2 1 වංශාවලිය 19:1-4 - Compare All Versions

2 1 වංශාවලිය 19:1-4 SCV (සිංහල කාලීන පරිවර්තනය)

යූදා රජු යෙහෝෂාෆාට්, යෙරුසලමෙහි තම මන්දිරයට සුරක්ෂිත ව පැමිණි කල, හනානීගේ පුත් අනාගතවක්තෘ යේහූ ඔහු මුණගැසෙන පිණිස පිටත් ව ගොස්, රජුට කතා කොට, “දුෂ්ටයාට උපකාර කිරීමත්, ස්වාමින්වහන්සේට වෛරවන්නන්හට ප්‍රේම කිරීමත් ඔබට යුතු ද? මේ නිසා ස්වාමින්වහන්සේගේ උදහස ඔබ වෙත පිටත් ව ඇත. එසේ වුවත් ඔබ තුළ යහපතක් හමු වී තිබේ. මන්ද ඔබ දේශයෙන් අෂේරා කණු විනාශ කර, දෙවියන්වහන්සේ සොයන්නට ඔබේ හද යොමු කර තිබේ යැ” යි පැවසී ය. යෙහෝෂාෆාට්, යෙරුසලමේ වාසය කළේ ය. ඔහු බෙයර්ෂෙබා පටන් එප්‍රායිම් කඳුරට දක්වා වූ ජනයා අතරට යළි ගොස්, ඔවුන්ගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත ඔවුන් ආපසු හැරවී ය.

බෙදාගන්න
2 1 වංශාවලිය 19 SCV

2 1 වංශාවලිය 19:1-4 SROV (Sinhala Revised Old Version)

යූදාහි රජවූ යෙහෝෂාපාට් යෙරුසලමේ තමාගේ ගෙට සමාදානයෙන් හැරීගියේය. නුමුත් හනානිගේ පුත්‍රවූ යේහු නම් දිවස් ඇත්තා යෙහෝෂාපාට් රජුගේ පෙරමගට පිටත්ව ගොස් ඔහුට කථාකොට: දුෂ්ටයාට උපකාරකිරීමත් ස්වාමීන්වහන්සේට වෛරවෙන්නන්ට ප්‍රේමකිරීමත් නුඹට යුතුද? මේ කාරණය නිසා නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේගේ උදහස පැමිණ තිබේ. එසේ වුවත් නුඹ අෂේරා කණු දේශයෙන් පහකරදැමීමද, දෙවියන්වහන්සේ සෙවීමට නුඹේ සිත යොමුකිරීමද නම්වූ යහපත් කාරණා නුඹට ඇත්තේයයි කීවේය. යොහෝෂාපාට් යෙරුසලමෙහි වාසය කෙළේය. ඔහු නැවත බෙයෙර්-ෂෙබා පටන් එප්‍රායිම් කඳුරට දක්වා සෙනඟ අතරට ගොස්, ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට ඔවුන් හරවාගත්තේය.

බෙදාගන්න
2 1 වංශාවලිය 19 SROV

2 1 වංශාවලිය 19:1-4 NRSV (Sinhala New Revised Version)

ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ජෙරුසලමේ තම මාලිගාවට සුව සේ හැරී ගියේ ය. එහෙත්, හනානීගේ පුත් ජේහු නම් දිවැසිවරයා ජෙහෝෂාපාට්ගේ පෙරමඟට පිටත් ව ගොස්, ඔහුට කතා කොට, “දුෂ්ටයාට උපකාර කිරීමත්, සමිඳාණන් වහන්සේට වෛර වන්නන්ට ප්‍රේම කිරීමත් ඔබට යුතු ද? මේ කාරණය නිසා ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස පැමිණ තිබේ. එසේ වුවත්, ඔබ දේශයෙන් අෂේරා කප් කණු පහකර දැමීම ද දෙවියන් වහන්සේ සෙවීමට ඔබේ සිත යොමු කිරීම ද යන යහපත් ක්‍රියා කර ඇත්තේ ය”යි කීවේ ය. ජෙහෝෂාපාට් ජෙරුසලමෙහි කලක් වාසය කොට, බෙයර්-ෂෙබා පටන් එප්‍රායිම් කඳු රට දක්වා සෙනඟ අතරට ගොස්, ඔවුන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත ඔවුන් නැවත හරවා ගත්තේ ය.

බෙදාගන්න
2 1 වංශාවලිය 19 NRSV

2 1 වංශාවලිය 19:1-4 SNRV (Sinhala New Revised Version 2018)

ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ජෙරුසලමේ තම මාලිගාවට සුව සේ හැරී ගියේ ය. එහෙත්, හනානීගේ පුත් ජේහු නම් දිවැසිවරයා ජෙහෝෂාපාට්ගේ පෙරමඟට පිටත් ව ගොස්, ඔහුට කතා කොට, “දුෂ්ටයාට උපකාර කිරීමත්, සමිඳාණන් වහන්සේට වෛර වන්නන්ට ප්‍රේම කිරීමත් ඔබට යුතු ද? මේ කාරණය නිසා ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස පැමිණ තිබේ. එසේ වුවත්, ඔබ දේශයෙන් අෂේරා කප් කණු පහකර දැමීම ද දෙවියන් වහන්සේ සෙවීමට ඔබේ සිත යොමු කිරීම ද යන යහපත් ක්‍රියා කර ඇත්තේ ය”යි කීවේ ය. ජෙහෝෂාපාට් ජෙරුසලමෙහි කලක් වාසය කොට, බෙයර්-ෂෙබා පටන් එප්‍රායිම් කඳු රට දක්වා සෙනඟ අතරට ගොස්, ඔවුන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත ඔවුන් නැවත හරවා ගත්තේ ය.

බෙදාගන්න
2 1 වංශාවලිය 19 SNRV

2 1 වංශාවලිය 19:1-4 NIV (New International Version)

When Jehoshaphat king of Judah returned safely to his palace in Jerusalem, Jehu the seer, the son of Hanani, went out to meet him and said to the king, “Should you help the wicked and love those who hate the LORD? Because of this, the wrath of the LORD is on you. There is, however, some good in you, for you have rid the land of the Asherah poles and have set your heart on seeking God.” Jehoshaphat lived in Jerusalem, and he went out again among the people from Beersheba to the hill country of Ephraim and turned them back to the LORD, the God of their ancestors.

බෙදාගන්න
2 1 වංශාවලිය 19 NIV