ක්‍රියා 11:11-14
ක්‍රියා 11:11-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“කායිසාරියේ සිට මා වෙත එවනු ලැබූ මිනිසුන් තිදෙනෙක්, ඔන්න එවෙලේම අප සිටි ගේ දොරකඩට ම ඇවිත් නැවතුණා. ‘ඔවුන් සමඟ යෑමට නො පැකිළෙන්නැ’ යි ආත්මයාණන්වහන්සේ මට කීවා. මෙම සහෝදරයින් හයදෙනා ද මා සමඟ ගමනට සහභාගි වුණා. මෙසේ අප ඒ මිනිසාගේ ගෙදරට ඇතුළු වුණා. එවිට ඔහු තම නිවසේදී දේව දූතයකු තමාට පෙනුන හැටිත්, ‘යොප්පාවට පණිවුඩකරුවන් යවා පේතෘස් නමින් හඳුන්වන සීමොන් කැඳවන්න; ඔබටත්, ඔබ ගෙයි වැසියන් හැමටත් ගැලවීම සලසන පුවතක් ඔහු ඔබ වෙත ගෙනෙනු ඇතැ’ යි පැවසූ අයුරුත් අපට විස්තර කළා.
ක්‍රියා 11:11-14 Sinhala Revised Old Version (SROV)
තවද එවේලේම කායිසාරියෙන් මා ළඟට එවනලද මනුෂ්‍යයෝ තුන්දෙනෙක් අප උන් ගෙය ඉදිරියෙහි සිටියෝය. ආත්මයාණන්වහන්සේද, ප්‍රභේදයක් නොකොට ඔවුන් සමඟ යන ලෙස මට අණකළසේක. මේ සහෝදරයන් සදෙනාත් මා සමඟ ගියෝය; අපි ඒ මනුෂ්‍යයාගේ ගෙට ඇතුල්වුණෙමුව. එවිට ඔහු තමාගේ ගෙයි දේවදූතයා සිටිනවා දුටු හැටිත්, යොප්පාවට මනුෂ්‍යයන් යවා පේතෘස් නම්ලත් සීමොන් කැඳවන්න, ඔහු වනාහි නුඹ සහ නුඹේ ගෙයි වැසි සියල්ලන්ද ගැළවීමට පමුණුවන්නාවූ වචන නුඹට කියන්නේයයි තමාට කී බවත් අපට දැන්වූයේය.
ක්‍රියා 11:11-14 Sinhala New Revised Version (NRSV)
“එවේලෙහි ම කායිසාරියෙන් මා වෙත එවන ලද මිනිස්සු තුන් දෙනෙක් මා විසූ නිවෙස ඉදිරියෙහි සිටියහ. ආත්මයාණන් වහන්සේ ද, සැකයක් නැති ව ඔවුන් සමඟ යන ලෙස මට අණ කළ සේක. මේ සහෝදරයන් සදෙනාත් මා සමඟ ගියහ. අපි කොර්නේලියස්ගේ ගෙදරට ඇතුළු වීමු. එවිට ඔහු, තමාගේ ගෙයි දේව දූතයා සිටිනු දුටු හැටිත්, ‘ජොප්පාවට මිනිසුන් යවා පේදුරු නම් ලත් සීමොන් කැඳවන්න; ඔහු වනාහි ඔබ සහ ඔබේ ගෙදර සියල්ලන්ගේ ද, ගැළවීම සලසා දෙන දහම ඔබට දෙසන්නේ ය’යි තමාට කී හැටිත් අපට දැන්වී ය.
ක්‍රියා 11:11-14 Sinhala New Revised Version 2018 (SNRV)
“එවේලෙහි ම කායිසාරියෙන් මා වෙත එවන ලද මිනිස්සු තුන් දෙනෙක් මා විසූ නිවෙස ඉදිරියෙහි සිටියහ. ආත්මයාණන් වහන්සේ ද, සැකයක් නැති ව ඔවුන් සමඟ යන ලෙස මට අණ කළ සේක. මේ සහෝදරයන් සදෙනාත් මා සමඟ ගියහ. අපි කොර්නේලියස්ගේ ගෙදරට ඇතුළු වීමු. එවිට ඔහු, තමාගේ ගෙයි දේව දූතයා සිටිනු දුටු හැටිත්, ‘ජොප්පාවට මිනිසුන් යවා පේදුරු නම් ලත් සීමොන් කැඳවන්න; ඔහු වනාහි ඔබ සහ ඔබේ ගෙදර සියල්ලන්ගේ ද, ගැළවීම සලසා දෙන දහම ඔබට දෙසන්නේ ය’යි තමාට කී හැටිත් අපට දැන්වී ය.
ක්‍රියා 11:11-14 New International Version (NIV)
“Right then three men who had been sent to me from Caesarea stopped at the house where I was staying. The Spirit told me to have no hesitation about going with them. These six brothers also went with me, and we entered the man’s house. He told us how he had seen an angel appear in his house and say, ‘Send to Joppa for Simon who is called Peter. He will bring you a message through which you and all your household will be saved.’