2 සාමුවෙල් 8:9-14
2 සාමුවෙල් 8:9-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දාවිත්, හදද්එසෙර්ගේ මුළු හමුදාව පරාජය කර ඇති වග, හමාත්හි රජු වූ තොයීට අසන්නට ලැබිණ. එකල තොයී තම පුත් යෝරාම්, හදද්එසෙර් හා සටනේදී ලද ජය පිළිබඳ දාවිත්ට ආචාර කරන්නට හා සුබ පතන්නට දාවිත් රජු වෙත ඔහු යැවී ය. මන්ද හදද්එසෙර් හා තොයී අතර යුද්ධ පැවතිණි. යෝරාම් තමා සමඟ රිදී, රන් හා ලෝකඩ භාණ්ඩ ගෙන ගියේ ය. දාවිත් රජු එම භාණ්ඩ සියල්ල තමා විසින් යටත් කළ සියලු ජාතීන්ගෙන් ගත් රිදී හා රන් සමඟ ස්වාමින්වහන්සේට කැප කළේ ය. ඒවා ගන්නා ලද්දේ ඒදොම්, මෝවබ්, අම්මොන්වරුන්, පිලිස්තිවරුන් හා අමලෙක් වෙතිනි. රෙහොබ්ගේ පුත්‍ර සෝබාහි රජු වූ හදද්එසෙර්ගෙන් ගත් කොල්ලය ද ඔහු කැප කළේ ය. ලුණු මිටියාවතේදී ඒදොම්වරුන් දහඅට දහසක් ගසා හෙළා, ආපසු පැමිණි කල, දාවිත් ප්‍රසිද්ධියට පත් විය. ඔහු ඒදොම්හි ආරක්ෂක සේනාංක රැඳවී ය; ඒදොම් මුළුල්ලේ ඔහු ආරක්ෂක සේනාංක රැඳ වූ අතර සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවන් වූහ. දාවිත් ගිය හැම තැනකදී ම ස්වාමින්වහන්සේ ඔහුට ජය අත්පත් කර දුන් සේක.
2 සාමුවෙල් 8:9-14 Sinhala Revised Old Version (SROV)
දාවිත් හදද්එසෙර්ගේ මුළු සේනාවට පහරදුන් බව හමාත්හි රජවූ තොයි අසා, දාවිත් එසේ හදද්එසෙර්ට විරුද්ධව සටන්කොට ඔහුට පහරදුන් නිසා දාවිත්ට ආචාරකරන්ටත් ඔහුට ආශීර්වාදකරන්ටත් ඔහු වෙතට තමාගේ පුත්‍රවූ යෝරාම් එවුවේය. මක්නිසාද හදද්එසෙර් සහ තොයි අතරේ යුද්ධ පැවතුණේය. යෝරාම් රිදී බඩුද රන් බඩුද පිත්තල බඩුද ගෙනාවේය. දාවිත් රජ යටත්කරගත් සියලු ජාතීන් වන සිරියවරුන්ගෙන්ද මෝවබ්වරුන්ගෙන්ද අම්මොන් පුත්‍රයන්ගෙන්ද පිලිස්තිවරුන්ගෙන්ද අමලෙක්වරුන්ගෙන්ද රෙහෝබ්ගේ පුත්‍රයාවූ ශෝබාහි රජවූ හදද්එසෙර්ගෙන් ගත් කොල්ලයෙන්ද කැපකළාවූ රන් රිදී සමඟ ඒවාත් ස්වාමීන්වහන්සේට කැපකළේය. දාවිත් ලුණු මිටියාවතේදී සිරියවරුන්ගෙන් දහඅට දාහකට පහර දී හැරී ආ කල ඔහු කීර්තිමත්වුණේය. ඔහු ඒදොම්හි හැම තැනම මුරකාර සමුදාවල් තැබුවේය, සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූවෝය. දාවිත් ගිය ගිය තැනදී ස්වාමීන්වහන්සේ ඔහුට ජයදුන්සේක.
2 සාමුවෙල් 8:9-14 Sinhala New Revised Version (NRSV)
දාවිත්, හදද්-එශෙර්ගේ මුළු සේනාවට පහර දුන් බව හමාත්හි රජු වන තොයි ඇසූ විට, දාවිත් එසේ හදද්-එශෙර්ට විරුද්ධ ව සටන් කොට ඔහුට පහර දුන් නිසා දාවිත්ට ආචාර කරන්නටත්, ඔහුට ආශීර්වාද කරන්නටත් ඔහු වෙත තමාගේ පුත් ජෝරාම් යැව්වේ ය. මන්ද, හදද්-එශෙර් හා තොයි අතරේ යුද්ධ පැවතුණේ ය. ජෝරාම් රන් බඩු ද රිදී බඩු ද ලෝකඩ බඩු ද ගෙනාවේ ය. මේවා ද දාවිත් රජු යටත් කරගත් සියලු ජාතීන්ගෙන් ගත් රන් රිදී ද ඔහු සමිඳාණන් වහන්සේට කැප කෙළේ ය. ඔහු ඒ රන් රිදී ගත්තේ, ඒදොම්වරුන්ගෙන් ද මෝවබ්වරුන්ගෙන් ද අම්මොන්වරුන්ගෙන් ද පිලිස්තිවරුන්ගෙන් ද අමලෙක්වරුන්ගෙන් ද රෙහෝබ්ගේ පුත් ශෝබාහි රජ වූ හදද්-එශෙර්ගෙන් ද ගත් කොල්ලයෙන් වේ. දාවිත් ලුණු මිටියාවතෙහි ඒදොම්වරුන්ගෙන් දහඅට දාහකට පහර දී, හැරී ආ කල ඔහු කීර්තියට පත් විය. ඔහු ඒදොම්හි හැම තැන ම මුරකාර හමුදා තැබුවේ ය. සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූ හ. දාවිත් ගිය ගිය තැන්හි සමිඳාණන් වහන්සේ ඔහුට ජය අත් කර දුන් සේක.
2 සාමුවෙල් 8:9-14 Sinhala New Revised Version 2018 (SNRV)

2 සාමුවෙල් 8:9-14 New International Version (NIV)
When Tou king of Hamath heard that David had defeated the entire army of Hadadezer, he sent his son Joram to King David to greet him and congratulate him on his victory in battle over Hadadezer, who had been at war with Tou. Joram brought with him articles of silver, of gold and of bronze. King David dedicated these articles to the LORD, as he had done with the silver and gold from all the nations he had subdued: Edom and Moab, the Ammonites and the Philistines, and Amalek. He also dedicated the plunder taken from Hadadezer son of Rehob, king of Zobah. And David became famous after he returned from striking down eighteen thousand Edomites in the Valley of Salt. He put garrisons throughout Edom, and all the Edomites became subject to David. The LORD gave David victory wherever he went.