2 රාජාවලිය 3:13-15

2 රාජාවලිය 3:13-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එලීෂා, ඉශ්‍රායෙල් රජු අමතමින්, “මේ ගැන නුඹෙන් මට ඇති කාරිය කිම ද? ඔබේ පියාගේ දිවැසිවරුන් ද ඔබේ මවුගේ දිවැසිවරුන් ද වෙත යන්නැ” යි පැවසී ය. ඉශ්‍රායෙල් රජු පිළිතුරු දෙමින්, “නැත; රජවරුන් වන අප තිදෙනා මෝවබ් අතට හසුකර දෙන්නට අප කැඳවා ඇත්තේ ස්වාමින්වහන්සේ යැ” යි පැවසී ය. එවිට එලීෂා, “මා සේවය කරන සේනාංකවල ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, යූදා රජු වූ යෙහෝෂාෆාට් වෙත ඇති ගරු සැලකිල්ල නිසා මිස, මා ඔබ දෙස බලන්නේවත්, ගණන් ගන්නේවත් නැත. එහෙත් දැන් වීණා වයන්නකු මා වෙත ගෙනෙන්නැ” යි පැවසී ය. වීණා වයන්නා වයද්දී, ස්වාමින්වහන්සේගේ හස්තය එලීෂා පිට පැමිණියේ ය.

2 රාජාවලිය 3:13-15 Sinhala Revised Old Version (SROV)

එලිෂා ඉශ්‍රායෙල් රජුට කථාකොට: මාගෙන් නුඹට කම මොකද? නුඹේ පියාගේ ප්‍රොපේතවරුන් ළඟටත් නුඹේ මවුගේ ප්‍රොපේතවරුන් ළඟටත් ගිය මැනවැයි කීවේය. ඉශ්‍රායෙල් රජද: එසේ නොවේවා. මක්නිසාද ස්වාමීන්වහන්සේ මෝවබ්වරුන් අතට පාවාදෙන පිණිස මේ රජුන් තුන්දෙනා ගෙන්වූසේකැයි ඔහුට කීවේය. එලිෂා කථාකොට: මා සේවයකරන සේනාවල ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම සැබවින් යූදාහි යෙහෝෂාපාට් රජු මෙහි සිටින කාරණය නිසා මිස නැත්නම් මා නුඹ දෙස බලන්නේවත් නුඹ දකින්නේවත් නැත. දැන් ඉතින් වීණාකාරයෙකු මා ළඟට ගෙනෙන්නැයි කීවේය. වීණාකාරයා ගායනා කරද්දී ස්වාමීන්වහන්සේගේ හස්තය එලිෂා පිටට පැමිණියේය.

2 රාජාවලිය 3:13-15 Sinhala New Revised Version (NRSV)

එලිෂා ඉශ්රායෙල් රජුට කතා කොට, “මා සමඟ ඔබට ඇති ගනුදෙනුව කුමක් ද? ඔබේ පියාගේ දිවැසිවරුන් ළඟටත්, ඔබේ මවුගේ දිවැසිවරුන් ළඟටත් ගිය මැනැවැ”යි කී ය. ඉශ්රායෙල් රජ ද, “එසේ නොවේ වා. මන්ද, සමිඳාණන් වහන්සේ මෝවබ්වරුන් අතට පාවා දෙන පිණිස මේ රජුන් තුන්දෙනා වන අප ගෙන්වූ සේකැ”යි ඔහුට කී ය. එලිෂා කතා කොට, “මා සේවය කරන සර්ව පරාක්‍රම ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් සැබැවින් ම ජුදාහි ජෙහෝෂාපාට් රජු මෙහි සිටින කාරණය නිසා මිස නැත්නම්, මා ඔබ දෙස බලන්නේ වත්, ඔබ ගණන් ගන්නේ වත් නැතැ”යි දිවුරා, “දැන් ඉතින් වීණා වාදකයෙකු මා ළඟට ගෙනෙ‍න්නැ”යි කී ය. වීණා වාදකයා වාදනය කරද්දී සමිඳාණන් වහන්සේගේ බලය එලිෂා පිට පැමිණියේ ය.

2 රාජාවලිය 3:13-15 Sinhala New Revised Version 2018 (SNRV)