ක්‍රියා 9:22-23 - Compare All Versions
ක්‍රියා 9:22-23 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් සාවුල්, කතාවේ වඩ වඩා බලවත් වෙමින්, යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ ම වග සනාථ කරමින් දමස්කයේ විසූ යුදෙව්වරුන් නිරුත්තර කළේ ය. මෙසේ කලක් ගත වූ පසු සාවුල් මරා දැමීමට යුදෙව්වරු කුමන්ත්‍රණ කළහ.
ක්‍රියා 9:22-23 SROV (Sinhala Revised Old Version)
නුමුත් සාවුල් වඩ වඩා බලවත්ව, මුන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි ඔප්පුදෙමින්, දමස්කයෙහි විසූ යුදෙව්වරුන් වියවුල් කෙළේය. බොහෝ දවස් ගිය කල, යුදෙව්වරු ඔහු මරන්ට මන්ත්‍රණයකළෝය.
ක්‍රියා 9:22-23 NRSV (Sinhala New Revised Version)
එහෙත් සාවුල් වඩ වඩා බලසම්පන්න ව, ඒ ජේසුස් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ ම යයි ඔප්පු කරමින්, දමස්කයෙහි විසූ ජුදෙව්වරුන් නිරුත්තර කෙළේ ය. කලක් ගත වූ පසු, ජුදෙව්වරු ඔහු මරන්නට කුමන්ත්‍රණ කළහ.
ක්‍රියා 9:22-23 SNRV (Sinhala New Revised Version 2018)
එහෙත් සාවුල් වඩ වඩා බලසම්පන්න ව, ඒ ජේසුස් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ ම යයි ඔප්පු කරමින්, දමස්කයෙහි විසූ ජුදෙව්වරුන් නිරුත්තර කෙළේ ය. කලක් ගත වූ පසු, ජුදෙව්වරු ඔහු මරන්නට කුමන්ත්‍රණ කළහ.
ක්‍රියා 9:22-23 NIV (New International Version)
Yet Saul grew more and more powerful and baffled the Jews living in Damascus by proving that Jesus is the Messiah. After many days had gone by, there was a conspiracy among the Jews to kill him