1 සාමුවෙල් 30:7-20 - Compare All Versions
1 සාමුවෙල් 30:7-20 SCV (සිංහල කාලීන පරිවර්තනය)
දාවිත් ඉන්පසු අහිමෙලෙක්ගේ පුත් අබියාතර් පූජකයාට කතා කර, “ඒපොද් සැට්ටය මා ළඟට ගෙනෙන්නැ” යි කීවේ ය. අබියාතර් ඒපොද් සැට්ටය දාවිත් වෙත ගෙනාවේ ය. එවිට දාවිත්, ස්වාමින්වහන්සේගෙන් විමසමින්, “මා මෙම ආක්‍රමණික කණ්ඩායම ලුහුබඳින්න ද? මට ඔවුන් අල්ලා ගන්නට හැකි වේ දැ?” යි ඇසී ය. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ලුහුබැඳ යන්න. ඔවුන් අල්ලා ගන්නටත්, මුදා ගන්නටත් නියතයෙන් ම ඔබට හැකි වෙතැ” යි පැවසූ සේක. දාවිත් ද ඔහු සමඟ වූ මිනිසුන් හයසියදෙනා ද බෙසෝර් දොරුව දක්වා පැමිණියහ. ඇතැම් දෙනෙක් එතැනදී නතර වූහ. මන්ද මිනිසුන් දෙසිය දෙනෙක් දොරුව තරණය කරන්නට බැරි තරමට විඩාබර ව සිටියහ. එහෙත් දාවිත් සහ සෙසු හාරසිය දෙනා දිගට ම ලුහුබැඳ ගියහ. එළිමහන් බිමකදී ඔවුන්ට ඊජිප්තු ජාතිකයකු දක්නට ලැබිණි. ඔවුහු දාවිත් වෙත ඔහු ගෙනාහ. ඔවුහු ඔහුට රොටි දුන්හ. ඔවුහු ඔහුට බීමට වතුරත් දුන්හ. තවද අත්තික්කා කැටියකින් කොටසක් ද වියළි මිදි කැවිලි දෙකක් ද ඔවුහු ඔහුට දුන්හ. ඒවා අහරට ගත් පසු ඔහු ප්‍රකෘතිමත් විය. මන්ද ඔහු දවස් තුනක් හා රෑ තුනක් සිට ඇත්තේ කෑමට රොටිවත්, බීමට වතුරවත් නැතිව ය. දාවිත් ඔහුට කතා කොට, “නුඹ අයිති කවරකුට ද? නුඹ එන්නේ කොහි සිට දැ?” යි ඇසී ය. ඔහු පිළිතුරු දෙමින්, “මා ඊජිප්තු තරුණයෙක්. අමලෙක්වරයකුගේ වහලෙක්. තුන් දිනකට පළමු මා රෝගාතුර වූ කල, මගේ ස්වාමියා මා අත්හැර දමා ගියා. අපි කෙරේතිවරුන්ගේ නෙගෙබ් ද යූදාවරුන්ට අයත් පෙදෙස ද කාලෙබ්ගේ නෙගෙබ් ද ආක්‍රමණ කර, සික්ලග් ගිනි ලෑවා” යි කීවේ ය. එවිට දාවිත්, “මේ ආක්‍රමණ කණ්ඩායම වෙත මට මග පෙන්වන්නට නුඹට පුළුවන් දැ?” යි ඇසී ය. ඔහු පිළිතුරු දෙමින්, “ඔබ මා මරා දමන්නේ නැති වගටත්, මගේ ස්වාමියා අතට මා බාර දෙන්නේ නැති වගටත්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි මට දිවුරන්න. එවිට ඒ කණ්ඩායම ළඟට මා ඔබ ගෙන යන්නම්” යැයි කීවේ ය. ඔහු දාවිත්ට මග පෙන්වී ය. එවිට මෙන්න! පිලිස්ති දේශයෙන් හා යූදා දේශයෙන් පැහැර ගන්නා ලද මහත් කොල්ලය නිසා ඔවුහු මුළු බිම් පෙදෙස පුරා විසිරී, පැතිරී, කමින් ද බොමින් ද නටමින් ද සිටියහ. දාවිත් සවස ගොම්මනේ පටන් පසු දා සවස් වන තෙක්, ඔවුන්ට පහර දුන්නේ ය. ඔටුවන් පිට නැගී පලා ගිය තරුණයින් හාරසිය දෙනකු හැර සෙසු කිසිවකුත් ගැලවුණේ නැත. අමලෙක්වරුන් විසින් ගෙන යනු ලැබ තිබූ සියල්ල දාවිත් මුදා ගත්තේ ය. දාවිත් තම භාර්යාවරුන් දෙදෙනා ද මුදා ගත්තේ ය. කිසිවකුත් නැති නො විණ. බාලයින් හා වැඩිහිටියන් ද පුතුන් හා දූවරුන් ද කොල්ලකනු ලැබ හෝ ගෙන යනු ලැබ තිබූ සියල්ල ද දාවිත් ආපසු ගෙනාවේ ය. දාවිත් එළු බැටළු රංචු හා ගව රංචු සියල්ල ද අල්ලා ගත්තේ ය. ඔහුගේ මිනිස්සු, “දාවිත්ගේ කොල්ලය මේ යැ” යි කියමින්, සෙසු සත්ව සම්පතට පෙරටුවෙන් උන් දක්කාගෙන ගියහ.
1 සාමුවෙල් 30:7-20 SROV (Sinhala Revised Old Version)
ඒඵොද් සැට්ටය මා ළඟට ගෙනෙන්නැයි දාවිත් අහිමෙලෙක්ගේ පුත්‍රවූ අබියාතර් පූජකයාට කීවේය. අබියාතර් ඒඵොද් සැට්ටය දාවිත් ළඟට ගෙනාවේය. මම මේ සමුදාව ලුහුබැඳෙයම් නම් ඔවුන් කරා පැමිණෙන්ට මට පුළුවන් වේදැයි දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. උන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ලුහුබැඳ යන්න. මක්නිසාද නුඹ සැබවින් ඔවුන් කරා පැමිණ නොවරදවාම සියල්ල නැවත ලබාගන්නවා ඇතැයි කීසේක. එවිට දාවිත්ද ඔහු සමඟ සිටි මිනිසුන් හසියයද ගියෝය. ඔවුන් බෙසොර් ඔය ළඟට පැමුණුණුවිට නවත්වායන්ට සිදුවූ අය එහි නැවතුණෝය. එහෙත් දාවිත් සහ මිනිසුන් හාරසියයක් එළවාගන ගියෝය. බෙසොර් ඔයෙන් එගොඩට යන්ට බැරිතරම් වෙහෙසව සිටියාවූ මිනිසුන් දෙසියයක් නැවතුණෝය. මිසර මනුෂ්‍යයෙක් පිටතදී ඔවුන්ට සම්බවී, ඔහු දාවිත් ළඟට ගෙනවුත් කන්ට රොටිද බොන්ට වතුරද ඔහුට දුන්නෝය. තවද ඔව්හු අත්තික්කා කැටියකින්, කැබෙල්ලක්ද මුද්‍රිකඵල පොකුරු දෙකක්ද ඔහුට දුන්නෝය; ඔහු කෑ පසු ප්‍රාණවත්විය. මක්නිසාද ඔහු දවල් තුනකුත් රෑ තුනකුත් කෑම කෑවේවත් වතුර බීවේත් නැත. නුඹ කාට අයිතිද? කොතැනින් ආයෙහිදැයි දාවිත් ඔහුගෙන් ඇසුවේය. ඔහුද: මම අමලෙක් මනුෂ්‍යයෙකුගේ වැඩකාරයෙක්ව සිටින මිසරිය යෞවනයෙක්ය; තුන් දවසකට ඉස්සර මට අසනීපවූ බැවින් මාගේ ස්වාමියා මා අත්හැරදමා ගියේය. අපි කෙරෙතිවරුන්ගේ දකුණු දිශාවටත් යූදාට අයිති පළාතටත් කාලෙබ්ගේ දකුණු දිශාවටත් විරුද්ධව යුද්ධකෙළෙමුව; ශික්ලග් ගින්නෙන් පුලුස්සා දැමීමුයයි කීවේය. ඒ සමුදාව ළඟට යන්ට නුඹ මට මග පෙන්වනවාදැයි දාවිත් ඔහුගෙන් ඇසුවේය. ඔහුද: මා නොමරන හැටියටත් මාගේ ස්වාමියාගේ අතට පාවානොදෙන හැටියටත් දෙවියන්වහන්සේගේ නාමයෙන් ඔබ මට දිව්රුම්දෙතොත් මම ඒ සමුදාව ළඟට පැමිණෙන්ට ඔබට මග පෙන්වමියි කීවේය. තවද ඔහු විසින් ඒ ස්ථානයට ඔහු පැමිණෙවු විට ඔවුන් පිලිස්තිවරුන්ගේ දේශයෙනුත් යූදා දේශයෙනුත් ගත්තාවූ මහත්වූ මුළු කොල්ලය නිසා කමින් බොමින් නටමින් බිම මුළුල්ලෙහිම විසිර සිටියෝය. දාවිත් ඇඳිරි වේලාවේ පටන් පසුවදා සවස දක්වා ඔවුන්ට පහරදුන්නේය. ඔටුවන් පිටනැගී පලාගියාවූ යෞවනයන් හාරසියයක් හැර ඔවුන්ගෙන් වෙන කිසිවෙක් ගැළවුණේ නැත. මෙසේ දාවිත් අමලෙක්වරුන් විසින් ගෙන ගිය සියල්ලත් තමාගේ භාර්යාවන් දෙදෙනාත් ගළවා ගත්තේය. ලොකු කුඩා සියල්ලන්ගෙන්ද පුත්‍රයන්ගෙන්ද දූවරුන්ගෙන්ද කිසිවෙක්වත් කොල්ලයවත් ඔවුන් ගත්තාවූ කිසිවක්වත් අඩු නැතුව දාවිත් සියල්ලම නැවත ගෙනාවේය. සියලු එළු බැටළුවන්ද ගවයින්ද දාවිත් ගත්තේය, උන් අනික් සිව්පාවුන්ට පෙරටුවෙන් දක්කමින්: මෙය දාවිත්ගේ කොල්ලයයයි කීවෝය.
1 සාමුවෙල් 30:7-20 NRSV (Sinhala New Revised Version)
දාවිත් අහිමෙලෙක්ගේ පුත් වූ අබියාතර් පූජකයා අමතා: “ඒපොද් සැට්ටය මා ළඟට ගෙනෙන්නැ”යි කී ය. අබියාතර් ඒපොද් සැට්ටය දාවිත් ළඟට ගෙනාවේ ය. දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විචාරමින්, “මම මේ හමුදාව ලුහුබැඳ ගියොත්, ඔවුන් කරා පැමිණෙන්නට මට පුළුවන් වේ දැ”යි ඇසුවේ ය. උන් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ලුහුබැඳ යන්න; මන්ද, නුඹ සැබැවින් ම ඔවුන් කරා පැමිණ නොවරදවා සිරකරුවන් සියලු දෙනා ම නැවත ලබාගනු ඇතැ”යි වදාළ සේක. එවිට දාවිත් ද ඔහු සමඟ සිටි සෙනඟ හයසියදෙනා ද පිටත් ව ගියහ. ඔව්හු බෙසොර් ඔය ළඟට පැමිණි විට සමහරෙක් එහි නැවතුණහ. එහෙත්, දාවිත් සහ සෙනඟ හාරසියදෙනෙක් ලුහුබැඳ ගියහ. බෙසොර් ඔයෙන් යාමට බැරි තරම් වෙහෙස ව සිටි මිනිසුන් දෙසියයක් නතර වූ හ. දාවිත්ගේ සෙනඟට නුවරෙන් පිටත දී මිසර වැසියෙක් සම්බ විය. ඔව්හු ඒ මිනිසා දාවිත් ළඟට ගෙනවුත්, කන්නට රොටි ද බොන්නට වතුර ද ඔහුට දුන්හ. තවද, ඔව්හු අත්තික්කා කැටියකින් කැබැල්ලක් ද මුද්‍රික පල පොකුරු දෙකක් ද ඔහුට දුන්හ. ඔහු කෑ පසු ප්‍රාණවත් විය. මන්ද, ඔහු දවල් තුනකුත් රෑ තුනකුත් කෑම කෑවේ වත්, වතුර බීවේ වත් නැතුව සිටිය බැවිනි. දාවිත් ඔහු අමතා, “ඔබ කාට අයිති ද? කොතැනින් ආයේ දැ”යි ඇසී ය. ඔහු පිළිතුරු දෙමින්, “මම අමෙලෙක් මනුෂ්‍යයෙකුගේ වහලෙකු ව සිටින මිසර ජාතික තරුණයෙක් ය; තුන් දවසකට පෙර මට අසනීප වූ බැවින් මාගේ ස්වාමියා මා අත්හැර දමා ගියේ ය. අපි කෙරෙතිවරුන්ගේ දකුණු දිශාවටත්, ජුදාට අයිති දකුණු පළාතටත්, කාලෙබ්ගේ දකුණු දිශාවටත් විරුද්ධ ව යුද්ධ කෙළෙමු; ශික්ලග් නුවර ගිනිබත් කෙළෙමු”යි කී ය. “ඒ හමුදාව ළඟට යන්නට ඔබ මට මඟ පෙන්වන්නෙහි දැ”යි දාවිත් ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “මා නොමරන හැටියටත්, මාගේ ස්වාමියා අතට පාවා නොදෙන හැටියටත් දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබ මට දිවුරුම් දුන්නොත් මම ඒ හමුදාව ළඟට පැමිණෙන්නට ඔබට මඟපෙන්වමි”යි කී ය. ඔහු දාවිත් ඒ ස්ථානයට පැමිණෙව්වේ ය. එවිට ඔවුන් පිලිස්තිවරුන්ගේ දේශයෙනුත්, ජුදා දේශයෙනුත් ගත් ඉමහත් කොල්ලය කමින්, බොමින්, නටමින් සෑම තැන ම විසිරී සිටියහ. දාවිත් ඇඳිරි වේලේ පටන් පසු දින සවස දක්වා ඔවුන්ට පහර දුන්නේ ය. ඔටුවන් පිට නැඟී පලා ගිය තරුණයන් හාරසියයක් හැර ඔවුන්ගෙන් වෙන කිසිවෙක් ගැළවුණේ නැත. මෙසේ දාවිත් අමලෙක්වරුන් ගෙන ගිය සියල්ලන් ද තමාගේ භාර්යාවන් දෙදෙනා ද ගළවාගත්තේ ය. ලොකු කුඩා සියල්ලන්ගෙන් ද දරුදැරියන්ගෙන් ද කිසිවකු වත්, කොල්ලය වත්, ඔවුන් ගත් කිසිවක් වත් අඩු නැතිව සියල්ල ම දාවිත් නැවත ගෙනාවේ ය. සියලු එළු බැටළුවන් ද ගවයන් ද දාවිත් ගත්තේ ය. ඔහුගේ සෙනඟ උන් අනික් සිවුපාවුන්ට පෙරටුවෙන් දක්කමින්, “මෙය දාවිත්ට අයිති කොල්ලය ය”යි කී හ.
1 සාමුවෙල් 30:7-20 SNRV (Sinhala New Revised Version 2018)

1 සාමුවෙල් 30:7-20 NIV (New International Version)
Then David said to Abiathar the priest, the son of Ahimelek, “Bring me the ephod.” Abiathar brought it to him, and David inquired of the LORD, “Shall I pursue this raiding party? Will I overtake them?” “Pursue them,” he answered. “You will certainly overtake them and succeed in the rescue.” David and the six hundred men with him came to the Besor Valley, where some stayed behind. Two hundred of them were too exhausted to cross the valley, but David and the other four hundred continued the pursuit. They found an Egyptian in a field and brought him to David. They gave him water to drink and food to eat— part of a cake of pressed figs and two cakes of raisins. He ate and was revived, for he had not eaten any food or drunk any water for three days and three nights. David asked him, “Who do you belong to? Where do you come from?” He said, “I am an Egyptian, the slave of an Amalekite. My master abandoned me when I became ill three days ago. We raided the Negev of the Kerethites, some territory belonging to Judah and the Negev of Caleb. And we burned Ziklag.” David asked him, “Can you lead me down to this raiding party?” He answered, “Swear to me before God that you will not kill me or hand me over to my master, and I will take you down to them.” He led David down, and there they were, scattered over the countryside, eating, drinking and reveling because of the great amount of plunder they had taken from the land of the Philistines and from Judah. David fought them from dusk until the evening of the next day, and none of them got away, except four hundred young men who rode off on camels and fled. David recovered everything the Amalekites had taken, including his two wives. Nothing was missing: young or old, boy or girl, plunder or anything else they had taken. David brought everything back. He took all the flocks and herds, and his men drove them ahead of the other livestock, saying, “This is David’s plunder.”