ක්‍රියා 7:17-19
ක්‍රියා 7:17-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉටු කිරීමේ කාලය ආසන්න වෙත් ම, ඊජිප්තුව තුළ වූ අපේ ජන සංඛ්‍යාව අධික ව වර්ධන වූ අතර, ‘යෝසෙප් පිළිබඳ අවබෝධයක් නැති වෙනත් රජෙක් ඊජිප්තුවේ රජකමට පත් වූයේ ය.’ ඔහු අපේ ජනතාවට එරෙහිව කූට උපා යොදමින්, ඔවුන්ගේ බිළිඳු දරුවන් ජීවත් නො වන පිණිස ඔවුන් ගෙවලින් පිටත දමන ලෙස බල කරමින්, අපේ පියවරුනට කුරිරුකම් කළේ ය.
ක්‍රියා 7:17-19 Sinhala Revised Old Version (SROV)
නුමුත් දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දුවේ කාලය ළංවී, යෝසෙප් නොහඳුනන අන් රජෙක් මිසරය කෙරෙහි පැමිණෙන තුරු සෙනඟ මිසරයෙහි වැඩී බොහෝ වූවෝය. හෙතෙම අපේ ජාතියට විරුද්ධව උපා යොදා තමුන්ගේ ළදරුවන් ජීවත් නොවන පිණිස ඔවුන් අහක දමන ලෙස අපගේ පියවරුන්ට පීඩා කෙළේය.
ක්‍රියා 7:17-19 Sinhala New Revised Version (NRSV)
“දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉටු කිරීමේ කාලය ළංවෙත් ම, අපේ ජනයා මිසරයෙහි වැඩී වර්ධනය වූ හ. එකල ජෝසෙප් ගැන නොදත් අන් රජෙක් මිසරයේ රජකමට පත් විය. ඔහු අප ජාතියට විරුද්ධ ව යටිඋගුල් අටවා, අපගේ ළදරුවන් මැරී යන ලෙස පිටතට දමන්නට අපගේ පියවරුන්ට බල කෙළේ ය.
ක්‍රියා 7:17-19 Sinhala New Revised Version 2018 (SNRV)
“දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉටු කිරීමේ කාලය ළංවෙත් ම, අපේ ජනයා මිසරයෙහි වැඩී වර්ධනය වූ හ. එකල ජෝසෙප් ගැන නොදත් අන් රජෙක් මිසරයේ රජකමට පත් විය. ඔහු අප ජාතියට විරුද්ධ ව යටිඋගුල් අටවා, අපගේ ළදරුවන් මැරී යන ලෙස පිටතට දමන්නට අපගේ පියවරුන්ට බල කෙළේ ය.
ක්‍රියා 7:17-19 New International Version (NIV)
“As the time drew near for God to fulfill his promise to Abraham, the number of our people in Egypt had greatly increased. Then ‘a new king, to whom Joseph meant nothing, came to power in Egypt.’ He dealt treacherously with our people and oppressed our ancestors by forcing them to throw out their newborn babies so that they would die.