2 1 වංශාවලිය 9:5-9

2 1 වංශාවලිය 9:5-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඈ රජු අමතමින්, “ඔබ ඉටු කර ඇති දෑ හා ඔබගේ ප්‍රඥාව ගැන මගේ රටේදී මා ඇසූ පුවත් සැබෑයි. එහෙත් මා අවුත්, මගේ ම ඇස්වලින් දකින තුරු ඒ පුවත් මා විශ්වාස කළේ නෑ. සැබවින් ම ඔබගේ ප්‍රඥාවේ ශ්‍රේෂ්ඨත්වයෙන් අඩක්වත් මට කියා නැත. ඔබගේ ශ්‍රේෂ්ඨත්වය මා අසා තිබුණාට වඩා අතිශයෙන් ඉහළ ය. ඔබගේ ජනයා කොපමණ භාග්‍යවත් ද! නිති පතා ඔබ අබියස සිට, ඔබේ ප්‍රඥාව අසන ඔබේ සේවකයින් කොපමණ භාග්‍යවත් ද! ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා! මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ ගැන ප්‍රසන්න වී, උන්වහන්සේ උදෙසා ඉශ්‍රායෙල් පාලනය කිරීමට ඔබ සිහසුන් පත් කළ බැවිනි. ඉශ්‍රායෙල්ට ඇති ඔබේ දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ සදහට ම ඔවුන් පිහිටුවාලීමට ඇති උන්වහන්සේගේ ආශාව නිසා උන්වහන්සේ යුක්තිය හා ධර්මිෂ්ඨකම පවත්වාගෙන යෑමට ඔවුන්ගේ රජ කොට ඔබ පත් කළ සේකැ” යි පැවසුවා ය. ඉන් අනතුරුව ඈ, රන් තලෙන්ත එකසිය විස්සක් ද සුවඳ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද අනර්ඝ මැණික් ගල් ද රජුට දුන්නා ය. ෂෙබාහි රැජින සාලමොන් රජුට දුන් ඒවා හා සමාන වූ සුවඳ ද්‍රව්‍ය තවත් නො විණි.

2 1 වංශාවලිය 9:5-9 Sinhala Revised Old Version (SROV)

ඈ රජුට කථාකොට: මාගේ දේශයේදී ඔබගේ කාරණාද ඔබගේ ප්‍රඥාවද ගැන මා ඇසූ ප්‍රවෘත්තිය සැබෑය. එසේ වී නුමුත් ඇවිත් මාගේම ඇස්වලින් දකින තුරු ඔවුන්ගේ වචන විශ්වාස නොකෙළෙමි. ඔබගේ ප්‍රඥාවේ මහත්කමෙන් අර්ධයක්වත් මට නොකියනලද්දේය. මා ඇසූ කීර්ති ප්‍රමාණයටත් වඩා ඔබ උසස්ව සිටිනෙහිය. ඔබගේ මිනිස්සු වාසනාවන්තයෝය, ඔබ ඉදිරියෙහි නිතරම සිට ඔබගේ ප්‍රඥාව අසන ඔබගේ මේ මෙහෙකරුවෝ වාසනාවන්තයෝය. ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදෙසා රජකොට තමන්ගේ සිංහාසනයෙහි ඔබ පිහිටුවන්ට ඔබ කෙරෙහි ප්‍රසන්නවූ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා. ඔබගේ දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට ප්‍රේමකළ බැවින් ඔවුන් සදාකාලයටම ස්ථිරකරන පිණිස ඔවුන්ට විනිශ්චයත් යුක්තියත් ඉෂ්ටකරන්ට උන්වහන්සේ ඔබ ඔවුන් කෙරෙහි රජකොට පත්කළසේකැයි කීවාය. තවද ඕතොම රන් තලෙන්ත එකසිය විස්සක්ද සුගන්ධ ද්‍රව්‍ය මහත් රාශියක්ද අනර්ඝ ගල්ද රජුට දුන්නාය. ෂෙබාහි බිසව සාලමොන් රජුට දුන් සුගන්ධ ද්‍රව්‍ය සමාන ඒවා තවත් නොලැබුණේය.

2 1 වංශාවලිය 9:5-9 Sinhala New Revised Version (NRSV)

ඈ රජුට කතා කොට, “මාගේ දේශයේ දී මා ඔබේ ප්‍රඥා මහිමය ද ඔබ ද ගැන ඇසූ ප්‍රවෘත්තිය සැබෑ ය. එසේ වී නමුත්, මා අවුත් මාගේ ම ඇස්වලින් දකින තුරු ඔවුන්ගේ වචන විශ්වාස නොකෙළෙමි. ඔබේ ප්‍රඥා මහිමයේ විශාලත්වයෙන් අර්ධයක් වත් මට නොකියන ලද්දේ ය. මා ඇසූ කීර්තියේ පමණටත් වඩා ඔබ උසස් ව සිටින්නෙහි ය. ඔබේ භාර්යාවෝ වාසනාවන්තියෝ ය. ඔබ ඉදිරියෙහි නිතර ම සිට ඔබේ ප්‍රඥාව අසන ඔබේ මේ මෙහෙකරුවෝ වාසනාවන්තයෝ ය. ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනයට ඔබ පත් කරන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වූ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! ඔබේ දෙවියන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට ප්‍රේම කළ බැවින්, ඔවුන් සදහට ම ස්ථිර කරන පිණිස ඔවුන්ට විනිශ්චයත්, යුක්තියත් ඉෂ්ට කරන්න උන් වහන්සේගේ නාමයෙන් ඔබ ඔවුන්ගේ රජ කොට පත් කළ සේකැ”යි කීවා ය. තවද, ෂෙබාහි රැජින රන් කිලෝග්‍රෑම් හාරදහසක් පමණ ද සුගන්ධ ද්‍රව්‍ය මහා රාශියක් ද මැණික් ගල් ද රජුට දුන්නා ය. ෂෙබාහි රැජින සලමොන් රජුට දුන් සුගන්ධ ද්‍රව්‍යවලට සමාන ඒවා තවත් නොලැබුණේ ය.

2 1 වංශාවලිය 9:5-9 Sinhala New Revised Version 2018 (SNRV)