ආමොස් 2:14-16 - Compare All Versions
ආමොස් 2:14-16 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ජව-වේග ඇත්තන් පලා යෑමේදී වැනසේ. ශක්තිමත්වූවන්ට තම සවිය වඩවා ගත නො හැක; ප්‍රබලයින් තම දිවි ගලවා නො ගනී. දුනුවායා නැගී සිටගන්නේ නැත. ශීඝ්‍ර ගමන් හේවායා තමා ගලවා නො ගනී. අසරුවා ද තම දිවි ගලවා ගන්නේ නැත. ප්‍රබලයින් අතරේ හදවතින් අභීතයින් පවා ඒ දවසේ නිර්වස්ත්‍ර ව පලා දුවනු ඇතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
ආමොස් 2:14-16 SROV (Sinhala Revised Old Version)
එබැවින් පලායාම ශීඝ්‍ර අයගෙන් නැතිවන්නේය, බලවත් අයද තමාගේ ශක්තිය වැඩිකරගන්නේවත් බලවතා තමාගේ ප්‍රාණය ගළවාගන්නේවත් නැත. දුනුවායා සිටින්නේවත් ශීඝ්‍ර පාද ඇත්තා ගැළවීයන්නේවත් අශ්වයා පිට නැගීයන්නා තමාගේ ප්‍රාණය ගළවාගන්නේවත් නැත. බලවතුන් අතරෙහි ධෛර්ය සිතක් ඇති අයද ඒ දවසේ නිර්වස්ත්‍රව පලායන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ආමොස් 2:14-16 NRSV (Sinhala New Revised Version)
ශීඝ්‍රයෙන් දුවන්නට හැකි අයට වත් බේරෙන්න බැරි වේ; සවිශක්තිය ඇති අයගේ ශක්තිය ද නැති වේ; හේවායන්ට තමන්ගේ දිවි රැකගන්න ද නොහැකි වේ. දුනුවායාට නොවැටී සිටින්න වත්, ශීඝ්‍රයෙන් දුවන්නන්ට ගැළවී යන්න වත්, අසරුවන්ට දිවි බේරාගන්න වත් නොහැකි වේ. හේවායන්ගෙන් ඉතා වීරවන්ත අය වුව ද ඒ දවසේ දී නග්න ව පලා යන්නෝ ය.” මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.
ආමොස් 2:14-16 SNRV (Sinhala New Revised Version 2018)
ශීඝ්‍රයෙන් දුවන්නට හැකි අයට වත් බේරෙන්න බැරි වේ; සවිශක්තිය ඇති අයගේ ශක්තිය ද නැති වේ; හේවායන්ට තමන්ගේ දිවි රැකගන්න ද නොහැකි වේ. දුනුවායාට නොවැටී සිටින්න වත්, ශීඝ්‍රයෙන් දුවන්නන්ට ගැළවී යන්න වත්, අසරුවන්ට දිවි බේරාගන්න වත් නොහැකි වේ. හේවායන්ගෙන් ඉතා වීරවන්ත අය වුව ද ඒ දවසේ දී නග්න ව පලා යන්නෝ ය.” මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.
ආමොස් 2:14-16 NIV (New International Version)
The swift will not escape, the strong will not muster their strength, and the warrior will not save his life. The archer will not stand his ground, the fleet-footed soldier will not get away, and the horseman will not save his life. Even the bravest warriors will flee naked on that day,” declares the LORD.