2 සාමුවෙල් 3:13
2 සාමුවෙල් 3:13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දාවිත් පිළිතුරු දෙමින්, “අගෙයි. මා ඔබ සමඟ ගිවිසුමකට එන්නම්. හැබැයි එක් කොන්දේසියක් මතයි. නුඹ මා හමුවට එන කල, සාවුල්ගේ දියණිය වූ මීකල් නුඹ සමඟ කැඳවාගෙන මිස, නුඹ මගේ මුහුණ දකින්නට නො ආ යුතු යැ” යි කීවේ ය.
2 සාමුවෙල් 3:13 Sinhala Revised Old Version (SROV)
දාවිත්ද කථාකොට: යහපත; මම නුඹ සමඟ ගිවිසුමක් කරන්නෙමි. නුමුත් නුඹ විසින් එක දෙයක් කළ යුතුය, එනම් නුඹ මා දකින්ට එන විට පළමුකොට සාවුල්ගේ දූවූ මීඛල් කැඳවාගන එන්ට ඕනෑය, නැත්නම් නුඹ මාගේ මුහුණ නොදක්නෙහියයි කීවේය.
2 සාමුවෙල් 3:13 Sinhala New Revised Version (NRSV)
දාවිත් පිළිතුරු දෙමින්, “යහපත, මම ඔබ සමඟ ගිවිසුමක් කරන්නෙමි. හැබැයි, ඔබ එක දෙයක් කළ යුතු ය; එනම්, ඔබ මා බලන්නට එන විට පළමු කොට සාවුල්ගේ දුව වන මීකල් කැඳවාගෙන ආ යුතු ය; එසේ නොකළොත්, මාගේ මුහුණ නොදකින්නෙහි ය”යි කී ය.
2 සාමුවෙල් 3:13 Sinhala New Revised Version 2018 (SNRV)