ක්‍රියා 28:7-10
ක්‍රියා 28:7-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දූපත් නායක පබ්ලියස්ට අයත් වතු යායක් ඒ අසල තිබිණි. තම නිවසට අප පිළිගත් ඔහු දවස් තුනක් අපට ආගන්තුක සත්කාර කළේ ය. ඔහුගේ පියා උණෙන් හා අතීසාරයෙන් පෙළෙමින් ඔත්පළ ව සිටියේ ය. පාවුල් ඔහු සිටි තැනට ගොස්, යාච්ඤා කර, ඔහු පිට අත් තබා, ඔහු සුව කළේ ය. එය සිදු වූ පසු දිවයිනේ සෙසු රෝගීහු ද පැමිණියාහු සුව කරන ලදහ. ඔවුහු අපට බොහෝ ගරු සත්කාර කළහ. අප යළි යාත්‍රා කරන්නට සූදානම් වූ කල, අපට අවශ්‍ය දෑ ඔවුහු නැවට පැටවූහ.
ක්‍රියා 28:7-10 Sinhala Revised Old Version (SROV)
ඒ දිවයිනට ප්‍රධානියාවූ පබ්ලියස් හට අයිති ඉඩම් ඒ අසල තිබුණේය. ඔහු අප පිළිගෙන, තුන් දවසක් ආදරයෙන් අපට ආගන්තුක සත්කාරකෙළේය. තවද පබ්ලියස්ගේ පියා උණෙන් සහ රක්තාතිසාරයෙන් පීඩිතව ඔත්පළව උන්නේය. පාවුල් ඔහු උන් තැනට ගොස් යාච්ඤාකොට, ඔහු පිට අත් තබා, ඔහු සුවකෙළේය. මෙය සිදුවූ කල දිවයිනේ ලෙඩ ඇති අනික් අයද පැමිණ සුවකරනු ලැබුවෝය. ඔව්හු අපට බොහෝ ගරුනම්බුකොට, අප පිටත්ව යන කල අපට වුවමනාදේ නැවේ පැටෙවුවෝය.
ක්‍රියා 28:7-10 Sinhala New Revised Version (NRSV)
ඒ දිවයිනේ ප්‍රධානියා වූ පබ්ලියස් හට අයිති ඉඩම් ඒ අසල තිබුණේ ය. ඔහු අප පිළිගෙන තුන් දවසක් ආදරයෙන් අපට ආගන්තුක සත්කාර කෙළේ ය. තවද පබ්ලියස්ගේ පියා උණෙන් සහ අතීසාරයෙන් පෙළෙමින් ඔත්පල ව සිටියේ ය. පාවුලු ඔහු උන් තැනට ගොස් යාච්ඤා කොට, ඔහු පිට අත් තබා, ඔහු සුව කෙළේ ය. මෙය සිදු වූ කල දිවයිනේ අනෙක් රෝගීහු ද පැමිණ සුව කරනු ලැබූ හ. ඔව්හු අපට බොහෝ ගරු සම්මාන කොට, අප පිටත් ව යන කල අපට වුවමනා දේ නැවේ පැටෙව්වෝ ය.
ක්‍රියා 28:7-10 Sinhala New Revised Version 2018 (SNRV)
ඒ දිවයිනේ ප්‍රධානියා වූ පබ්ලියස් හට අයිති ඉඩම් ඒ අසල තිබුණේ ය. ඔහු අප පිළිගෙන තුන් දවසක් ආදරයෙන් අපට ආගන්තුක සත්කාර කෙළේ ය. තවද පබ්ලියස්ගේ පියා උණෙන් සහ අතීසාරයෙන් පෙළෙමින් ඔත්පල ව සිටියේ ය. පාවුලු ඔහු උන් තැනට ගොස් යාච්ඤා කොට, ඔහු පිට අත් තබා, ඔහු සුව කෙළේ ය. මෙය සිදු වූ කල දිවයිනේ අනෙක් රෝගීහු ද පැමිණ සුව කරනු ලැබූ හ. ඔව්හු අපට බොහෝ ගරු සම්මාන කොට, අප පිටත් ව යන කල අපට වුවමනා දේ නැවේ පැටෙව්වෝ ය.
ක්‍රියා 28:7-10 New International Version (NIV)
There was an estate nearby that belonged to Publius, the chief official of the island. He welcomed us to his home and showed us generous hospitality for three days. His father was sick in bed, suffering from fever and dysentery. Paul went in to see him and, after prayer, placed his hands on him and healed him. When this had happened, the rest of the sick on the island came and were cured. They honored us in many ways; and when we were ready to sail, they furnished us with the supplies we needed.