2 1 වංශාවලිය 30:1-5
2 1 වංශාවලිය 30:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මුළු ඉශ්‍රායෙල් හා යූදා වෙත පණිවුඩ යැවූ හෙසකියා, එප්‍රායිම් හා මනස්සේ වෙත ද ලිපි ලියා, ඔවුන් සැවොම ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට පාස්කුව පවත්වන පිණිස යෙරුසලමෙහි ස්වාමින්වහන්සේගේ ගෘහයට පැමිණිය යුතු යයි දැන්වී ය. මන්ද රජු හා ඔහුගේ අධිපතීන් ද යෙරුසලමෙහි මුළු සභාව ද පාස්කුව දෙවන මාසයේ පැවැත්වීමට මන්ත්‍රණ කොට තිබිණ. මන්ද යත් ඊට නියමිත කාලයේ එය පැවැත්වීමට ඔවුනට නො හැකි වී තිබිණ. එසේ වූයේ පූජකයින් අවශ්‍ය ගණනට අනුව තමන් ම පවිත්‍ර වී නො සිටි නිසාත්, ජනයා යෙරුසලමට එක් රැස් වී නො සිටි නිසාත් ය. තවද මෙම සැලැස්ම යෙහෙකැයි රජුටත්, මුළු සභාවටත් පෙනී ගියේ ය. එබැවින් ඔවුහු ඉශ්‍රායෙල් මුළුල්ලේ, බෙයර්ෂෙබා පටන් දාන් දක්වා නිවේදනයක් කරවීමට නියම කර ගත්හ. ඒ, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට යෙරුසලමෙහි දී පාස්කුව පැවැත්වීමට ජනයා පැමිණිය යුතු බවට ය. මන්ද ඔවුන් දිගු කලක් එය ලියා තිබූ හැටියට නො පවත්වා තිබූ හෙයිනි.
2 1 වංශාවලිය 30:1-5 Sinhala Revised Old Version (SROV)
ඉන්පසු ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පාස්කුව පවත්වන පිණිස යෙරුසලමෙහි ස්වාමීන්වහන්සේගේ ගෘහයට එන්ට කියා හෙසකියා ඉශ්‍රායෙල් රටද යූදා දේශයද මුළුල්ලෙහි කියා ඇරියේය, එප්‍රායිම් සහ මනස්සේටත් ලියුම් ලියා ඇරියේය. සෑහෙන පමණ පූජකයන් පවිත්‍රනොවූ නිසාත්, සෙනඟ යෙරුසලමට රැස්නූණ නිසාත්, නියම කාලයට පාස්කුව පවත්වන්ට නොහැකිව, දෙවෙනි මාසයේ එය පවත්වන්ට රජද ඔහුගේ අධිපතීහුද සම්මතකරගත්තෝය. ඒ කාරණය රජුටත් මුළු සභාවටත් හරිව පෙනුණේය. ලියා තිබෙන හැටියට පාස්කුව බොහෝ කාලයක පටන් නොපැවැත්වූ බැවින්, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පාස්කුව යෙරුසලමෙහි පවත්වන පිණිස එන්ට කියා ඔව්හු බෙයෙර්-ෂෙබා සිට දාන් දක්වා ඉශ්රායෙල් රට මුළුල්ලෙහි ප්‍රසිද්ධකරන ලෙස නියෝගයක් කළෝය.
2 1 වංශාවලිය 30:1-5 Sinhala New Revised Version (NRSV)
ඉන්පසු හෙසකියා ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට පාස්කු මංගල්‍යය පවත්වන පිණිස ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාවට එන්න කියා ඉශ්රායෙල් රට හා ජුදා දේශය මුළුල්ලෙහි දන්වා යැවී ය. එප්‍රායිම් ජනයාට සහ මනස්සේ ජනයාටත් ලියුම් ලියා යැවී ය. සෑහෙන පමණ පූජකයන් පවිත්‍ර නොවූ නිසාත්, සෙනඟ ජෙරුසලමට රැස් නොවූ නිසාත්, නියම කාලයට පාස්කු මංගල්‍යය පවත්වන්න නොහැකි ව, දෙ වන මාසයේ එය පවත්වන්න රජ ද ඔහුගේ අධිපතීහු ද සම්මත කරගත්හ. ඒ කරුණ රජුටත්, මුළු සභාවටත් සුදුසු යයි පෙනිණි. බොහෝ කාලයක පටන් විශාල පිරිසක් ව්‍යවස්ථාවේ ලියා තිබෙන ආකාරයට පාස්කුව නොපැවැත් වූ නිසා, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ පාස්කුව ජෙරුසලමෙහි පවත්වන පිණිස එන ලෙස ඔව්හු බෙයර්-ෂෙබා සිට දාන් දක්වා ඉශ්රායෙල් රට මුළුල්ලෙහි ප්‍රසිද්ධ කරන ලෙස නියෝගයක් කළෝ ය.
2 1 වංශාවලිය 30:1-5 Sinhala New Revised Version 2018 (SNRV)

2 1 වංශාවලිය 30:1-5 New International Version (NIV)
Hezekiah sent word to all Israel and Judah and also wrote letters to Ephraim and Manasseh, inviting them to come to the temple of the LORD in Jerusalem and celebrate the Passover to the LORD, the God of Israel. The king and his officials and the whole assembly in Jerusalem decided to celebrate the Passover in the second month. They had not been able to celebrate it at the regular time because not enough priests had consecrated themselves and the people had not assembled in Jerusalem. The plan seemed right both to the king and to the whole assembly. They decided to send a proclamation throughout Israel, from Beersheba to Dan, calling the people to come to Jerusalem and celebrate the Passover to the LORD, the God of Israel. It had not been celebrated in large numbers according to what was written.