2 සාමුවෙල් 13:20-22
2 සාමුවෙල් 13:20-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ඇගේ සහෝදර අබ්සලොම් ඇය අමතමින්, “ඔබේ සහෝදර අර අම්නෝන් ඔබ හා සිටියා ද? දැන් නිහඬ වන්න, මගේ සහෝදරිය, ඔහු ඔබේ සහෝදරයායි. මේක හිතට ගන්න එපා” යි කීවේ ය. තාමාර් තම සහෝදර අබ්සලොම්ගේ නිවසේ අසරණ ව වාසය කළා ය. දාවිත් රජු මේ සියල්ල ඇසූ කල, කෝපාවිෂ්ට විය. එහෙත් අබ්සලොම් හොඳක් හෝ නරකක් හෝ වචනයකුදු අම්නෝන්ට කීවේ නැත; ඔහු තම සහෝදරිය තාමාර් කෙලෙසූ නිසා අබ්සලොම්, අම්නෝන්ට වෛර බැන්දේ ය.
2 සාමුවෙල් 13:20-22 Sinhala Revised Old Version (SROV)
ඇගේ සහෝදරවූ අබ්සලොම් ඈට කථාකොට: නුඹේ සහෝදරවූ අම්නොන් නුඹ සමඟ උන්නාද? ඉතින් මාගේ සහෝදරිය, නිශ්ශබ්දව හිඳින්න. ඔහු නුඹේ සහෝදරයාය; මේ කාරණය සිතට නොගනින්නැයි ඈට කීවේය. තාමර් ඇගේ සහෝදර අබ්සලොම්ගේ ගෙයි අසරණ භාවයෙන් විසුවාය. දාවිත් රජ මේ සියලු දේ අසා ඉතා උදහස් විය. නුමුත් අබ්සලොම් අම්නොන්ට හොඳක්වත් නරකක්වත් කථා නොකෙළේය. මක්නිසාද තමාගේ සහෝදරීවූ තාමර්ට අම්නොන් අවනම්බු කළ බැවින් අබ්සලොම් ඔහුට වෛර බැන්දේය.
2 සාමුවෙල් 13:20-22 Sinhala New Revised Version (NRSV)
ඇගේ සහෝදර අබ්සලොම් ඈට කතා කොට, “ඔබේ සහෝදර අම්නොන් ඔබ සමඟ සිටියේ ද? ඉතින් මාගේ සහෝදරිය, නිශ්ශබ්ද ව සිටින්න. ඔහු ඔබේ සහෝදරයා ය. මේ කාරණය සිතට නොගන්නැ”යි ඈට කීවේ ය. තාමාර් ඇගේ සහෝදර අබ්සලොම්ගේ ගෙදර අසරණ භාවයෙන් විසුවා ය. දාවිත් මේ සියලු දේ අසා ඉතා උදහස් විය. එහෙත්, අබ්සලොම් අම්නොන්ට විරුද්ධ ව ගුණ වත්, අගුණ වත් නොකීවේ ය. එසේ නොකීවේ, තමාගේ සහෝදරී වන තාමාර්ට අම්නොන් අවනම්බු කළ නිසා අබ්සලොම් ඔහුට වෛර බැන්ද බැවිනි.
2 සාමුවෙල් 13:20-22 Sinhala New Revised Version 2018 (SNRV)
ඇගේ සහෝදර අබ්සලොම් ඈට කතා කොට, “ඔබේ සහෝදර අම්නොන් ඔබ සමඟ සිටියේ ද? ඉතින් මාගේ සහෝදරිය, නිශ්ශබ්ද ව සිටින්න. ඔහු ඔබේ සහෝදරයා ය. මේ කාරණය සිතට නොගන්නැ”යි ඈට කීවේ ය. තාමාර් ඇගේ සහෝදර අබ්සලොම්ගේ ගෙදර අසරණ භාවයෙන් විසුවා ය. දාවිත් මේ සියලු දේ අසා ඉතා උදහස් විය. එහෙත්, අබ්සලොම් අම්නොන්ට විරුද්ධ ව ගුණ වත්, අගුණ වත් නොකීවේ ය. එසේ නොකීවේ, තමාගේ සහෝදරී වන තාමාර්ට අම්නොන් අවනම්බු කළ නිසා අබ්සලොම් ඔහුට වෛර බැන්ද බැවිනි.
2 සාමුවෙල් 13:20-22 New International Version (NIV)
Her brother Absalom said to her, “Has that Amnon, your brother, been with you? Be quiet for now, my sister; he is your brother. Don’t take this thing to heart.” And Tamar lived in her brother Absalom’s house, a desolate woman. When King David heard all this, he was furious. And Absalom never said a word to Amnon, either good or bad; he hated Amnon because he had disgraced his sister Tamar.