1 සාමුවෙල් 3:4-5
1 සාමුවෙල් 3:4-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ස්වාමින්වහන්සේ සාමුවෙල්ට හඬ ගැසූ සේක. “මම මෙහේ” යි පිළිතුරු දුන් සාමුවෙල්, ඒලී වෙත දුවගෙන ගොස්, “මෙන්න මම; ඔබ මට හඬ ගැසුවා” යි කීවේ ය. එහෙත් ඒලී පිළිතුරු දෙමින්, “මා හඬ ගැසුවේ නෑ. ආපසු නිදා ගන්නැ” යි කීවේ ය. එබැවින් ඔහු ආපසු ගොස්, නිදා ගත්තේ ය.
බෙදාගන්න
1 සාමුවෙල් 3 කියවන්න1 සාමුවෙල් 3:4-5 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට හඬගැසූසේක. ඔහු: මම මෙහියයි කියා, ඒලී ළඟට දිවගොස්: මම මෙහිය; ඔබ මට හඬගැසුවායයි කීය. ඔහුද: මම හඬනොගැසීමි; නැවත නිදාගන්නැයි කීවේය. ඔහු ගොස් නිදාගත්තේය.
බෙදාගන්න
1 සාමුවෙල් 3 කියවන්න1 සාමුවෙල් 3:4-5 Sinhala New Revised Version (NRSV)
එවිට සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට අඬගැසූ සේක. ඔහු ද, “මම මෙහි ය”යි කී ය. එසේ කියා, ඒලී ළඟට දිව ගොස්, “ඔබ මට අඬගැසුවෙහි ය. මම මෙහි ය”යි කීවේ ය. ඒලී ද, “මම අඬ නොගැසීමි; නැවත නිදාගන්නැ”යි කීවේ ය. ඔහු ගොස් නිදාගත්තේ ය.
බෙදාගන්න
1 සාමුවෙල් 3 කියවන්න