1 සාමුවෙල් 11:1-15
1 සාමුවෙල් 11:1-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අම්මොනීය නාහාෂ් අවුත්, යාබේෂ්-ගිලියාද් වටලා ගත්තේ ය. එවිට යාබේෂ්-ගිලියාද්හි සියලු මිනිස්සු නාහාෂ්ට කතා කොට, “අප සමඟ ගිවිසුමක් කරන්න; එවිට අපි ඔබට සේවය කරන්නෙමු” යි කීහ. එහෙත් අම්මොන්වර නාහාෂ් පිළිතුරු දෙමින්, “මෙම කොන්දේසිය මත පමණක් මම නුඹලා සමඟ ගිවිසුමක් කරන්නම්. මුළු ඉශ්‍රායෙල් පිට නිග්‍රහය ගෙනෙන පිණිස මා නුඹලා හැමකකුගේ දකුණු ඇස උගුලන්නෙමි” යි කීවේ ය. යාබේෂ් වැඩිහිටියෝ ඔහුට පිළිතුරු දෙමින්, “අපට හත් දවසක් කල් දෙන්න මුළු ඉශ්‍රායෙල් භූමිය පුරා පණිවුඩකරුවන් යවන පිණිස. අප මුදා ගන්නට කිසිවකු නො වූවොත්, අප ඔබට යටත් වෙනවා” යි කීහ. පණිවුඩකරුවන් සාවුල් සිටි ගිබෙයා වෙත පැමිණ, එම කාරණය ජනයාට සැල කළ විට, ඔවුහු සියල්ලෝ හඬ නගා වැලපෙන්නට වන්හ. මෙන්න! එවිට ම සාවුල් කෙත් වත්හි සිට තම ගවයන් පිටුපසින් පැමිණියේ ය. “මොකක් ද මේ මිනිසුන්ට වෙලා තියෙන්නේ? ඔවුන් සැවොම හඬා-වැටෙන්නේ මන්දැ?” යි සාවුල් ඇසී ය. එවිට ඔවුහු යාබේෂ් වැසියන් පැවසූ දෑ ඔහුට පැවසූහ. එවදන් ඇසූ සාවුල් මත දෙවියන්වහන්සේගේ ආත්මයාණන් තරයේ ම පැමිණියෙන්, ඔහුගේ කෝපය දැඩි ව ඇවුළුණේ ය. ගවයින් දෙදෙනකු ගත් ඔහු, කැබලිවලට උන් කපා, ඉශ්‍රායෙල් දේශය පුරා පණිවුඩකරුවන් අත එම කැබලි යවමින්, “සාවුල් හා සාමුවෙල් පසු පස නො එන කවරකුගේ වුව ගවයින්ට මෙසේ කරනු ලැබේ යැ” යි නිවේදන කළේ ය. ස්වාමින්වහන්සේගේ භීතිය, එවිට ජනයා පිට පතිත වූයෙන්, ඔවුහු එකාවන් ව පිටත් ව ආහ. ඔහු බෙසෙක්හි ඔවුන් පෙළ ගැස්වූ කල, ඉශ්‍රායෙල්වරු ගණනින් තුන් ලක්ෂයක් ද යූදාවරු තිස්දහසක් ද එහි වූහ. අවුත් සිටි පණිවුඩකරුවන් ඇමතූ ඔවුහු, “යාබේෂ්-ගිලියාද් වාසීන්ට මෙසේ කියන්න: ‘හෙට හිරු උණුසුම් වන වේලාව වන විට නුඹලා මුදා ගනු ලැබේ යැ’ යි” කීහ. පණිවුඩකරුවන් ආපසු ගොස්, යාබේෂ් වාසීන්ට ඒ වග සැල කළ විට ඔවුහු ප්‍රමෝදයට පත් වූහ. එබැවින් යාබේෂ් වාසීහු අම්මොන්වරුන්ට කතා කොට, “හෙට අප ඔබ වෙත එනවා; එවිට හොඳ යැයි ඔබට පෙනෙන කවරක් වුව අපට කරන්නට ඔබට පුළුවනැ” යි පැවසූහ. පසුව දා සාවුල් තමාගේ මිනිසුන් කණ්ඩායම් තුනකට බෙදී ය. අලුයම් යාමයේ අම්මොන් කඳවුරට කඩා වැදුණු ඔවුහු, මහ මද්දහන දක්වා අම්මොන්වරුන් ගසා හෙළූහ. ඔවුන්ගෙන් දෙදෙනකු හෝ එකට නො සිටින පිණිස, නො මැරී ඉතිරි වූවෝ විසුරුවා හරින ලදහ. ඉන්පසු ජනයා සාමුවෙල්ට කතා කොට, “ ‘සාවුල් අප කෙරේ රජකම් කරන්නේ දැ?’ යි ඇසුවෝ කවුරු ද? ඒ මිනිසුන් අප වෙත ගෙනෙන්න. අපි උන් මරා දමන්නෙමු” යි කීහ. එහෙත් සාවුල් පිළිතුරු දෙමින්, “කිසිවකුවත් අද මරණයට පත් කරන්නේ නැත. මන්ද අද දවසේ ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට ගැලවීම සැලසූ සේකැ” යි පැවසී ය. ඉන්පසු සාමුවෙල් ජනතාව අමතමින්, “එමු! අපි ගිල්ගාල්ට ගොස්, රජකම යළි ස්ථිර කරමු” යි පැවසී ය. එබැවින් ජනයා සියල්ලෝ ගිල්ගාල් වෙත ගොස්, ස්වාමින්වහන්සේ ඉදිරියේ සාවුල්, රජු වශයෙන් ස්ථිර කළහ. එහිදී ඔවුහු ස්වාමින්වහන්සේ ඉදිරියේ ශාන්ති පූජා යාග කළහ. සාවුල් හා මුළු ඉශ්‍රායෙල් ජනයා එහිදී අතිශයෙන් ප්‍රීති ප්‍රමෝද වූහ.
1 සාමුවෙල් 11:1-15 Sinhala Revised Old Version (SROV)
එවිට අම්මොනිය නාහාෂ් ඇවිත් යාබෙෂ්-ගිලියද්ට විරුද්ධව කඳවුරු බැන්දේය. යාබෙෂ්හි සියලු මනුෂ්‍යයෝ: අප සමඟ ගිවිසුමක් කළ මැනවි, එවිට අපි ඔබට මෙහෙකරන්නෙමුයයි නාහාෂ්ට කීවෝය. අම්මොනිය නාහාෂ්ද: නුඹලා සියල්ලන්ගේ දකුණු ඇස් උගුලාදමා, එයින් සියලු ඉශ්‍රායෙල්වරුන් පිටට නින්දාවක් පමුණුවන්ට මට ඉඩදුන්නොත්, නුඹලා සමඟ ගිවිසුමක් කරන්නෙමියි ඔවුන්ට කීවේය. යාබෙෂ්හි වැඩිමහල්ලෝද: අප විසින් සියලු ඉශ්‍රායෙල් පළාත්වලට පණිවිඩකාරයන් යවන පිණිස අපට සත් දවසක් කල් දුනමැනවි. එවිට අප ගළවන්ට කිසිවෙක් නැත්නම් ඔබ වෙතට පිටතට එන්නෙමුයයි ඔහුට කීවෝය. එකල පණිවිඩකාරයෝ සාවුල් සිටි ගිබියාට ඇවිත් ඒ කාරණා සෙනඟ ඉදිරියෙහි කීවෝය. මුළු සෙනඟ ශබ්දනගා ඇඬූහ. ඒ වේලාවට සාවුල් කෙතේ සිට හරකුන් පස්සෙන් ආවේය. තවද: සෙනඟ අඬන්නේ කුමන කාරණයක් නිසාදැයි සාවුල් ඇසුවේය. ඔව්හු යාබෙෂ්හි මනුෂ්‍යයන්ගේ වචන ඔහුට දැන්නුවෝය. සාවුල් මේ වචන ඇසූ විට දෙවියන්වහන්සේගේ ආත්මය ආනුභාසම්පන්නව ඔහු කෙරෙහි පැමිණියේය, ඔහුගේ කෝපයද අතිශයින් ඇවුළුණේය. ඔහු ගොන් බානක් ගෙන උන් කෑලිවලට කපා: සාවුල්ද සාමුවෙල්ද පස්සේ පිටත්ව නොඑන යමෙක් ඇද්ද ඔහුගේ හරකුන්ට මෙසේම කරනු ලැබේය කියා ඒවා පණිවිඩකාරයන් අත ඉශ්රායෙල්වරුන්ගේ සියලු පළාත්වලට හැරියේය. සෙනඟ පිටට ස්වාමීන්වහන්සේගෙන් භීතියක් පහළවී ඔව්හු එක්කෙනෙකු මෙන් පිටත්ව ආවෝය. ඔහු බෙශෙක්හිදී ඔවුන් ගණන්කෙළේය; ඉශ්‍රායෙල් පුත්‍රයන් තුන් ලක්ෂයක්ද යූදා මනුෂ්‍යයන් තිස්දාහක්ද සිටියෝය. එවිට ආවාවූ පණිවිඩකාරයන්ට ඔව්හු කථාකොට: හෙට අව්ව තදවෙන වේලාවට නුඹලාට ගැළවීම ලැබේය කියා යාබෙෂ්-ගිලියද් මනුෂ්‍යයන්ට කියන්නැයි කීවෝය. පණිවිඩකාරයෝ ගොස් යාබෙෂ්හි මනුෂ්‍යයන්ට දැන්නුවෝය; ඔව්හුද ප්‍රීතිවුණෝය, එබැවින් යාබෙෂ්හි මනුෂ්‍යයෝ: හෙට අපි නුඹලා ළඟට එන්නෙමුව, එවිට නුඹලාට හොඳව පෙනෙන සියල්ලේ හැටියට අපට කරන්ට නුඹලාට පුළුවනැයි කීවෝය. පසුවදා සාවුල් සෙනඟ කණ්ඩායම් තුනකට බෙදුවේය; ඔව්හු එළිවන සාමයෙහි අම්මොනිවරුන්ගේ කඳවුර මැදට පැමිණ ඉර මුදුන් වේලාව දක්වා අම්මොනිවරුන්ට පහර දුන්නෝය. තවද දෙදෙනෙක් එක තැනක නොසිටින හැටියට ඉතිරිවුණ අය විසුරුවනු ලැබූහ. සෙනඟ සාමුවෙල්ට කථාකොට: සාවුල් අප කෙරෙහි රජකම්කරන්ටදැයි කීවේ කවුද? ඒ මනුෂ්‍යයන් මරණ පිණිස ඔවුන් ගෙනෙන්නැයි කීවෝය. සාවුල්ද: අද දවසේ කිසිවෙක් මරණයට පත්කරනු නොලැබේ. මක්නිසාද ස්වාමීන්වහන්සේ අද ඉශ්‍රායෙල්හි ගැළවීමක් ඉෂ්ටකළසේකැයි කීවේය. එවිට සාමුවෙල් සෙනඟට කථාකොට: එන්න, අපි ගිල්ගාල්ට ගොස් එහිදී රජකම නැවත ස්ථිරකරගනිමුයයි කීවේය. මුළු සෙනඟද ගිල්ගාල්ට ගොස් එහි ස්වාමීන්වහන්සේ ඉදිරියේදී සාවුල් රජකමට පත්කොට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාන්ති පූජා ඔප්පුකළෝය; එහි සාවුල්ද සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද බොහෝසෙයින් ප්‍රීතිවූවෝය.
1 සාමුවෙල් 11:1-15 Sinhala New Revised Version (NRSV)
මසකට පමණ පසු අම්මොනිවරයෙකු වූ නාහාෂ් රජ ගිලියද් පෙදෙසෙහි තිබූ ජාබෙෂ් නගරයට විරුද්ධ ව පැමිණ එය වටලෑවේ ය. ජාබෙෂ්හි මනුෂ්‍යයෝ කතා කොට, “අප සමඟ ගිවිසුමක් කළ මැනව, එවිට අපි ඔබට යටත් වන්නෙමු”යි නාහාෂ්ට කීවෝ ය. අම්මොනිය නාහාෂ් ද පිළිතුරු දෙමින්, “ඔබ සියල්ලන්ගේ දකුණු ඇස් උගුලා දමා, එයින් ඉශ්රායෙල්වරුන් පිට නින්දාවක් පමුණුවන්නට මට ඉඩ දුන්නොත් පමණක් ඔබ සමඟ ගිවිසුමක් කරගන්නෙමි”යි ඔවුන්ට කීවේ ය. ජාබෙෂ්හි ප්‍රජා මූලිකයෝ පිළිතුරු දෙමින්, “අප ඉශ්රායෙල්හි සියලු පළාත්වලට පණිවුඩකාරයන් යවන පිණිස අපට සත් දවසක් කල් දුන මැනව; අපට පිහිට වන්නට කිසිවෙක් නැත්නම්, අපි ඔබට යටත් වන්නෙමු”යි කීවෝ ය. එකල පණිවුඩකාරයෝ සාවුල් සිටි ගිබියාට පැමිණ ඒ කාරණය සෙනඟ ඉදිරියෙහි ප්‍රකාශ කළෝ ය. ඒ ඇසූ මුළු සෙනඟ ශබ්ද නඟා හැඬූ හ. ඒ අවස්ථාවේ දී සාවුල් කෙතේ සිට හරකුන් දක්කාගෙන එමින් සිටියේ ය. “සෙනඟ අඬන්නේ කුමන කාරණයක් නිසා දැ”යි ඔහු විමසුවේ ය. ඔව්හු ජාබෙෂ් සිට පැමිණි පණිවුඩකාරයන් කී දේ ඔහුට දැන්වූවෝ ය. සාවුල් මේ වචන ඇසූ විට දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු කෙරෙහි පිහිටිණි. ඔහු අතිශයෙන් කෝපාවිෂ්ට වුණේ ය. එවිට ඔහු ගොන් බානක් ගෙන උන් කැබලිවලට කපා, “සාවුල් ද සාමුවෙල් ද කැටුව යුද්ධයට යමෙක් නොයනු ඇද්ද ඔහුගේ හරකුන්ට මෙසේ ම කරනු ලැබේ ය” කියා ඒ කැබලි පණිවුඩකාරයන් අත ඉශ්රායෙල්වරුන්ගේ සියලු පළාත්වලට යැවී ය. එවිට සෙනඟ පිට සමිඳාණන් වහන්සේ කෙරෙහි භීතියක් පහළ වී ඔව්හු සියලු දෙනා එක් කෙනෙකු මෙන් පිටත් ව ආවෝ ය. සාවුල් ඔවුන් බෙශෙක් නගරයෙහි එක්රැස් කෙළේ ය. ඉශ්රායෙල්වරු තුන් ලක්ෂයක් ද ජුදාවරු තිස් දහසක් ද එහි සිටියෝ ය. ඔව්හු පණිවුඩකාරයන්ට කතා කොට, “ ‘හෙට මද්දහනට පෙර ගිලියද්හි ජාබෙෂ් නගරය මුදනු ලබනු ඇතැ’යි ජාබෙෂ්-ගිලියද් මනුෂ්‍යයන්ට කියන්නැ”යි කීවෝ ය. පණිවුඩකාරයෝ ගොස් ජාබෙෂ්හි සෙනඟට එපවත් දැන්නුවෝ ය; ඔව්හු ද ප්‍රීතියෙන් පිනා ගියෝ ය. එබැවින් ජාබෙෂ්හි සෙනඟ, “හෙට අපි ඔබට යටත් වන්නෙමු, එවිට ඔබ කැමැති ඕනෑ ම දෙයක් අපට කරන්නට පුළුවනැ”යි නාහාෂ්ට කීවෝ ය. පසු දා සාවුල් සෙනඟ කණ්ඩායම් තුනකට බෙදුවේ ය; ඔව්හු එළි වන යාමයෙහි අම්මොනිවරුන්ගේ කඳවුර මැදට කඩා පැන ඉර මුදුන් වේලාව දක්වා ඔවුන්ට පහර දුන්නෝ ය. දෙදෙනෙකු එක තැනක නොසිටින ලෙස ඉතිරි වූ අය විසුරුවනු ලැබූ හ. එවිට සෙනඟ සාමුවෙල්ට කතා කොට, “සාවුල් අපේ රජු නොවිය යුතුය යි කී සෙනඟ කවුරු ද? ඒ අය අපට භාර දෙන්න; අපි ඔවුන් මරන්නෙමු”යි කීවෝ ය. එවිට සාවුල් සෙනඟ අමතා, “අද දවසේ දී සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ගළවාගත් නිසා කිසිවෙකු මේ දවසේ දී මරණයට පත් නොකළ යුතු ය”යි කීවේ ය. එවිට සාමුවෙල් සෙනඟට කතා කොට, “එන්න, අපි ගිල්ගාල්ට ගොස් එහි දී සාවුල් රජකමෙහි නැවත ස්ථිර කරමු’යි කීවේ ය. සෙනඟ සියලු දෙනා ගිල්ගාල්ට ගොස් එහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සාවුල් රාජ පදවියේ පිහිටුවා උන් වහන්සේට සහභාගිකමේ පූජා ඔප්පු කළෝ ය. සාවුල් ද ඉශ්රායෙල් සෙනඟ ද අතිශයෙන් ප්‍රීති ප්‍රමෝද වූ හ.
1 සාමුවෙල් 11:1-15 Sinhala New Revised Version 2018 (SNRV)

1 සාමුවෙල් 11:1-15 New International Version (NIV)
Nahash the Ammonite went up and besieged Jabesh Gilead. And all the men of Jabesh said to him, “Make a treaty with us, and we will be subject to you.” But Nahash the Ammonite replied, “I will make a treaty with you only on the condition that I gouge out the right eye of every one of you and so bring disgrace on all Israel.” The elders of Jabesh said to him, “Give us seven days so we can send messengers throughout Israel; if no one comes to rescue us, we will surrender to you.” When the messengers came to Gibeah of Saul and reported these terms to the people, they all wept aloud. Just then Saul was returning from the fields, behind his oxen, and he asked, “What is wrong with everyone? Why are they weeping?” Then they repeated to him what the men of Jabesh had said. When Saul heard their words, the Spirit of God came powerfully upon him, and he burned with anger. He took a pair of oxen, cut them into pieces, and sent the pieces by messengers throughout Israel, proclaiming, “This is what will be done to the oxen of anyone who does not follow Saul and Samuel.” Then the terror of the LORD fell on the people, and they came out together as one. When Saul mustered them at Bezek, the men of Israel numbered three hundred thousand and those of Judah thirty thousand. They told the messengers who had come, “Say to the men of Jabesh Gilead, ‘By the time the sun is hot tomorrow, you will be rescued.’ ” When the messengers went and reported this to the men of Jabesh, they were elated. They said to the Ammonites, “Tomorrow we will surrender to you, and you can do to us whatever you like.” The next day Saul separated his men into three divisions; during the last watch of the night they broke into the camp of the Ammonites and slaughtered them until the heat of the day. Those who survived were scattered, so that no two of them were left together. The people then said to Samuel, “Who was it that asked, ‘Shall Saul reign over us?’ Turn these men over to us so that we may put them to death.” But Saul said, “No one will be put to death today, for this day the LORD has rescued Israel.” Then Samuel said to the people, “Come, let us go to Gilgal and there renew the kingship.” So all the people went to Gilgal and made Saul king in the presence of the LORD. There they sacrificed fellowship offerings before the LORD, and Saul and all the Israelites held a great celebration.