1 සාමුවෙල් 28:3-11 - Compare All Versions
1 සාමුවෙල් 28:3-11 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මේ වන විට සාමුවෙල් මියැදී තිබිණ. සියලු ඉශ්රායෙල්වරු ඔහු ගැන ශෝක වී, ඔහුගේ නගරය වූ රාමාහි ඔහු භූමදාන කර තිබිණ. මේ අතර සාවුල් ආත්ම බන්ධනකරුවන් සහ පේන කියන්නන් රටින් නෙරපා හැර තිබිණ. පිලිස්තිවරු එක් රැස් වී, පැමිණ, ෂූනෙම්හි කඳවුරු ලා ගත්හ. ඒ අතර, සාවුල් මුළු ඉශ්‍රායෙල් රැස් කරවා, ගිල්බෝවහි කඳවුරු ගැසී ය. සාවුල්, පිලිස්ති හමුදාව දුටු කල, භය විය. ඔහුගේ හද මහ භීතියෙන් වෙළිණි. සාවුල් ස්වාමින්වහන්සේගෙන් විමසුවේ ය. එහෙත් ස්වාමින්වහන්සේ සිහින මගින් හෝ ඌරීම් මගින් හෝ දිවැසිවරුන් මගින් හෝ ඔහුට උත්තර නො දුන් සේක. එවිට සාවුල් තම සේවකයින්ට කතා කොට, “මා ගොස් ඇගෙන් විමසන පිණිස, ආත්ම බන්ධනකාරියක වන ගැහැණියක් සොයන්නැ” යි කීවේ ය. සේවකයෝ පිළිතුරු දෙමින්, “අන්න, ඒන්-දෝර්හි ආත්ම බන්ධනකාරියක් සිටිනවා” යි කීවෝ ය. එවිට සාවුල් වෙස් වළාගෙන, වෙනත් ඇඳුමින් සැරසී, මිනිසුන් දෙදෙනකු සමඟ රැයේ එම ස්ත්‍රිය හමුවීමට ගියේ ය. ඔහු කතා කරමින්, “මා උදෙසා ආත්මයකින් විමසන්න. මා නම් කරන කෙනා කැඳවන්නැ” යි කීවේ ය. එහෙත් එම ස්ත්‍රිය කතා කරමින්, “සාවුල් කර ඇති දෑ ඔබ හොඳින් දනී. ඔහු ආත්ම බන්ධනකරුවන් හා පේන කියන්නන් දේශයෙන් සිඳ දැම්මා. මා මරණයට හසුවන ලෙස, මගේ ජීවිතයට ඔබ උගුල් අටවන්නේ මන්දැ?” යි කීවා ය. සාවුල් ඇයට ස්වාමින්වහන්සේගේ නාමයෙන් දිවුරමින්, “ස්වාමින්වහන්සේ ජීවත් වන්නා සේ ම, මේ සම්බන්ධයෙන් ඔබට දඬුවම් කරනු ලබන්නේ නැතැ” යි කීවේ ය. එවිට ඒ ස්ත්‍රිය ප්‍රශ්න කරමින්, “ඔබට මා කවුරු නැගිටුවා ගෙනෙන්න දැ?” යි ඇසී ය. “මා වෙනුවෙන් සාමුවෙල් නැගිටුවා ගෙනෙන්නැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය.
1 සාමුවෙල් 28:3-11 SROV (Sinhala Revised Old Version)
මේ කාලයට ප්‍රථම සාමුවෙල් මළේය. සියලු ඉශ්රායෙල්වරු ඔහු ගැන වැලපී ඔහුගේම නුවරවූ රාමාහි ඔහු තැන්පත් කළෝය. සාවුල් ආත්ම බන්ධනකාරයන්ද අනවිනකාරයන්ද දේශයෙන් පහකරදමා තිබුණේය. පිලිස්තිවරු රැස්වී ඇවිත් ෂූනෙම්හි කඳවුරු බැඳගත්තෝය. සාවුල්ද සියලු ඉශ්‍රායෙල්වරුන් රැස්කෙළේය, ඔව්හු ගිල්බෝවාහි කඳවුරු බැඳගත්තෝය. සාවුල් පිලිස්තිවරුන්ගේ සේනාව දැක භයවිය, ඔහුගේ සිතද බොහෝසෙයින් වෙවුලුවේය. සාවුල් ස්වාමීන්වහන්සේගෙන් විචාළ කල ස්වාමීන්වහන්සේ ස්වප්නවලින්වත් ඌරිම්වලින්වත් අනාගතවක්තෲන් ලවාවත් ඔහුට උත්තර නුදුන්සේක. එවිට සාවුල් තමාගේ සේවකයන්ට කථාකොට: ආත්ම බන්ධනකාර ස්ත්‍රියෙක් මට සොයන්න, මම ඈ ළඟට ගොස් ඇගෙන් විචාරන්නෙමියි කීවේය. ඔහුගේ සේවකයෝද: ආත්ම බන්ධනකාර ස්ත්‍රියෙක් ඒන්-දොර්හි සිටිනවායයි ඔහුට කීවෝය. සාවුල් අමුතු වස්ත්‍ර ඇඳ, වෙස්වළාගන, මිනිසුන් දෙදෙනෙකු සමඟ ගොස්, රාත්‍රියේ ඒ ස්ත්‍රී වෙතට පැමිණ ඈට කථාකොට: ආත්ම බන්ධනයෙන් මට පේන කියන්න, මා නුඹට කියන තැනැත්තා මට නැගුටුවා දියන්නැයි කීවේය. ස්ත්‍රීද: සාවුල් කළ දෙය එනම් ඔහු ආත්ම බන්ධනකාරයන් සහ අනවිනකාරයන් දේශයෙන් සිඳදැමූ හැටි නුඹ දන්නෙහිය. එසේ නම් මා නසන පිණිස නුඹ මාගේ ප්‍රාණයට මලපතක් තබන්නේ මක්නිසාදැයි ඔහුට කීවාය. ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම මේ කාරණය නිසා නුඹට කිසි දඬුවමක් නොවන්නේයයි සාවුල් ඈට කියා ස්වාමීන්වහන්සේ ගැන ඈට දිවුළේය. එවිට ඒ ස්ත්‍රී: මම නුඹට කවුරු නැගුටුවා ගෙනෙම්දැයි කීවාය. ඔහු: සාමුවෙල් මට නැගුටුවා ගෙනෙන්නැයි කීය.
1 සාමුවෙල් 28:3-11 NRSV (Sinhala New Revised Version)
මේ කාලයේ දී සාමුවෙල් මියගොස් තිබිණි. සියලු ඉශ්රායෙල්වරු ඔහු ගැන වැලපී, ඔහුගේ ම නුවර වූ රාමාහි ඔහු තැන්පත් කළහ. සාවුල් ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද දේශයෙන් පහ කර තිබිණි. පිලිස්තිවරු එක්රැස් වී අවුත්, ෂූනෙම්හි කඳවුරු බැඳගත්තෝ ය. සාවුල් ද සියලු ඉශ්රායෙල්වරුන් රැස් කෙළේ ය. ඔව්හු ගිල්බෝවාහි කඳවුරු බැඳගත්හ. සාවුල් පිලිස්තිවරුන්ගේ සේනාව දුටු විට බිය විය; ඔහුගේ සිත ද බොහෝ සේ කම්පිත විය. සාවුල් සමිඳාණන් වහන්සේගෙන් කරුණු විමසූ කල, උන් වහන්සේ ස්වප්නවලින් වත්, උරිම් පස ඇටවලින් වත්, දිවැසිවරුන් ලවා වත් ඔහුට පිළිතුරු නුදුන් සේක. එවිට සාවුල් සිය සේවකයන්ට කතා කොට, “ආත්මබන්ධනකාරියක මට සොයා දෙන්න; මම ඈ වෙත ගොස් ඇගෙන් කරුණු විචාරන්නෙමි”යි කී ය. ඔහුගේ සේවකයෝ ද “ආත්මබන්ධනකාරියක් ඒන්දොර්හි සිටිනවා ය”යි කී හ. සාවුල් අමුතු වස්ත්‍ර ඇඳ, වෙස්වළාගෙන මිනිසුන් දෙදෙනකු සමඟ ගොස්, රාත්‍රියේ ඒ ස්ත්‍රිය වෙත පැමිණ, ඈට කතා කොට, “ආත්මබන්ධනයෙන් මට පේන කියා, මා ඔබට නම් කරන ආත්මය කැඳවන්නැ”යි කීවේ ය. ස්ත්‍රිය පිළිතුරු දෙමින්, “සාවුල් කළ දෙය, එනම්, ඔහු ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද දේශයෙන් පහකළ හැටි ඔබ දන්නෙහි ය. එසේ නම්, මා නසන පිණිස මාගේ ප්‍රාණයට මලපතක් තබන්නේ මන්දැ”යි ඔහුගෙන් ඇසුවා ය. සාවුල් පිළිතුරු දෙමින්, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මේ කාරණය නිසා ඔබට කිසි දඬුවමක් නොවනු ඇතැ යි දිවුරා කියමි”යි ඈට කී ය. එවිට ස්ත්‍රිය, “මම ඔබට කවරෙකු කැඳවා දෙම් දැ”යි ඇසුවා ය. “සාමුවෙල් මට කැඳවා දෙන්නැ”යි සාවුල් ඈට කී ය.
1 සාමුවෙල් 28:3-11 SNRV (Sinhala New Revised Version 2018)

1 සාමුවෙල් 28:3-11 NIV (New International Version)
Now Samuel was dead, and all Israel had mourned for him and buried him in his own town of Ramah. Saul had expelled the mediums and spiritists from the land. The Philistines assembled and came and set up camp at Shunem, while Saul gathered all Israel and set up camp at Gilboa. When Saul saw the Philistine army, he was afraid; terror filled his heart. He inquired of the LORD, but the LORD did not answer him by dreams or Urim or prophets. Saul then said to his attendants, “Find me a woman who is a medium, so I may go and inquire of her.” “There is one in Endor,” they said. So Saul disguised himself, putting on other clothes, and at night he and two men went to the woman. “Consult a spirit for me,” he said, “and bring up for me the one I name.” But the woman said to him, “Surely you know what Saul has done. He has cut off the mediums and spiritists from the land. Why have you set a trap for my life to bring about my death?” Saul swore to her by the LORD, “As surely as the LORD lives, you will not be punished for this.” Then the woman asked, “Whom shall I bring up for you?” “Bring up Samuel,” he said.