2 සාමුවෙල් 12:1-6
2 සාමුවෙල් 12:1-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ දාවිත් වෙත නාතාන් යැවූ සේක. ඔහු දාවිත් වෙත අවුත්, ඔහු අමතමින්, “එක් නගරයක මිනිසුන් දෙදෙනෙක් සිටියා. ඉන් කෙනෙක් පොහොසතෙක්; අනෙකා දුප්පතෙක්. ධනවතාට අති මහත් ගණනාවක් බැටළුවන් සහ ගවයින් හිටියා. එනමුත් දුප්පත් මිනිසාට ඔහු මිල දී ගෙනැවිත් සිටි බැටළු පැටවියක මිස අන් කිසිවක් තිබුණේ නෑ. ඔහු, ඇය ඇතිදැඩි කළා. ඈ ඔහු ද ඔහුගේ දරුවන් ද සමඟ වැඩුණා. ඔහුගේ ආහාරයට පංගුකාර වූවා. ඔහුගේ කුසලානෙන් බීවා. ඔහුගේ තුරුලේ නිදාගත්තා. ඇය ඔහුට දුවක මෙන් වූවා. “දිනක්, පොහොසත් මිනිසා වෙත සංචාරකයෙක් ආවා. තමා වෙත පැමිණි සංචාරකයාට සංග්‍රහ කිරීමට තමාගේ ම බැටළුවන් හෝ ගවයින් ගැනීමට කැමති නො වූ පොහොසතා, දුප්පත් මිනිසා සතු ව සිටි බැටළු පැටවිය ගෙන, තමා වෙත පැමිණි සංචාරකයාට සංග්‍රහ කළා” යි කීවේ ය. එවිට ඒ මිනිසාට එරෙහිව දැඩි සේ කෝපයෙන් ඇවිළුණු දාවිත්, නාතාන් අමතමින්, “ස්වාමින්වහන්සේ ජීවත් වන්නා සේ ම ඒ දේ කළ මිනිසා සුදුසු මරණයටයි. ඔහු ඒ දේ කළ නිසාත්, අනුකම්පා නො කළ නිසාත් බැටළු පැටවිය වෙනුවට ඔහු සතර ගුණයක් ගෙවිය යුතු යැ” යි කීවේ ය.
2 සාමුවෙල් 12:1-6 Sinhala Revised Old Version (SROV)
තවද ස්වාමීන්වහන්සේ දාවිත් වෙතට නාතාන් යැවූසේක. ඔහු දාවිත් ළඟට ඇවිත් කථාකොට: එක් නුවරක මනුෂ්‍යයෝ දෙදෙනෙක් සිටියෝය; එක්කෙනෙක් ධනවතෙක්ය, අනික් අය දිළින්දෙක්ය. ධනවතාට බැටළු රැළවල්ද ගව රැළවල්ද ඉතා මහත් ගණනක් වූහ. නුමුත් දිළින්දාට තමා මිලේට ගෙන ඇතිකළාවූ එක කුඩා බැටළු වැස්සියෙකු හැර වෙන කිසිවක් නොවීය. ඈ ඔහු වෙතම ඔහුගේ දරුවන් සමඟ වැඩෙමින්ද ඔහුගේ කෑම ටිකෙන් කමින්ද ඔහුගේ කුසලානෙන් බොමින්ද ඔහුගේ ළයෙහි හෝමින්ද ඔහුට දුවෙකු මෙන් සිටියාය. ධනවතා ළඟට ගමන් යන්නෙක් ආයේය, ඔහු තමා ළඟට ආ මගියාට කෑම පිළියෙළකරන පිණිස තමාගේම බැටළුවන්ගෙන්වත් ගවයින්ගෙන්වත් ගන්ට අකැමැතිවී දිළින්දාගේ බැටළු වැස්සිය රැගෙන තමා ළඟට ආ මනුෂ්‍යයාට කෑම පිළියෙළකෙළේයයි ඔහුට කීය. එවිට දාවිත්ගේ කෝපය ඒ මනුෂ්‍යයාට විරුද්ධව බොහෝසෙයින් ඇවිළ, ඔහු නාතාන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම මේක කළ මිනිහා මැරුම්කෑ යුතුය. ඔහු මේ ක්‍රියාව කළ බැවින්ද අනුකම්පා නොකළ බැවින්ද ඒ බැටළු වැස්සී වෙනුවට සතරදෙනෙක් දෙන්ට ඕනෑයයි කීවේය.
2 සාමුවෙල් 12:1-6 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ දාවිත් වෙත නාතාන් යැවූ සේක. ඔහු දාවිත් ළඟට අවුත් මෙසේ කී ය: “එක් නුවරක මනුෂ්‍යයෝ දෙදෙනෙක් සිටියහ. එක් කෙනෙක් ධනවතෙකි; අනික් තැනැත්තා දිළින්දෙකි. ධනවතාට බැටළු හා ගව පට්ටි ඉතා විශාල ගණනක් තිබිණි. එහෙත්, තමා මිලට ගෙන ඇති කළ එක කුඩා බැටළු පැටියෙකු හැර වෙන කිසිවක් දිළින්දාට නො වී ය. ඒ බැටළු වැස්සිය ඔහු සමඟ ද ඔහුගේ දරුවන් සමඟ ද වැඩෙමින්, ඔහුගේ කෑමවලින් කමින් ද ඔහුගේ කුසලානෙන් බොමින් ද ඇති දැඩි වූවා ය. ඔහු ඒ බැටළු වැස්සී සිය ළයෙහි හොවාගත්තේ ය. ඒ වැස්සී ඔහුට දුවක මෙන් වූවා ය. “දිනක් ධනවතාගේ ගෙදරට ගමනක් යන කෙනෙක් ආවේ ය. ධනවතා තමාගේ ගෙදරට ආ මඟියාට කෑම පිළියෙළ කරන පිණිස සතෙකු තමාගේ බැටළුවන්ගෙන් වත්, ගවයන්ගෙන් වත් ගන්නට අකමැති වී දිළින්දාගේ බැටළු වැස්සිය අරගෙන තමාගේ ගෙදරට ආ මිනිසාට කෑමක් පිළියෙළ කෙළේ ය.” ඒ ඇසූ දාවිත්ගේ කෝපය ඒ මිනිසාට විරුද්ධ ව තදින් ඇවිළී, ඔහු නාතාන්ට කතා කොට, “මේ දේ කළ මිනිසා මැරුම් කෑ යුතු ය කියා ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි. ඔහු මේ ක්‍රියාව කළ බැවින් ද අනුකම්පාව නොදැක්වූ බැවින් ද ඒ බැටළු වැස්සී වෙනුවට සතරදෙනෙකු දිය යුතු ය”යි කී ය.
2 සාමුවෙල් 12:1-6 Sinhala New Revised Version 2018 (SNRV)

2 සාමුවෙල් 12:1-6 New International Version (NIV)
The LORD sent Nathan to David. When he came to him, he said, “There were two men in a certain town, one rich and the other poor. The rich man had a very large number of sheep and cattle, but the poor man had nothing except one little ewe lamb he had bought. He raised it, and it grew up with him and his children. It shared his food, drank from his cup and even slept in his arms. It was like a daughter to him. “Now a traveler came to the rich man, but the rich man refrained from taking one of his own sheep or cattle to prepare a meal for the traveler who had come to him. Instead, he took the ewe lamb that belonged to the poor man and prepared it for the one who had come to him.” David burned with anger against the man and said to Nathan, “As surely as the LORD lives, the man who did this must die! He must pay for that lamb four times over, because he did such a thing and had no pity.”