ක්‍රියා 9:22-23
ක්‍රියා 9:22-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් සාවුල්, කතාවේ වඩ වඩා බලවත් වෙමින්, යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ ම වග සනාථ කරමින් දමස්කයේ විසූ යුදෙව්වරුන් නිරුත්තර කළේ ය. මෙසේ කලක් ගත වූ පසු සාවුල් මරා දැමීමට යුදෙව්වරු කුමන්ත්‍රණ කළහ.
බෙදාගන්න
ක්‍රියා 9 කියවන්නක්රියා 9:22-23 Sinhala Revised Old Version (SROV)
නුමුත් සාවුල් වඩ වඩා බලවත්ව, මුන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි ඔප්පුදෙමින්, දමස්කයෙහි විසූ යුදෙව්වරුන් වියවුල් කෙළේය. බොහෝ දවස් ගිය කල, යුදෙව්වරු ඔහු මරන්ට මන්ත්‍රණයකළෝය.
බෙදාගන්න
ක්‍රියා 9 කියවන්නක්රියා 9:22-23 Sinhala New Revised Version (NRSV)
එහෙත් සාවුල් වඩ වඩා බලසම්පන්න ව, ඒ ජේසුස් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ ම යයි ඔප්පු කරමින්, දමස්කයෙහි විසූ ජුදෙව්වරුන් නිරුත්තර කෙළේ ය. කලක් ගත වූ පසු, ජුදෙව්වරු ඔහු මරන්නට කුමන්ත්‍රණ කළහ.
බෙදාගන්න
ක්‍රියා 9 කියවන්න