2 රාජාවලිය 23:28-33

2 රාජාවලිය 23:28-33 සිංහල කාලීන පරිවර්තනය (SCV)

යොෂීයා සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල ද යූදා රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? යොෂීයාගේ දවස්වලදී ඊජිප්තුවේ රජු වූ පාරාවෝ නෙකො, අසිරියාවේ රජුට උපකාර කරන්නට යුප්‍රටීස් ගඟ තෙක් ගියේ ය. යොෂීයා රජු ඔහුට මුහුණ දෙන්නට ගිය නමුදු නෙකො ඔහු දුටු විගස ඔහු මරා දැමී ය. යොෂීයාගේ සේවකයෝ ඔහුගේ සිරුර රථයක තබා මෙගිද්දෝ සිට යෙරුසලමට ගෙනවුත්, ඔහුගේ සොහොනේ භූමදාන කළහ. දේශයේ ජනයා යොෂීයාගේ පුත් යෙහෝවාහාස් ආලේප කර, ඔහුගේ පියා වෙනුවට ඔහු රජකමට පත් කර ගත්හ. යෙහෝවාහාස් විසිතුන් වියේදී රජ වී, යෙරුසලමෙහි තුන් මසක් රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම හමූටල් ය. ඈ ලිබ්නාහි යෙරමියාගේ දියණිය ය. ඔහු තම පියවරුන් කර තිබූ සියල්ල පරිදි ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කළේ ය. ඔහු යෙරුසලමේ රජකම් නො කරන පිණිස පාරාවෝ නෙකො, හමාත් දේශයේ රිබ්ලාහි දී ඔහු යදමින් බැඳ, යූදා දේශයට රිදී තලෙන්ත සියයක හා රන් තලෙන්තයක දඩයක් ගැසී ය.

2 රාජාවලිය 23:28-33 Sinhala Revised Old Version (SROV)

යොෂියාගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? ඔහුගේ දවස්වලදී මිසරයේ රජවූ ඵාරාවෝ-නෙකො අෂූර්හි රජුට විරුද්ධව ප්‍රාත් ගඟ ළඟට ගියේය; එවිට යොෂියා රජ ඔහුට විරුද්ධව ගියේය. මිසරයේ රජද මෙගිද්දෝහිදී ඔහු දුටු විට ඔහු මැරීය. ඔහුගේ සේවකයෝ මළාවූ ඔහු රථයකින් මෙගිද්දෝ සිට යෙරුසලමට ගෙනවුත් ඔහුගේම සොහොන්ගෙයි ඔහු තැන්පත්කෙළෝය. එවිට දේශයේ සෙනඟ යොෂියාගේ පුත්‍රවූ යෙහෝවාහාස් කැඳවාගන ආලේපකොට ඔහුගේ පියා වෙනුවට ඔහු රජකමට පත්කළෝය. යෙහෝවාහාස් විසිතුන් හැවිරිදි වයසේදී රජවී තුන් මසක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම හමුතල්ය, ඈ ලිබ්නාහි යෙරෙමියාගේ දුවෙක්ය. ඔහුගේ පියවරුන් කළ සියල්ල ලෙස ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. එවිට ඔහු යෙරුසලමෙහි රජකම් නොකරන පිණිස ඵාරාවෝ-නෙකො හමාත් දේශයේ රිබ්ලාහිදී ඔහු හිර අඩස්සිකොට, රිදී තලෙන්ත සියයකුත් රන් තලෙන්තයකුත් දේශයට දඩගැසුවේය.

2 රාජාවලිය 23:28-33 Sinhala New Revised Version (NRSV)

ජොෂියාගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? ඔහුගේ දවස්වල දී මිසරයේ රජ වූ පාරාවෝ - නෙකො අසිරියාවේ රජුගේ සහායට යුප්‍රටීස් ගංගාව ළඟට ගියේ ය. එවිට ජොෂියා රජ ඔහුට විරුද්ධ ව සටනට ගියේ ය. මිසරයේ රජ ද මෙගිද්දෝ‍හි දී ජොෂියා දුටු විට ඔහු මැරී ය. ඔහුගේ සේවකයෝ මළාවූ ජොෂියා රජ රථයකින් මෙගිද්දෝ‍ සිට ජෙරුසලමට ගෙනවුත් ඔහුගේ ම සොහොන්ගෙයි ඔහු තැන්පත් කළෝ ය. එවිට දේශයේ සෙනඟ ජොෂියාගේ පුත් ජෙහෝවාහාස් කැඳවාගෙන අභිෂේක කොට ඔහුගේ පියා වෙනුවට ඔහු රජකමට පත් කළහ. ජෙහෝවාහාස් විසිතුන් හැවිරිදි වයසේ දී රජ වී, තුන් මසක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම හමුතල් ය. ඈ ලිබ්නාහි ජෙරමියාගේ දුවකි. ඔහුගේ පියවරුන් කළ සියල්ල ලෙස ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. එවිට ඔහු ජෙරුසලමෙහි රජකම් නොකරන පිණිස පාරාවෝ-නෙකො හමාත් දේශයේ රිබ්ලාහි දී ඔහු සිර අඩස්සි කොට, රිදී කිලෝග්‍රෑම් තුන්දාස් හාරසියයකුත්, රන් කිලෝග්‍රෑම් තිස්හතරකුත් දේශයට දඩ ගැසී ය.

2 රාජාවලිය 23:28-33 Sinhala New Revised Version 2018 (SNRV)

ජොෂියාගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ජුදා රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? ඔහුගේ දවස්වල දී මිසරයේ රජ වූ පාරාවෝ - නෙකො අසිරියාවේ රජුගේ සහායට යුප්‍රටීස් ගංගාව ළඟට ගියේ ය. එවිට ජොෂියා රජ ඔහුට විරුද්ධ ව සටනට ගියේ ය. මිසරයේ රජ ද මෙගිද්දෝහි දී ජොෂියා දුටු විට ඔහු මැරී ය. ඔහුගේ සේවකයෝ මළාවූ ජොෂියා රජ රථයකින් මෙගිද්දෝ‍ සිට ජෙරුසලමට ගෙනවුත් ඔහුගේ ම සොහොන්ගෙයි ඔහු තැන්පත් කළෝ ය. එවිට දේශයේ සෙනඟ ජොෂියාගේ පුත් ජෙහෝවාහාස් කැඳවාගෙන අභිෂේක කොට ඔහුගේ පියා වෙනුවට ඔහු රජකමට පත් කළහ. ජෙහෝවාහාස් විසිතුන් හැවිරිදි වයසේ දී රජ වී, තුන් මසක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම හමුතල් ය. ඈ ලිබ්නාහි ජෙරමියාගේ දුවකි. ඔහුගේ පියවරුන් කළ සියල්ල ලෙස ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. එවිට ඔහු ජෙරුසලමෙහි රජකම් නොකරන පිණිස පාරාවෝ-නෙකො හමාත් දේශයේ රිබ්ලාහි දී ඔහු සිර අඩස්සි කොට, රිදී කිලෝග්‍රෑම් තුන්දාස් හාරසියයකුත්, රන් කිලෝග්‍රෑම් තිස්හතරකුත් දේශයට දඩ ගැසී ය.