්නෝ ය. නුවණැති ජාතියේ නායකයෝ ආකාශයේ දීප්තිය මෙන් ද සෙනඟ හරි මඟ ගෙන ගිය අය තාරකාවන් මෙන් ද සදාකාලයට ම බැබළෙන්නෝ ය. “එහෙත් දානියෙල්, නුඹ මේ වචන රහසේ තබාගෙන අන්තිම කාලය දක්වා පොත මුද්‍රා කර තබන්න. බොහෝ දෙනෙකු කිසිවක් කර කියාගත නොහැකි ව ඒ මේ අත දුවනු ඇත. දඬුවම බරපතල වන්නේ ය.” එවිට දානියෙල් වන මම බැලූ විට, තවත් දෙදෙනෙකු සිටිනු දිටිමි. එක් කෙනෙකු ගඟෙන් මෙගොඩ ද එක් කෙනෙකු ගඟෙන් එගොඩ ද සිටිනු දිටිමි. එවිට සිහින් හණ රෙදි හැඳගෙන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයාට මම කතා කොට, “මේ අරුමපුදුම දේවල් තීන්දු වීමට කොපමණ කල් ගතවනු ඇද්දැ”යි ඇසුවෙමි. එවිට, හණ රෙදි හැඳගෙන ගඟේ උඩහින් සිටි මිනිසා සිය දකුණත ද වමත ද අහස දෙසට ඔසවා, සදහට ම ජීවත් වන තැනැන් වහන්සේගේ නමින් දිවුරා, “අවුරුදු තුනහමාරකට ඒවා පවතිනු ඇත. ශුද්ධවන්ත සෙනඟගේ බලය නැති වී ගිය පසු මේ සියල්ල ඉෂ්ට වන්නේ ය”යි කියනු ඇසීමි. මේ වචන මා ඇසූ නමුත්, තේරුම් නොගතිමි. එවිට මම කතා කරමින්, “මාගේ ස්වාමීනි, මේ සියල්ලේ ප්‍රතිඵල කුමක් වන්නේ දැ”යි ඇසීමි. ඔහු මෙසේ පිළිතුරු දුන්නේ ය: “දානියෙල්, නුඹ යන දිහාවට යන්න. මන්ද, මේ වචන රහසක් ව තබා අන්තිම කාලය දක්වා මුද්‍රා කොට තබා ඇත. බොහෝ දෙනෙක් තමන් ම ශුද්ධ පවිත්‍ර කරගෙන ධවල දීප්තියෙන් පිරිසිදු වන්නෝ ය. දුෂ්ටයෝ දුෂ්ටකමෙහි ම නියැලී සිටින්නෝ ය. ඔවුන්ගෙන් කිසිවෙක් තේරුම් නොගන්නෝ ය. එහෙත්, නුවණැති නායකයෝ පමණක් තේරුම්ගනිති. “දෛනික පූජා නතර කරනු ලැබ, බිහිසුණු දූෂිතය පිහිටුවනු ලබන කාලය පටන් එක්දාස් දෙසියඅනූ දවසක් ගත වන්නේ ය. එක්දාස් තුන්සිය තිස්පස් වන දවස දක්වා ජීවත් වන්නෝ වාසනාවන්තයෝ ය. “දානියෙල්, නුඹ දැන් ගොස් අන්තිමය වන තුරු විශ්වාසවන්ත ව සිටින්න. නුඹ සැතපී, දවස්වල අන්තිමයේ දී නුඹේ කොටස භුක්ති විඳීමට නැඟිටින්නෙහි ය”යි කීවේ ය.
දානියෙල් 12:1-13 New International Version (NIV)
“At that time Michael, the great prince who protects your people, will arise. There will be a time of distress such as has not happened from the beginning of nations until then. But at that time your people—everyone whose name is found written in the book—will be delivered. Multitudes who sleep in the dust of the earth will awake: some to everlasting life, others to shame and everlasting contempt. Those who are wise will shine like the brightness of the heavens, and those who lead many to righteousness, like the stars for ever and ever. But you, Daniel, roll up and seal the words of the scroll until the time of the end. Many will go here and there to increase knowledge.” Then I, Daniel, looked, and there before me stood two others, one on this bank of the river and one on the opposite bank. One of them said to the man clothed in linen, who was above the waters of the river, “How long will it be before these astonishing things are fulfilled?” The man clothed in linen, who was above the waters of the river, lifted his right hand and his left hand toward heaven, and I heard him swear by him who lives forever, saying, “It will be for a time, times and half a time. When the power of the holy people has been finally broken, all these things will be completed.” I heard, but I did not understand. So I asked, “My lord, what will the outcome of all this be?” He replied, “Go your way, Daniel, because the words are rolled up and sealed until the time of the end. Many will be purified, made spotless and refined, but the wicked will continue to be wicked. None of the wicked will understand, but those who are wise will understand. “From the time that the daily sacrifice is abolished and the abomination that causes desolation is set up, there will be 1,290 days. Blessed is the one who waits for and reaches the end of the 1,335 days. “As for you, go your way till the end. You will rest, and then at the end of the days you will rise to receive your allotted inheritance.”