1 සාමුවෙල් 20:41-42
1 සාමුවෙල් 20:41-42 සිංහල කාලීන පරිවර්තනය (SCV)
කොලුවා නික්ම ගිය පසු, දාවිත් ගලේ දකුණු පසින් නැගිට, යොනාතාන් ඉදිරියෙහි තුන් වරක් තම මුහුණ බිමට නමමින්, වැඳ, ආචාර කළේ ය. ඉන්පසු ඔවුහු දෙදෙනා එකිනෙකා සිප ගනිමින්, එකිනෙකා සමඟ හැඬූහ. වඩාත් හැඬුවේ දාවිත් ය. යොනාතාන් දාවිත් අමතමින්, “සාමයෙන් යන්න; මන්ද ‘ස්වාමින්වහන්සේ සදහට ම ඔබ හා මා අතරේත්, ඔබෙන් පැවත එන්නන් හා මගෙන් පැවත එන්නන් අතරේත් සාක්ෂිය’ කියමින් අප දෙදෙනා ස්වාමින්වහන්සේගේ නාමයෙන්, මිත්‍රත්වයක් ශපථ කර ඇති බැවිනි” යි කීවේ ය. ඉන්පසු දාවිත් නැගිට, පිටත් ව ගියේ ය. යොනාතාන් ආපසු නගරයට ගියේ ය.
1 සාමුවෙල් 20:41-42 Sinhala Revised Old Version (SROV)
ළමයා ගියපසු දාවිත් දකුණු පැත්තෙන් නැගිට ඇවිත් මුහුණින් බිමවැටී තුන් විටක් වැන්දේය. ඔව්හු එකිනෙකා සිඹගන දෙදෙනා එක්ව ඇඬුවෝය. දාවිත් වඩාම ඇඬුවේය. යොනාතාන් දාවිත්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මා සහ නුඹ අතරේද මාගේ වංශය සහ නුඹේ වංශය අතරේද සෑම කල්හිම වනසේක්වයි කියා අප දෙදෙනා ස්වාමීන්වහන්සේගේ නාමයෙන් දිවුරා තිබේ, ඒ නිසා සමාදානයෙන් යන්නැයි කීවේය. එවිට ඔහු නැගිට පිටත්ව ගියේය. යොනාතාන් නුවරට ගියේය.
1 සාමුවෙල් 20:41-42 Sinhala New Revised Version (NRSV)
ළමයා ගිය පසු දාවිත් ගල් ගොඩ පිටුපසින් නික්ම අවුත් මුණින්තළා වී තුන්වරක් වැන්දේ ය. දාවිත් සහ ජොනතන් එකිනෙකා සිඹගෙන කඳුළු වගුරුවා ඇඬූ හ. දාවිත්ගේ ශෝකය ජොනතන්ගේ ශෝකයට වඩා අධික විය. ජොනතන් දාවිත්ට කතා කොට, “ඔබ ද මා ද ඔබේ පරම්පරාව ද මාගේ පරම්පරාව ද අප දෙදෙනා අතරේ කරගත් ගිවිසුම සදහට ම පවතින ලෙස සමිඳාණන් වහන්සේ සහතික කරන සේකැ”යි කී ය. එවිට දාවිත් නැඟිට පිටත් ව ගියේ ය. ජොනතන් ආපසු නුවරට ගියේ ය.
1 සාමුවෙල් 20:41-42 Sinhala New Revised Version 2018 (SNRV)
ළමයා ගිය පසු දාවිත් ගල් ගොඩ පිටුපසින් නික්ම අවුත් මුණින්තළා වී තුන්වරක් වැන්දේ ය. දාවිත් සහ ජොනතන් එකිනෙකා සිඹගෙන කඳුළු වගුරුවා ඇඬූ හ. දාවිත්ගේ ශෝකය ජොනතන්ගේ ශෝකයට වඩා අධික විය. ජොනතන් දාවිත්ට කතා කොට, “ඔබ ද මා ද ඔබේ පරම්පරාව ද මාගේ පරම්පරාව ද අප දෙදෙනා අතරේ කරගත් ගිවිසුම සදහට ම පවතින ලෙස සමිඳාණන් වහන්සේ සහතික කරන සේකැ”යි කී ය. එවිට දාවිත් නැඟිට පිටත් ව ගියේ ය. ජොනතන් ආපසු නුවරට ගියේ ය.
1 සාමුවෙල් 20:41-42 New International Version (NIV)
After the boy had gone, David got up from the south side of the stone and bowed down before Jonathan three times, with his face to the ground. Then they kissed each other and wept together—but David wept the most. Jonathan said to David, “Go in peace, for we have sworn friendship with each other in the name of the LORD, saying, ‘The LORD is witness between you and me, and between your descendants and my descendants forever.’ ” Then David left, and Jonathan went back to the town.