2 1 වංශාවලිය 29:25-30

2 1 වංශාවලිය 29:25-30 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඉන්පසු ඔහු ස්වාමින්වහන්සේගේ ගෘහය තුළ ලෙවීවරුන් ස්ථානගත කළේ අත්තාලම්, මහ වීණා හා වීණා සමඟිනි. එසේ කළේ, දාවිත්ගේ ද රජුගේ අනාගතවක්තෘ වූ ගාද්ගේ හා නාතාන් දිවැසිවරයාගේ ද ආඥාව පරිද්දෙනි. මන්ද ආඥාව, ස්වකීය දිවැසිවරුන් මගින් ස්වාමින්වහන්සේ වෙතිනි. ලෙවීවරු, දාවිත්ගේ සංගීත භාණ්ඩ අතැතිව ද පූජකයෝ හොරණෑ අතැතිව ද සිටගත්හ. එවිට හෙසකියා දවන යාග පූජා, පූජාසනය මත ඔප්පු කරන ලෙස නියෝග කළේ ය. දවන යාග පූජා පටන් ගනිත් ම, ස්වාමින්වහන්සේට ගීතිකා ද පටන් ගැනිණ. එවිට ඉශ්‍රායෙල් රජු වූ දාවිත්ගේ සංගීත භාණ්ඩවලට සමගාමී ව හොරණෑ නාදය ද ඇරඹිණ. මුළු මහත් සභාව නමස්කාර කළෝ ය; ගායනා කරන්නෝ ගායනා කළහ; හොරණෑ නාද හැඬවිණ. මේ සියල්ල දවන යාග පූජා අවසන් වන තෙක් ම පැවතිණ. දවන යාග පූජා නිම වූ කල, රජු ද ඔහු සමඟ එහි පැමිණ සිටි සියල්ලෝ ද තුමූම නැමී, නමස්කාර කළහ. එවිට හෙසකියා රජුත්, නිලධාරිනුත් ලෙවීයයනට අණ කරමින්, දාවිත්ගේ හා අනාගතවක්තෘ ආසාෆ්ගේ වචන ලෙස ස්වාමින්වහන්සේට ප්‍රශංසා ගී ගයන්නට කීහ. ඔවුහු ප්‍රීතියෙන් යුතු ව ප්‍රශංසා ගී ගැයූහ. ඔවුහු බිමට නැමී, නමස්කාර කළහ.

2 1 වංශාවලිය 29:25-30 Sinhala Revised Old Version (SROV)

තවද ඔහු දාවිත්ගේද රජුගේ දිවස් ඇත්තාවූ ගාද්ගේද ප්‍රොපේතවූ නාතාන්ගේද අණ පරිද්දෙන් අත්තල්ද වීණාද මහ වීණාද ඇතුව ලෙවීවරුන් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි සිටෙවුවේය. මක්නිසාද ඒ ආඥාව ස්වාමීන්වහන්සේගෙන් ප්‍රොපේතවරුන් අතින් වූයේය. ලෙවීවරු දාවිත්ගේ තූර්යභාණ්ඩද පූජකයෝ හොරණෑද රැගෙන සිටියෝය. හෙසකියාද පූජාසනය පිට දවන පූජාව ඔප්පුකරන්ට අණකෙළේය. දවන පූජාව පටන්ගන්න වේලාවට ස්වාමීන්වහන්සේගේ ගීතිකාවද හොරණෑද ඉශ්‍රායෙල් රජවූ දාවිත්ගේ තූර්යභාණ්ඩ ඇතුව පටන්ගන්නාලද්දේය. මුළු සභාව වැඳවැටී උන්නාය, ගී කියන්නෝ ගී කීවෝය. හොරණෑකාරයෝ නළා පිම්බෝය; දවන පූජාව නිමවන තුරු සියල්ල එසේ පැවතුණේය. පූජාකර නිමවූ කල රජද ඔහු සමඟ සිටි සියල්ලෝද නැමී වැන්දෝය. හෙසකියා රජද අධිපතීහුද දාවිත්ගෙත් දිවස් ඇත්තා වන ආසාප්ගෙත් වචනවලින් ස්වාමීන්වහන්සේට ප්‍රශංසා ගී කියන්ට ලෙවීවරුන්ට අණකළෝය. ඔව්හු ප්‍රීතියෙන් ප්‍රශංසා ගී කියා, හිස් නමා වැන්දෝය.

2 1 වංශාවලිය 29:25-30 Sinhala New Revised Version (NRSV)

තවද, ඔහු දාවිත්ගේ ද රජුගේ දිවැසිවරයා වූ ගාද්ගේ ද දෙවියන් වහන්සේට කැප මිනිසෙකු වූ දිවැසිවර නාතාන්ගේ ද අණ පරිද්දෙන් අත්තල් ද වීණා ද මහා වීණා ද ඇති ව ලෙවීවරුන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සිටෙව්වේ ය. මන්ද, ඒ ආඥාව දිවැසිවරුන් මඟින් සමිඳාණන් වහන්සේගෙන් පැමිණ තිබිණි. ලෙවීවරු දාවිත්ගේ තූර්ය භාණ්ඩ ද පූජකයෝ හොරණෑ ද රැගෙන සිටියෝ ය. හෙසකියා ද පූජාසනය පිට දවන යාග පූජාව ඔප්පු කරන්න අණ කළේ ය. දවන යාග පූජාව පටන්ගන්න වේලාවේ සමිඳාණන් වහන්සේගේ ගී ද හොරණෑ ශබ්දය ද ඉශ්රායෙල් රජ වූ දාවිත්ගේ තූර්ය භාණ්ඩවල හඬ ද ඇති ව එය පටන්ගන්න ලදී. මුළු සභාව වැඳ වැටී සිටියා ය. ගී ගයන්නෝ ගී ගැයූ හ. හොරණෑකාරයෝ නළා පිම්බෝ ය. දවන යාග පූජාව නිම වන තුරු සියල්ල එසේ පැවතිණි. පූජා ඔප්පු කර නිම වූ කල රජ ද ඔහු සමඟ සිටි සියල්ලෝ ද දණින් වැටී වැන්දෝ ය. හෙසකියා රජ ද අධිපතීහු ද දාවිත්ගේත්, දිවැසිවරයා වන ආසාප්ගේත් වචනවලින් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා ගී කියන්න ලෙවීවරුන්ට අණ කළෝ ය. ඔව්හු ප්‍රීතියෙන් ප්‍රශංසා ගී ගයා හිස නමා වැන්දෝ ය.

2 1 වංශාවලිය 29:25-30 Sinhala New Revised Version 2018 (SNRV)