1 තිමෝති 4:12-13
1 තිමෝති 4:12-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ තරුණ නිසා ඔබ සුළු කොට තකන්නට කිසිවකුට ඉඩ තබන්නේ නැතිව, කතාවෙන්, හැසිරීමෙන්, ප්‍රේමයෙන්, ඇදහිල්ලෙන් හා පවිත්‍රතාවෙන් ඇදහිලිවතුන් හමුවේ ඔබ ම ආදර්ශයක් වන්න. මා එන තුරු ශුද්ධ ලියවිල්ල ප්‍රසිද්ධියේ කියවීමට, උපදෙස් දීමට හා ඉගැන්වීමට ඇප කැප වන්න.
1 තිමෝති 4:12-13 Sinhala Revised Old Version (SROV)
නුඹේ යෞවනකම සුළුකරන්ට කිසිවෙකුට ඉඩ නෑර, කථාවෙනුත් හැසිරීමෙනුත් ප්‍රේමයෙනුත් ඇදහිල්ලෙනුත් පිරිසිදුකමෙනුත් අදහන්නන්ට නුඹම ආදර්ශයක් වෙන්න. මා එනතුරු කියවීමෙහිද අවවාදකිරීමෙහිද ඉගැන්වීමෙහිද යෙදී සිටින්ට බලාගන්න.
1 තිමෝති 4:12-13 Sinhala New Revised Version (NRSV)
ඔබගේ තරුණකම නිසා ඔබ සුළු කොට සැලකීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න. ඔබේ කතාවෙන් ද හැසිරීමෙන් ද ප්‍රේමයෙන් ද ඇදහිල්ලෙන් හා පිරිසිදුකමින් ද අදහන්නන්ට ආදර්ශයක් වන්න. මා එන තුරු ප්‍රසිද්ධියේ ශුද්ධ ලියවිලි කියවීමට ද අනුශාසනා කිරීමට ද ඉගැන්වීමට ද අවධානය යොමු කරන්න.
1 තිමෝති 4:12-13 Sinhala New Revised Version 2018 (SNRV)
ඔබගේ තරුණකම නිසා ඔබ සුළු කොට සැලකීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න. ඔබේ කතාවෙන් ද හැසිරීමෙන් ද ප්‍රේමයෙන් ද ඇදහිල්ලෙන් හා පිරිසිදුකමින් ද අදහන්නන්ට ආදර්ශයක් වන්න. මා එන තුරු ප්‍රසිද්ධියේ ශුද්ධ ලියවිලි කියවීමට ද අනුශාසනා කිරීමට ද ඉගැන්වීමට ද අවධානය යොමු කරන්න.
1 තිමෝති 4:12-13 New International Version (NIV)
Don’t let anyone look down on you because you are young, but set an example for the believers in speech, in conduct, in love, in faith and in purity. Until I come, devote yourself to the public reading of Scripture, to preaching and to teaching.