ක්‍රියා 27:14-15 - Compare All Versions
ක්‍රියා 27:14-15 SCV (සිංහල කාලීන පරිවර්තනය)
වැඩි වේලාවක් යන්නට මත්තෙන්, යූරකුලෝ නමින් හැඳින්වෙන චණ්ඩ මාරුතය ගොඩ බිම දෙසින් ගසා හමන්නට වන්නේ ය; නැව කුණාටුවට හසුවූයෙන්, එය සුළං අතට හරවා ගැනීමට බැරි විය. එබැවින් ඒ ප්‍රයත්නය අත් හළ විට අප ගසා ගෙන යැවිණ.
ක්‍රියා 27:14-15 SROV (Sinhala Revised Old Version)
නුමුත් මඳ වේලාවකින් එව්රකුලොන් නම් කුණාටු-හුළඟක් එතැනින් හැමුවේය. නැව ඊට අසුවී හුළඟ ඉදිරියට යන්ට බැරිවූ බැවින්, හුළඟට ගහගන යන්ට ඉඩ හැරියෙමුව.
ක්‍රියා 27:14-15 NRSV (Sinhala New Revised Version)
එහෙත් නොබෝ වේලාවකින් ‘එව්රකුලොන්, නම් චණ්ඩ මාරුතයක් දිවයින හරහා හැමුවේ ය. නැව ඊට අසු වී, සුළඟට මුහුණ පා යන්නට බැරි වූ බැවින්, අපි එය සුළඟට ගසාගෙන යන්නට ඉඩ හැරියෙමු.
ක්‍රියා 27:14-15 SNRV (Sinhala New Revised Version 2018)
එහෙත් නොබෝ වේලාවකින් ‘එව්රකුලොන්, නම් චණ්ඩ මාරුතයක් දිවයින හරහා හැමුවේ ය. නැව ඊට අසු වී, සුළඟට මුහුණ පා යන්නට බැරි වූ බැවින්, අපි එය සුළඟට ගසාගෙන යන්නට ඉඩ හැරියෙමු.
ක්‍රියා 27:14-15 NIV (New International Version)
Before very long, a wind of hurricane force, called the Northeaster, swept down from the island. The ship was caught by the storm and could not head into the wind; so we gave way to it and were driven along.