2 සාමුවෙල් 1:11-12
2 සාමුවෙල් 1:11-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට දාවිත් තමන් හැඳිවත් අල්ලා, ඒවා ඉරා දැම්මේ ය. ඔහු හා සමඟ සිටි මිනිස්සු ද ඒ දේ ම කළහ. ඔවුහු ශෝකවෙමින්, වැලපෙමින් සවස දක්වා නිරාහාර ව වුන්හ. එසේ කළේ සාවුල් ද ඔහුගේ පුත් යොනාතාන් ද ස්වාමින්වහන්සේගේ හමුදාව ද ඉශ්රායෙල් වංශය ද කඩුවෙන් වැටී ගොස් සිටි බැවින් ඔවුන් උදෙසා ය.
2 සාමුවෙල් 1:11-12 Sinhala Revised Old Version (SROV)
එවිට දාවිත්ද ඔහු සමඟ සිටි සියලු මිනිස්සුද තමුන්ගේ වස්ත්‍ර අල්වා ඉරාගෙන, සාවුල්ද ඔහුගේ පුත්‍රවූ යොනාතාන්ද ස්වාමීන්වහන්සේගේ සෙනඟද ඉශ්‍රායෙල් වංශයද කඩුවෙන් වැටුණු නිසා ඔවුන් ගැන වැලපෙමින් හඬමින් සවස දක්වා නිරාහාරයෙන් සිටියෝය.
2 සාමුවෙල් 1:11-12 Sinhala New Revised Version (NRSV)
එවිට දාවිත් ශෝකයෙන් පිරී තමාගේ වස්ත්‍ර ඇද ඉරා දැමුවේ ය. ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද එසේ කළහ. ඔව්හු සාවුල් ද ඔහුගේ පුත් ජොනතන් ද සමිඳාණන් වහන්සේගේ සෙනඟ ද ඉශ්රායෙල් වංශය ද යුද්ධයේ දී මැරුම් කෑ බැවින් ඔවුන් ගැන හඬා වැලපෙමින් හවස දක්වා නිරාහාර ව සිටියහ.
2 සාමුවෙල් 1:11-12 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට දාවිත් ශෝකයෙන් පිරී තමාගේ වස්ත්‍ර ඇද ඉරා දැමුවේ ය. ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද එසේ කළහ. ඔව්හු සාවුල් ද ඔහුගේ පුත් ජොනතන් ද සමිඳාණන් වහන්සේගේ සෙනඟ ද ඉශ්රායෙල් වංශය ද යුද්ධයේ දී මැරුම් කෑ බැවින් ඔවුන් ගැන හඬා වැලපෙමින් හවස දක්වා නිරාහාර ව සිටියහ.
2 සාමුවෙල් 1:11-12 New International Version (NIV)
Then David and all the men with him took hold of their clothes and tore them. They mourned and wept and fasted till evening for Saul and his son Jonathan, and for the army of the LORD and for the nation of Israel, because they had fallen by the sword.