2 1 වංශාවලිය 15:7-8
2 1 වංශාවලිය 15:7-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් ඔබ සවිමත් ව සිටින්න. අත් බෙලහීන වන්නට ඉඩ නො දෙන්න. මන්ද ඔබේ වැඩට ඉටු විපාක ලැබෙන්නේ යැ” යි පැවසී ය. ආසා මේ වචන එනම් දිවැසිවර ඕදේද්ගේ පුත් අසරියාගේ දිවැස් වැකිය ඇසූ විගස ධෛර්යවත් වී, මුළු යූදා හා බෙන්යමින් දේශයෙන් ද තමා අල්ලා ගත් එප්‍රායිම් කඳුකරයේ නගරවලින් ද පිළිකුල් සහගත දේවතා පිළිම ඉවත් කර, ස්වාමින්වහන්සේගේ ගෘහයේ පිවිසුම් ශාලාව ඉදිරිපිට තිබූ ස්වාමින්වහන්සේගේ පූජාසනය පිළිසකර කළේ ය.
2 1 වංශාවලිය 15:7-8 Sinhala Revised Old Version (SROV)
එහෙත් නුඹලා අත්හෙළා නොගෙන ශක්තිමත් වෙන්න. මක්නිසාද නුඹලාගේ වැඩට විපාක ලැබෙන්නේයයි කීවේය. ආසා මේ වචනය ප්‍රොපේතවූ ඕදෙද්ගේ අනාගතවාක්‍යයද ඇසූ කල ධෛර්ය උපදවාගන, යූදාවරුන්ගෙත් බෙන්යමින්වරුන්ගෙත් මුළු දේශයෙන්ද එප්‍රායිම් කඳු රටින් තමා විසින් අල්ලාගත් නුවරවලින්ද පිළිකුල් දේවල් අහක්කෙළේය; ඔහු ස්වාමීන්වහන්සේගේ ද්වාරමණ්ඩපය ඉදිරිපිට තිබුණු ස්වාමීන්වහන්සේගේ පූජාසනයද අලුත්වැඩියාකෙළේය.
2 1 වංශාවලිය 15:7-8 Sinhala New Revised Version (NRSV)
එහෙත්, ඔබ දුබල නොවී ශක්තිමත් වන්න. මන්ද, ඔබ හැමගේ වැඩට විපාක ලැබෙන්නේ ය.” ආසා මේ පණිවුඩය ද දිවැසිවර ඕදෙද්ගේ දිවැස් වැකිය ද ඇසූ කල ධෛර්ය උපදවාගෙන, ජුදාවරුන්ගේත්, බෙන්ජමින්වරුන්ගේත් මුළු දේශයෙන් ද එප්‍රායිම් කඳු රටින් තමා අල්ලාගත් නගරවලින් ද පිළිකුල් දේව රූප අහක් කෙළේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ ද්වාර මණ්ඩපය ඉදිරිපිට තිබූ සමිඳාණන් වහන්සේගේ පූජාසනය ද අලුත් වැඩියා කෙළේ ය.
2 1 වංශාවලිය 15:7-8 Sinhala New Revised Version 2018 (SNRV)
එහෙත්, ඔබ දුබල නොවී ශක්තිමත් වන්න. මන්ද, ඔබ හැමගේ වැඩට විපාක ලැබෙන්නේ ය.” ආසා මේ පණිවුඩය ද දිවැසිවර ඕදෙද්ගේ දිවැස් වැකිය ද ඇසූ කල ධෛර්ය උපදවාගෙන, ජුදාවරුන්ගේත්, බෙන්ජමින්වරුන්ගේත් මුළු දේශයෙන් ද එප්‍රායිම් කඳු රටින් තමා අල්ලාගත් නගරවලින් ද පිළිකුල් දේව රූප අහක් කෙළේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ ද්වාර මණ්ඩපය ඉදිරිපිට තිබූ සමිඳාණන් වහන්සේගේ පූජාසනය ද අලුත් වැඩියා කෙළේ ය.
2 1 වංශාවලිය 15:7-8 New International Version (NIV)
But as for you, be strong and do not give up, for your work will be rewarded.” When Asa heard these words and the prophecy of Azariah son of Oded the prophet, he took courage. He removed the detestable idols from the whole land of Judah and Benjamin and from the towns he had captured in the hills of Ephraim. He repaired the altar of the LORD that was in front of the portico of the LORD’s temple.