2 1 වංශාවලිය 11:1-4

2 1 වංශාවලිය 11:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)

යෙරුසලමට පැමිණි රෙහොබොවම්, ඉශ්‍රායෙල්ට එරෙහිව යුද්ධ කර, රෙහොබොවම්ට යළි රාජ්‍යය අත්කර ගන්නා පිණිස යූදා හා බෙන්යමින් වංශික, තෝරාගත් රණශූරයින් එක්ලක්ෂ අසූදහසක් එක් රැස් කළේ ය. එහෙත් ස්වාමින්වහන්සේගේ වචනය දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වූ ෂෙමායා වෙත පැමිණියේ ය: “සාලමොන්ගේ පුත්, යූදාහි රජු වූ රෙහොබොවම්ටත්, යූදාහි හා බෙන්යමින්හි සිටින සියලු ඉශ්‍රායෙල්වරුන්ටත් මෙසේ කියන්න; ‘ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ඔබගේ සහෝදරයන්ට එරෙහිව සටනට නො යන්න. ඔබ එකිනෙකා තම තමන්ගේ නිවසට ආපසු යන්න. මන්ද මේ දේ මගෙන් පැමිණියකි.’ ” එබැවින් ඔවුහු ස්වාමින්වහන්සේගේ වචනයට කීකරු වී යෙරොබොවම්ට එරෙහිව නො ගොස් ආපසු ගියහ.

2 1 වංශාවලිය 11:1-4 Sinhala Revised Old Version (SROV)

රෙහොබොවම් යෙරුසලමට පැමුණුණ විට, තමාට රාජ්‍යය නැවත ලබාගන්ට ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකරන පිණිස ඔහු යූදා වංශයද බෙන්යමින් වංශයද වන තෝරාගත් යුද්ධකාරයන් එක්ලක්ෂ අසූදහසක් රැස්කෙළේය. නුමුත් ස්වාමීන්වහන්සේගේ වචනය දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ ෂෙමායා වෙතට පැමිණ කියනුයේ: නුඹ සාලමොන්ගේ පුත්‍රවූ යූදාහි රජවූ රෙහොබොවම්ටත් යූදා සහ බෙන්යමින්හි සියලු ඉශ්‍රායෙල්වරුන්ටත් කථාකොට– නුඹලා නොයන්න, නුඹලාගේ සහෝදරයන්ට විරුද්ධව යුද්ධ නොකරන්න, එක එකා තම තමාගේ ගෙදරට හැරී යන්න; මක්නිසාද මේ කාරණය පැමුණුණේ මාගෙන්ය කියා ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කියන්නැයි කීය. එවිට ඔව්හු ස්වාමීන්වහන්සේගේ වචනවලට ඇහුම්කන්දී, යෙරොබොවම්ට විරුද්ධව නොගොස් හැරී ආවෝය.

2 1 වංශාවලිය 11:1-4 Sinhala New Revised Version (NRSV)

රෙහොබෝවම් ජෙරුසලමට පැමිණ, තමාට රාජ්‍යය නැවත ලබාගන්න ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස, ජුදා වංශයෙන් ද බෙන්ජමින් වංශයෙන් ද වන තෝරාගත් යුද්ධ භටයන් එක්ලක්ෂ අසූදහසක් රැස් කෙළේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේට කැප මනුෂ්‍යයා වූ ෂෙමායා වෙත පැමිණ, “නුඹ සලමොන්ගේ පුත් ජුදාහි රජ වන රෙහොබෝවම්ටත්, ජුදාහි සහ බෙන්ජමින්හි සියලු ඉශ්රායෙල්වරුන්ටත් කතා කොට, ‘නුඹලා නොයන්න. නුඹලාගේ සහෝදරයන්ට විරුද්ධ ව යුද්ධ නොකරන්න. එක් එක්කෙනා තම තමාගේ ගෙදරට හැරී යන්න. මන්ද, මේ කාරණා පැමිණියේ මාගෙන් ය කියා සමිඳාණන් වහන්සේ වදාරන සේක’ කියා දන්වන්නැ”යි කී ය. එවිට ඔව්හු සමිඳාණන් වහන්සේගේ වචනවලට ඇහුම්කන් දී, ජෙරොබෝවම්ට විරුද්ධ ව නොගොස් හැරී ආවෝ ය.

2 1 වංශාවලිය 11:1-4 Sinhala New Revised Version 2018 (SNRV)