1 තිමෝති 4:6-14

1 තිමෝති 4:6-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඔබ මේ දෑ සහෝදරයින්ට පෙන්වා දෙන්නේ නම්, ඔබ ඇදහිල්ලේ වචනයෙන් හා ඔබ අනුගමන කළ සාර ධර්මයෙන් පෝෂණය ලැබූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ හොඳ සේවකයකු වනු ඇත. අභක්තික මිථ්‍යා සහ මැහැලියන්ගේ ප්‍රලාපවල නො පැටලවී, දේව භක්තිය උදෙසා අභ්‍යාස කරන්න. ශාරීරික අභ්‍යාසයේ යම් වටිනාකමක් ඇත. එහෙත් මේ ජීවිතයට මෙන් ම මතු ජීවිතයට ද පොරොන්දු දරා සිටින දේව භක්තිවන්තකම හැම අතින් ම වටින්නේ ය. විශ්වසනීය, මුළුමනින් ම පිළිගැනීමට යෝග්‍ය කියමනකි මෙය. අප වෙහෙස මහන්සි වන්නෙත්, පරිශ්‍රම දරන්නෙත් මේ නිසා ය. මන්ද අප බලාපොරොත්තු තබා සිටින්නේ, සියලු මිනිසුන්ගේ, විශේෂයෙන් ම අදහන්නන්ගේ ගැලවුම්කරු වූ ජීවමාන දෙවියන්වහන්සේ කෙරේ ය. මේ දෑ අණ කරන්න; උගන්වන්න. ඔබ තරුණ නිසා ඔබ සුළු කොට තකන්නට කිසිවකුට ඉඩ තබන්නේ නැතිව, කතාවෙන්, හැසිරීමෙන්, ප්‍රේමයෙන්, ඇදහිල්ලෙන් හා පවිත්‍රතාවෙන් ඇදහිලිවතුන් හමුවේ ඔබ ම ආදර්ශයක් වන්න. මා එන තුරු ශුද්ධ ලියවිල්ල ප්‍රසිද්ධියේ කියවීමට, උපදෙස් දීමට හා ඉගැන්වීමට ඇප කැප වන්න. සභා වැඩිමහල්ලන් ඔබ මත අත් තබා, දිවැසි පණිවුඩයක් මගින් ඔබට දානය කරන ලද දීමනාව, නො සලකා නො හරින්න.

1 තිමෝති 4:6-14 Sinhala Revised Old Version (SROV)

නුඹ මේ දේවල් සහෝදරයන්ට සිහිකරවන්නෙහි නම්, ඇදහිල්ලේද මේ දක්වා නුඹ අනුව ගිය යහපත් ගුරුකමේද වචනවලින් නුඹ පෝෂ්‍යවී, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ යහපත් සේවකයෙක් වන්නෙහිය. නුමුත් අපහාසිකවූ මැහැලියන්ගේ ප්‍රබන්ධ එපාකොට, භක්තිවන්තකම පිණිස ව්‍යායාම පවත්වන්න. මක්නිසාද ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන ටිකය; නුමුත් භක්තිවන්තකමට දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැම දේටම ප්‍රයෝජනවත්ය. මේක විශ්වාසවූ සර්වප්‍රකාරයෙන් පිළිගත යුතුවූ කීමක්ය. එසේය, ඒ පිණිස අපි වැඩකරමුව, වීර්යකරමුව, මක්නිසාද සියලු මනුෂ්‍යයන්ගේ, ප්‍රධානකොට ඇදහිලිවන්තයන්ගේ, ගැළවුම්කාරයාණන්වූ ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙහි අපි බලාපොරොත්තුවී සිටිමුව. මේ දේවල් ආඥාකොට උගන්වන්න. නුඹේ යෞවනකම සුළුකරන්ට කිසිවෙකුට ඉඩ නෑර, කථාවෙනුත් හැසිරීමෙනුත් ප්‍රේමයෙනුත් ඇදහිල්ලෙනුත් පිරිසිදුකමෙනුත් අදහන්නන්ට නුඹම ආදර්ශයක් වෙන්න. මා එනතුරු කියවීමෙහිද අවවාදකිරීමෙහිද ඉගැන්වීමෙහිද යෙදී සිටින්ට බලාගන්න. වැඩිමහල්ලන්ගේ අත් තැබීම ඇතුව අනාගතවාක්‍යයෙන් නුඹට දෙනලද නුඹ තුළ තිබෙන දීමනාව ව්‍යවහාර නොකර නොසිටින්න.

1 තිමෝති 4:6-14 Sinhala New Revised Version (NRSV)

මේවා සහෝදරයන්ට ප්‍රකාශ කරන්නෙහි නම්, ඔබ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ හොඳ සේවකයෙක් වන්නෙහි ය. එවිට ඔබ අනුගමනය කරන ඇදහිල්ලේ වචන ද සම්‍යක් ධර්මය ද ඉගැන්වීමෙන් පෝෂණය වන්නේ ය. අභක්තික මිථ්‍යා කථා ද, මැහැලියන්ගේ ප්‍රලාප ද නොතකා, දේව භක්තිය සඳහා ව්‍යායාම කරන්න. මන්ද, ශාරීරික ව්‍යායාමයෙන් ලැබෙන්නේ මඳ ප්‍රයෝජනයකි. එහෙත් දේව භක්තික ව්‍යායාම හැම අතින් ම ප්‍රයෝජනවත් වේ. කුමක් හෙයින් ද යත්, එය මෙලොව ජීවිතයටත් මතු ජීවිතයටත් බලාපොරොත්තු ඇති කරන හෙයිනි. මෙය විශ්වාස කටයුතු, සියල්ලන් විසින් පිළිගත යුතු කීමකි. අප වෙහෙස වන්නේත්, සටන් කරන්නේත්, සියලු මිනිසුන්ගේ, විශේෂයෙන් අදහන්නන්ගේ, මිදුම්කාර වූ ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙහි අපේ බලාපොරොත්තුව තබා තිබෙන නිසා ය. ඔබේ ඉගැන්වීම්වල දී මේවා අණ කරන්න. ඔබගේ තරුණකම නිසා ඔබ සුළු කොට සැලකීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න. ඔබේ කතාවෙන් ද හැසිරීමෙන් ද ප්‍රේමයෙන් ද ඇදහිල්ලෙන් හා පිරිසිදුකමින් ද අදහන්නන්ට ආදර්ශයක් වන්න. මා එන තුරු ප්‍රසිද්ධියේ ශුද්ධ ලියවිලි කියවීමට ද අනුශාසනා කිරීමට ද ඉගැන්වීමට ද අවධානය යොමු කරන්න. දිවැස් වැකි පැවසීමෙන් සභා මූලිකයන්ගේ අත්තැබීම ඇතුව ඔබට දෙන ලද ආත්මික වරම භාවිත කිරීම පැහැර නොහරින්න.

1 තිමෝති 4:6-14 Sinhala New Revised Version 2018 (SNRV)