2 සාමුවෙල් 14:19-24

2 සාමුවෙල් 14:19-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)

රජු කතා කරමින්, “මේ හැම දේ සමඟ ඔබට පිටුපසින් ඇත්තේ යෝවාබ්ගේ අත නො වේ දැ?” යි ඇසී ය. කාන්තාව පිළිතුරු දෙමින්, “මගේ ස්වාමියා වන රජ්ජුරුවනි, ඔබතුමා ජීවත් වන්නා සේ ම මගේ ස්වාමියා වන රජ්ජුරුවන් කී දෙයින් දකුණට හෝ වමට හෝ හැරෙන්නට කිසිවකුටත් නුපුළුවන. සැබවින් ම මෙසේ කිරීමට මට උපදෙස් දුන්නේත්, ඔබේ සේවිකාවගේ මුවට මේ සියලු වචන දුන්නේත් ඔබේ සේවක යෝවාබ් ය. ඔබේ සේවක යෝවාබ් මෙසේ කළේ පවතින තත්වය වෙනස් කරන පිණිස ය. දෙවියන්වහන්සේගේ දූතයකුගේ බඳු ප්‍රඥාව ඇති මගේ ස්වාමියා වූ රජතුමා දේශයේ සිදුවන හැම දෙයක් ගැන ම දනී” යැයි කීවා ය. ඉන්පසු රජු යෝවාබ්ට කතා කොට, “බොහොම හොඳයි. මම එය කරන්නම්. ගොසින්, අබ්සලොම් තරුණයා ආපසු කැඳවාගෙන එන්නැ” යි කීවේ ය. එවිට රජුට ගෞරවය දක්වමින්, යෝවාබ් මුණින් තලා වැටුණේ ය. රජුට ආශිර්වාද කරමින්, රජු ඇමතූ යෝවාබ්, “මගේ ස්වාමියාණන් වන රජතුමනි, ඔබගේ ඇස් හමුවේ ඔබගේ සේවකයා ප්‍රසාදය ලද වග අද ඔහු දැනගත්තේ ය. මන්ද රජතුමා එතුමාගේ සේවකයාගේ ඉල්ලීම ඉටු කළ බැවිනි” යි කීවේ ය. යෝවාබ්, ගෙෂූර් බලා පිටත් ව ගොස්, අබ්සලොම් ආපසු යෙරුසලමට කැඳවාගෙන ආවේ ය. එහෙත් රජු, “ඔහු ඔහුගේ ම ගෙදරට යා යුතුයි; ඔහු මගේ මුහුණ නො දැකිය යුතුයි” කීවේ ය. එබැවින් අබ්සලොම් තමාගේ ම නිවසට ගියේ ය. ඔහු රජුගේ මුහුණ හමුවට ගියේ නැත.

2 සාමුවෙල් 14:19-24 Sinhala Revised Old Version (SROV)

රජද: මේ සියල්ල සම්බන්ධව යෝවාබ්ගේ අත නුඹ සමඟදැයි ඇසුවේය. ස්ත්‍රී උත්තරදෙමින්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබගේ ආත්මය ජීවත්වන බව සැබෑවාසේම මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් කී සියල්ලෙන් දකුණටවත් වමටවත් හැරෙන්ට කිසිවෙකුට නුපුළුවන. එසේය, ඔබගේ සේවකවූ යෝවාබ්ම මට අණකර ඔහුම මේ සියලු වචන ඔබගේ දාසීගේ කටට දුන්නේය. ඔබගේ සේවකයාවූ යෝවාබ් මෙසේ කළේ කාරණයේ අන්දම හරවා පෙන්වන පිණිසය. නුමුත් පොළොවේ සියල්ල දැනගැනීමට මාගේ ස්වාමියාගේ ප්‍රඥාව දෙවියන්වහන්සේගේ දූතයෙකුගේ ප්‍රඥාව හා සමානයයි කීවාය. එවිට රජ යෝවාබ්ට කථාකොට: මෙන්න, මම ඒ කාරණය ඉෂ්ටකෙළෙමි. නුඹ ගොස් අබ්සලොම් යෞවනයා කැඳවාගෙන එන්නැයි කීවේය. යෝවාබ් මුහුණින් බිම වැටී වැඳ රජුට ස්තුතිකොට: රජ්ජුරුවන් විසින් තමන් මෙහෙකරුවාගේ ඉල්ලීම ඉෂ්ටකළ නිසා මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබෙන බව ඔබගේ මෙහෙකරුවා දැන් දන්නේයයි කීවේය. මෙසේ යෝවාබ් පිටත්ව ගෙෂූර්ට ගොස් අබ්සලොම් යෙරුසලමට කැඳවාගන ආවේය. රජද: ඔහු තමාගේ ගෙදරට යේවා, ඔහු මාගේ මුහුණ නොදක්නේයයි කීවේය. එබැවින් අබ්සලොම් තමාගේ ගෙදරට හැරී ගියේය, ඔහු රජුගේ මුහුණ දුටුවේ නැත.

2 සාමුවෙල් 14:19-24 Sinhala New Revised Version (NRSV)

රජ ද, “මේ සියල්ල සම්බන්ධ ව ජෝවාබ් ඔබට අනුබල දී ඇද්දැ”යි ඇසී ය. ස්ත්‍රිය පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවෙනි, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් කී සියල්ල මඟ හැර දකුණට වත්, වමට වත් යන්නට කිසිවෙකුට නො‍හැකි බව ඔබේ නාමයෙන් මම දිවුරා කියමි. එසේ ය, ඔබේ සේවක වන ජෝවාබ් ම මට අණ කර ඔහු ම මේ සියලු වචන ඔබේ දාසීගේ කටට දුන්නේ ය. ඔබේ සේවකයා වන ජෝවාබ් මෙසේ කෙළේ, ඒ කාරණය අන් මඟකට හරවන පිණිස ය. එහෙත්, මිහි පිට සියල්ල දැනගැනීමට මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ගේ ප්‍රඥාව දෙවියන් වහන්සේගේ දූතයෙකුගේ ප්‍රඥාව හා සමාන ය”යි කීවා ය. එවිට රජ ජෝවාබ්ට කතා කොට, “මෙන්න, ඔබේ ඉල්ලීම ඉටු කර දෙමි. ඔබ ගොස් තරුණ අබ්සලොම් කැඳවාගෙන එන්නැ”යි කී ය. ජෝවාබ් මුණින්තළා වී වැඳ රජුට ස්තුති කොට, “රජ්ජුරුවන් තමන්ගේ මෙහෙකරුවාගේ ඉල්ලීම ඉෂ්ට කළ නිසා, රජතුමනි, ඔබ ඉදිරියෙහි කරුණාව ලැබී තිබෙන බව ඔබේ මෙහෙකරුවා දැන් දන්නේ ය”යි කී ය. මෙසේ ජෝවාබ් පිටත් ව ගෙෂූර් නගරයට ගොස්, අබ්සලොම් ජෙරුසලමට කැඳවාගෙන ආවේ ය. රජ ද, “ඔහු තමාගේ ම ගෙදරට යේවා; ඔහු මා ඉදිරියට නො‍පැමිණිය යුතු ය”යි කී ය. එබැවින් අබ්සලොම් තමාගේ ගෙදරට හැරී ගියේ ය. ඔහු රජ්ජුරුවන් ඉදිරියට නො‍පැමිණියේ ය.

2 සාමුවෙල් 14:19-24 Sinhala New Revised Version 2018 (SNRV)