2 1 වංශාවලිය 7:11-22 - Compare All Versions

2 1 වංශාවලිය 7:11-22 SCV (සිංහල කාලීන පරිවර්තනය)

සාලමොන්, ස්වාමින්වහන්සේගේ ගෘහයේත්, රජුගේ ගෘහයේත් වැඩ නිම කොට, ස්වාමින්වහන්සේගේ ගෘහයේත්, තමන්ගේ ගෘහයේත් කරන්නට අදහස් කළ සියල්ල සාර්ථක ලෙස නිම කළ පසු, ස්වාමින්වහන්සේ රාත්‍රියේදී සාලමොන්ට පෙනී, මෙසේ පැවසූ සේක: “මම ඔබේ යාච්ඤාවට සවන් දුන්නෙමි; මෙම ස්ථානය යාග පූජා ගෘහයක් වශයෙන් මම මට ම තෝරා ගත්තෙමි. “වැසි නො වසින ලෙස මා අහස පියවන කල හෝ දේශය වනසන ලෙස පළඟැටියන්ට මා අණ කරන කල හෝ මගේ ජනයා අතරට වසංගතය එවන කල හෝ මගේ නාමය දරන මගේ ජනයා තමුන් ම යටහත් වී, කන්නලව් කර, මගේ මුහුණ සොයා, තමන්ගේ දුෂ්ට මාර්ගවලින් ඉවත හැරෙන්නේ නම්, මම ස්වර්ගයේ සිට අසා, ඔවුන්ගේ පාපයට කමා වී, ඔවුන්ගේ දේශය සුව කරන්නෙමි. මෙම ස්ථානයේදී ඔප්පු කරන යාච්ඤාවලට දැන් මගේ ඇස් විවර ව, මගේ සවන් යොමු ව තිබේ. මේ ගෘහයේ මගේ නාමය සදහට ම පවතින පිණිස මම එය තෝරා ගෙන, විශුද්ධ කළෙමි. මගේ ඇස් ද මගේ හදවත ද නිරන්තරයෙන් ම එහි වන්නේ ය. “ඔබ, ඔබේ පියා වූ දාවිත් කළ පරිද්දෙන්, මා අබියස හැසිරෙමින්, මා අණ කරන සියල්ල කරන්නේ නම් හා මගේ නියෝග හා නියමයන් රක්ෂා කරන්නේ නම්, ‘ඉශ්‍රායෙල් පාලනය කරන්නට ඔබට කෙනකු නැති නො වනු ඇතැ’ යි පවසමින් ඔබේ පියා වූ දාවිත් සමඟ මා කළ ගිවිසුම පරිදි මම ඔබේ රාජකීය සිංහාසනය ස්ථිර කරන්නෙමි. “එහෙත් ඔබ වෙනතක හැරී, මා ඔබට දුන් නියෝග හා ආඥා අත්හැර ගොස්, අන් දෙවිවරුන්ට සේවය කර, නමස්කාර කරන්නේ නම්, මම ඔබට දුන් මගේ දේශයෙන් ඔබ උදුරා දමන්නෙමි. මගේ නාමය උදෙසා විශුද්ධ කර ගත් මේ ගෘහය මගේ දෘෂ්ටියෙන් බැහැර කර, සියලු ජනයින් අතර එය උපහාසයක් ද සමච්චලයට හේතුවක් ද වන්නට සලස්වන්නෙමි. එවිට යන එන සියලු ජනයා විස්මපත් ව බලා, මේ ගෘහය උත්තම ව තිබුණේ වී නමුත්, ‘මේ දේශයටත්, මේ ගෘහයටත් ස්වාමින්වහන්සේ මෙහෙම දෙයක් කළේ ඇයි?’ දැයි අසනු ඇත. එවිට මිනිසුන් පිළිතුරු දෙමින්, ‘ඔවුන් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආ තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අත්හැර, අන් දෙවිවරුන් වැලඳ ගනිමින්, ඔවුන්ට නමස්කාර කරමින්, සේවය කළ නිසා උන්වහන්සේ මේ සියලු විපත් ඔවුන් පිටට ගෙනා සේකැ’ යි” කියනු ඇත.

බෙදාගන්න
2 1 වංශාවලිය 7 SCV

2 1 වංශාවලිය 7:11-22 SROV (Sinhala Revised Old Version)

මෙසේ සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහයද රජුගේ ගෘහයද නිමකෙළේය. ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහිත් තමාගේම ගෘහයෙහිත් කරන්ට සාලමොන්ගේ සිතට ආ සියල්ලත් ඉෂ්ටකෙළේය. එවිට ස්වාමීන්වහන්සේ රාත්‍රියේ සාලමොන්ට පෙනී කථාකොට: මම නුඹේ යාච්ඤාව අසා මේ ඉඩම මට පූජා ගෘහයක් කොට තෝරාගතිමි. වැසි නොවසින ලෙස මම අහස වසන්නෙම්නම්, නොහොත් රට පාළුකිරීමට පළගැටියන්ට අණකරන්නෙම් නම්, නොහොත් මාගේ සෙනඟ අතරට වසංගතය එවන්නෙම්නම්, මාගේ නාමය දරන මාගේ සෙනඟ යටත්වී යාච්ඤාකර මාගේ මුහුණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අත්හැරියොත්, මම ස්වර්ගයේ සිට අසා ඔවුන්ගේ පව් කමාකොට ඔවුන්ගේ දේශය සුවකරන්නෙමි. දැනුදු මේ ස්ථානයේදී කරන යාච්ඤාවට මාගේ ඇස් ඇරී මාගේ කන් යොමුකරනු ලැබේ. මෙසේ මාගේ නාමය මේ ගෘහයෙහි සදාකාලේටම තිබෙන පිණිස මෙය තෝරාගන විශුද්ධ කෙළෙමි. මාගේ ඇස්ද මාගේ සිතද නිතරම මෙහි වන්නේය. ඉතින් නුඹේ පියවූ දාවිත් හැසුරුණාක් මෙන් නුඹ මා ඉදිරියෙහි හැසිරෙමින්, මා විසින් නුඹට අණකළ සියල්ල ලෙස කරමින්, මාගේ පනත්ද විනිශ්චයන්ද පවත්වන්නෙහි නම්: ඉශ්‍රායෙල්හි ආණ්ඩුකාරයෙක් වීමට නුඹෙන් කෙනෙක් නැතිව නොයන්නේය කියා මා විසින් නුඹේ පියවූ දාවිත්ට ගිවිස්වූ ලෙස නුඹේ රාජ්‍යයේ සිංහාසනය ස්ථිරකරන්නෙමි. නුමුත් නුඹලා හැරී මා විසින් නුඹලා ඉදිරියෙහි තබා තිබෙන මාගේ පනත්ද ආඥාද අත්හැර ගොස් වෙන දෙවිවරුන්ට සේවයකර ඔවුන්ට නමස්කාරකරන්නහු නම්, මා විසින් ඔවුන්ට දී තිබෙන මාගේ දේශයෙන් මම ඔවුන් සහමුලින්ම පහකරදමන්නෙමි; මාගේ නාමයට මා විසින් විශුද්ධකළ මේ ගෘහයත් මාගේ ඇස් හමුයෙන් අහකදමා, ඒක සියලු ජාතීන් අතරේ උපමාවක්ද නින්දා පාඨයක්ද කරන්නෙමි. මෙපමණ උසස්ව තිබෙන මේ ගෘහය ළඟින් යන සියල්ලෝ විස්මයට පත්ව: ස්වාමීන්වහන්සේ මේ දේශයටත් මේ ගෘහයටත් මක්නිසා මෙසේ කළසේක්දැයි අසන්නෝය. එවිට මනුෂ්‍යයන් කථාකොට: ඔවුන් මිසර දේශයෙන් ගෙන ආ ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැර අන් දෙවිවරුන්ට ඇලුම්ව ඔවුන්ට නමස්කාරකොට සේවයකළ නිසා උන්වහන්සේ මේ සියලු විපත්ති ඔවුන් පිටට පැමිණෙවුසේකැයි කියනවා ඇතැයි ඔහුට කීසේක.

බෙදාගන්න
2 1 වංශාවලිය 7 SROV

2 1 වංශාවලිය 7:11-22 NRSV (Sinhala New Revised Version)

මෙසේ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද රජ මැදුර ද සාදා නිම කෙළේ ය. උන් වහන්සේගේ මාලිගාවෙහිත්, තමාගේ ම රජ මැදුරෙහිත් කරන්න අදහස් කළ සියල්ල සලමොන් ඉෂ්ට කෙළේ ය. එවිට සමිඳාණන් වහන්සේ රාත්‍රියේ සලමොන්ට දර්ශනය වී මෙසේ වදාළ සේක: “මම නුඹේ යාච්ඤාව අසා මේ ස්ථානය මට පූජාසනයක් කොට තෝරාගතිමි. වැසි නොවසින ලෙස මම අහස වසාලන්නෙම් නම්, නොහොත් රට පාළු කිරීමට පළඟැටියන්ට අණ කරන්නෙම් නම්, නොහොත් මාගේ සෙනඟ අතරට වසංගතය එවන්නෙම් නම්, මාගේ නාමය දරන මාගේ සෙනඟ බැගෑපත් වී, යාච්ඤා කර, මා සොයා තමන්ගේ නපුරු මාර්ග අත්හැරියොත්, මම ස්වර්ගයේ සිට එය අසා, ඔවුන්ගේ පව් කමා කොට ඔවුන්ගේ දේශයට සෙත සලසන්නෙමි. දැන් ද මින් ඉදිරියට ද මේ ස්ථානයේ දී කරන යාච්ඤාවට මාගේ ඇස් ඇර, මාගේ කන් යොමු කරනු ලැබේ. දැන් ද ඉදිරියට ද මාගේ නාමය මේ මාලිගාවෙහි සදහට ම තිබෙන පිණිස මෙය තෝරාගෙන විශුද්ධ කෙළෙමි. මාගේ නෙත් ද මාගේ සිත ද නිතර ම මෙතැනට යොමු වී තිබෙන්නේ ය. ඉතින්, නුඹේ පිය දාවිත් හැසුරුණ පරිදි නුඹ මා ඉදිරියෙහි හැසිරෙමින්, මා විසින් නුඹට අණ කරන ලද සියල්ල කරමින්, මාගේ පණත් ද විනිශ්චයයන් ද පිළිපදින්නෙහි නම්, ඉශ්රායෙල්හි ආණ්ඩුකාරයෙකු වීමට නුඹෙන් කෙනෙක් නැති ව නොයන්නේ ය කියා මා නුඹේ පිය දාවිත්ට පොරොන්දු වූ ලෙස නුඹේ රාජ්‍යයේ සිංහාසනය ස්ථිර කරන්නෙමි. එහෙත්, නුඹලා මා වෙතින් ඉවත් ව ගොස්, මා නුඹලා ඉදිරියෙහි තබා තිබෙන මාගේ පණත් ද ආඥා ද අත්හැර ගොස්, වෙන දෙවිවරුන්ට වැඳුම්පිදුම් කර ඔවුන්ට නමස්කාර කරන්නහු නම්, මා ඔවුන්ට දී තිබෙන මාගේ දේශයෙන් මම ඔවුන් සහමුලින් ම පහකරන්නෙමි. මාගේ නාමයට මා විශුද්ධ කළ මේ මාලිගාව මාගේ ඇස් හමුයෙන් පහකර දමන්නෙමි. එය සියලු ජාතීන් අතරේ විහිළුවක් ද උපහාසයක් ද නටබුන් ගොඩක් ද වනු ඇත. “මේ මාලිගාව ළඟින් යන සියල්ලෝ විස්මයට පත් ව, ‘සමිඳාණන් වහන්සේ මේ දේශයටත්, මේ මාලිගාවටත් කුමක් නිසා මෙසේ කළ සේක් දැ’යි අසන්නෝ ය. එවිට මනුෂ්‍යයන් කතා කොට, ‘ඔවුන් මිසර දේශයෙන් ගෙන ආ ඔවුන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත්හැර, අන් දෙවිවරුන්ට ඇළුම් ව, ඔවුන්ට නමස්කාර කොට වැඳුම්පිදුම් කළ නිසා, උන් වහන්සේ මේ සියලු විපත්ති ඔවුන් පිට පැමිණෙවූ සේකැ’යි කියනු ඇත.”

බෙදාගන්න
2 1 වංශාවලිය 7 NRSV

2 1 වංශාවලිය 7:11-22 SNRV (Sinhala New Revised Version 2018)

මෙසේ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද රජ මැදුර ද සාදා නිම කෙළේ ය. උන් වහන්සේගේ මාලිගාවෙහිත්, තමාගේ ම රජ මැදුරෙහිත් කරන්න අදහස් කළ සියල්ල සලමොන් ඉෂ්ට කෙළේ ය. එවිට සමිඳාණන් වහන්සේ රාත්‍රියේ සලමොන්ට දර්ශනය වී මෙසේ වදාළ සේක: “මම නුඹේ යාච්ඤාව අසා මේ ස්ථානය මට පූජාසනයක් කොට තෝරාගතිමි. වැසි නොවසින ලෙස මම අහස වසාලන්නෙම් නම්, නොහොත් රට පාළු කිරීමට පළඟැටියන්ට අණ කරන්නෙම් නම්, නොහොත් මාගේ සෙනඟ අතරට වසංගතය එවන්නෙම් නම්, මාගේ නාමය දරන මාගේ සෙනඟ බැගෑපත් වී, යාච්ඤා කර, මා සොයා තමන්ගේ නපුරු මාර්ග අත්හැරියොත්, මම ස්වර්ගයේ සිට එය අසා, ඔවුන්ගේ පව් කමා කොට ඔවුන්ගේ දේශයට සෙත සලසන්නෙමි. දැන් ද මින් ඉදිරියට ද මේ ස්ථානයේ දී කරන යාච්ඤාවට මාගේ ඇස් ඇර, මාගේ කන් යොමු කරනු ලැබේ. දැන් ද ඉදිරියට ද මාගේ නාමය මේ මාලිගාවෙහි සදහට ම තිබෙන පිණිස මෙය තෝරාගෙන විශුද්ධ කෙළෙමි. මාගේ නෙත් ද මාගේ සිත ද නිතර ම මෙතැනට යොමු වී තිබෙන්නේ ය. ඉතින්, නුඹේ පිය දාවිත් හැසුරුණ පරිදි නුඹ මා ඉදිරියෙහි හැසිරෙමින්, මා විසින් නුඹට අණ කරන ලද සියල්ල කරමින්, මාගේ පනත් ද විනිශ්චයයන් ද පිළිපදින්නෙහි නම්, ඉශ්රායෙල්හි ආණ්ඩුකාරයෙකු වීමට නුඹෙන් කෙනෙක් නැති ව නොයන්නේ ය කියා මා නුඹේ පිය දාවිත්ට පොරොන්දු වූ ලෙස නුඹේ රාජ්‍යයේ සිංහාසනය ස්ථිර කරන්නෙමි. එහෙත්, නුඹලා මා වෙතින් ඉවත් ව ගොස්, මා නුඹලා ඉදිරියෙහි තබා තිබෙන මාගේ පනත් ද ආඥා ද අත්හැර ගොස්, වෙන දෙවිවරුන්ට වැඳුම්පිදුම් කර ඔවුන්ට නමස්කාර කරන්නහු නම්, මා ඔවුන්ට දී තිබෙන මාගේ දේශයෙන් මම ඔවුන් සහමුලින් ම පහකරන්නෙමි. මාගේ නාමයට මා විශුද්ධ කළ මේ මාලිගාව මාගේ ඇස් හමුයෙන් පහකර දමන්නෙමි. එය සියලු ජාතීන් අතරේ විහිළුවක් ද උපහාසයක් ද නටබුන් ගොඩක් ද වනු ඇත. “මේ මාලිගාව ළඟින් යන සියල්ලෝ විස්මයට පත් ව, ‘සමිඳාණන් වහන්සේ මේ දේශයටත්, මේ මාලිගාවටත් කුමක් නිසා මෙසේ කළ සේක් දැ’යි අසන්නෝ ය. එවිට මනුෂ්‍යයන් කතා කොට, ‘ඔවුන් මිසර දේශයෙන් ගෙන ආ ඔවුන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත්හැර, අන් දෙවිවරුන්ට ඇළුම් ව, ඔවුන්ට නමස්කාර කොට වැඳුම්පිදුම් කළ නිසා, උන් වහන්සේ මේ සියලු විපත්ති ඔවුන් පිට පැමිණෙවූ සේකැ’යි කියනු ඇත.”

බෙදාගන්න
2 1 වංශාවලිය 7 SNRV

2 1 වංශාවලිය 7:11-22 NIV (New International Version)

When Solomon had finished the temple of the LORD and the royal palace, and had succeeded in carrying out all he had in mind to do in the temple of the LORD and in his own palace, the LORD appeared to him at night and said: “I have heard your prayer and have chosen this place for myself as a temple for sacrifices. “When I shut up the heavens so that there is no rain, or command locusts to devour the land or send a plague among my people, if my people, who are called by my name, will humble themselves and pray and seek my face and turn from their wicked ways, then I will hear from heaven, and I will forgive their sin and will heal their land. Now my eyes will be open and my ears attentive to the prayers offered in this place. I have chosen and consecrated this temple so that my Name may be there forever. My eyes and my heart will always be there. “As for you, if you walk before me faithfully as David your father did, and do all I command, and observe my decrees and laws, I will establish your royal throne, as I covenanted with David your father when I said, ‘You shall never fail to have a successor to rule over Israel.’ “But if you turn away and forsake the decrees and commands I have given you and go off to serve other gods and worship them, then I will uproot Israel from my land, which I have given them, and will reject this temple I have consecrated for my Name. I will make it a byword and an object of ridicule among all peoples. This temple will become a heap of rubble. All who pass by will be appalled and say, ‘Why has the LORD done such a thing to this land and to this temple?’ People will answer, ‘Because they have forsaken the LORD, the God of their ancestors, who brought them out of Egypt, and have embraced other gods, worshiping and serving them—that is why he brought all this disaster on them.’ ”

බෙදාගන්න
2 1 වංශාවලිය 7 NIV