1 සාමුවෙල් 18:7-8
1 සාමුවෙල් 18:7-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුහු නටමින්, මෙසේ ගැයූහ: “සාවුල් මැරුවේ ය ඔහුගේ දහස් ගණන්, දාවිත් මැරුවේ ය ඔහුගේ දස දහස් ගණන්.” සාවුල් බෙහෙවින් කෝප විය. එම කියමන, ඔහු නො සතුටට පත් කළේ ය. “ඔවුහු දාවිත්ට දස දහස් ගණන් පිරිනමති. එහෙත් මට දහස් ගණන් පමණි. රජකම මිස, ඔහුට තවත් ලැබෙන්නට ඇත්තේ වෙන මොනවා දැ?” යි ඔහු සිතී ය.
1 සාමුවෙල් 18:7-8 Sinhala Revised Old Version (SROV)
කාන්තාවෝ නට නටා එකිනෙකාට ගී කියමින්: සාවුල් තෙමේ දහස් ගණන්ද දාවිත් දසදහස් ගණන්ද මැරීයයි කීවෝය. සාවුල් ඉතා කෝපවී, ඒ කීමට අප්‍රසන්නව කථාකොට: ඔව්හු දාවිත්ට දසදහස් ගණන්ද මට දහස් ගණන් පමණක්ද පිරිනැමූහ. රජකම හැර තව ඔහුට ලැබෙන්ට තිබෙන්නේ කුමක්දැයි කීවේය.
1 සාමුවෙල් 18:7-8 Sinhala New Revised Version (NRSV)
කාන්තාවෝ නට නටා ගී ගයමින්, “මැරී සාවුල් දහස් ගණනක්, මැරී දාවිත් දස දහස් ගණනක් ය”යි කී හ. සාවුල් මේ කීමට අප්‍රසන්න ව ඉතා කෝප වී, “ ‘දාවිත් දස දහස් ගණන් මැරුවේ ය’යි ඔව්හු කියති; ‘සාවුල් දහස් ගණන් පමණක් මැරුවේ ය’යි කියති. දැන් ඔහුට ලැබෙන්නට ඉතිරි ව ඇත්තේ රජකම පමණකැ”යි කීවේ ය.
1 සාමුවෙල් 18:7-8 Sinhala New Revised Version 2018 (SNRV)
කාන්තාවෝ නට නටා ගී ගයමින්, “මැරී සාවුල් දහස් ගණනක්, මැරී දාවිත් දස දහස් ගණනක් ය”යි කී හ. සාවුල් මේ කීමට අප්‍රසන්න ව ඉතා කෝප වී, “ ‘දාවිත් දස දහස් ගණන් මැරුවේ ය’යි ඔව්හු කියති; ‘සාවුල් දහස් ගණන් පමණක් මැරුවේ ය’යි කියති. දැන් ඔහුට ලැබෙන්නට ඉතිරි ව ඇත්තේ රජකම පමණකැ”යි කීවේ ය.
1 සාමුවෙල් 18:7-8 New International Version (NIV)
As they danced, they sang: “Saul has slain his thousands, and David his tens of thousands.” Saul was very angry; this refrain displeased him greatly. “They have credited David with tens of thousands,” he thought, “but me with only thousands. What more can he get but the kingdom?”