1 සාමුවෙල් 1:17-28 - Compare All Versions
1 සාමුවෙල් 1:17-28 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එවිට ඒලී පිළිතුරු දෙමින්, “ශාන්ති සිතින් යන්න; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ, උන්වහන්සේගෙන් ඔබ ඉල්ලූ දේ ඉෂ්ට කර දෙන සේක්වා!” යි කීවේ ය. ඈ කතා කරමින්, “ඔබේ සේවිකාව වන මට ඔබ හමුවෙහි ප්‍රසාදය ලැබේවා!” යි කීවා ය. ඉන්පසු එම කාන්තාව ආපසු ගොස්, ආහාර ගත්තා ය. තවදුරටත් ඇගේ මුහුණ සෝ බරිත නො වී ය. පසු දා අරුණ උදෙන් පිබිදුණු ඔවුහු, ස්වාමින්වහන්සේ ඉදිරියේ නමස්කාර කොට, පසුව රාමාහි තම නිවස බලා පිටත් ව ගියහ. එල්කානා තම බිරිඳ වූ හන්නා සමඟ එක් වුණේ ය. ස්වාමින්වහන්සේ ඇය සිහි කළ සේක. මෙසේ නිසි කල්හි හන්නා ගැබ් ගෙන, පුතකු බිහි කළා ය. ඈ ඔහුට සාමුවෙල් යන නාමය තැබුවා ය. මන්ද, “ස්වාමින්වහන්සේගෙන් මම ඔහු ඉල්ලා ගතිමි” යි ඈ කීවා ය. ඇගේ ස්වාමියා වන එල්කානා තමාගේ මුළු පවුල ද කැටිව ස්වාමින්වහන්සේට වාර්ෂික යාග පූජා පුද කරන්නටත්, තම බාරය ඔප්පු කරන්නටත් නික්ම ගියේ ය. එහෙත් හන්නා ගියේ නැත. තම සැමියා ඇමතූ ඈ, “ළමයා කිරි වැරූ විගස, ස්වාමින්වහන්සේ ඉදිරියෙහි පෙනී සිටින පිණිස හා සදහට ම එහි වෙසෙන පිණිස මා ඔහු ගෙන එන්නම්” යි කීවා ය. එල්කානා, ඇගේ සැමියා, ඇයට පිළිතුරු දෙමින්, “වඩාත් හොඳ යැයි ඔබට පෙනෙන හැටියට කරන්න. ඔහු කිරි වරන තුරු මෙහි නැවතී සිටින්න. එහෙත් ස්වාමින්වහන්සේ ස්වකීය වචනය තහවුරු කරන සේක්වා” යි කීවේ ය. එබැවින් ඒ කාන්තාව දරුවාට කිරි දීම නවතන තෙක් නිවසේ නැවතී, ඔහු පෝෂ්‍ය කළා ය. ළමයා කිරි වැරූ පසු ඈ, ඔහු කැඳවාගෙන, ඒ සමඟ තුන් අවුරුදු ගවයකු ද පිටි ඒෆාවක් ද මිදි යුෂ සම් බඳුනක් ද ගෙන, ෂීලෝහි ස්වාමින්වහන්සේගේ ගෘහයට ඔහු රැගෙන ආවා ය. ළමයා ළාබාලයෙක් ව සිටියේ ය. ඔවුහු ගවයා මැරූ පසු, ඒලී වෙත ළමයා ගෙන ආහ. ඈ ඔහුට කතා කරමින්, “ස්වාමිනි, සැබවින් ම ඔබ ජීවත් වන වග සැබෑ සේ ම, ඔබ ඉදිරියෙහි මෙහි පසෙක සිටගෙන ස්වාමින්වහන්සේට කන්නලව් කළ කාන්තාව මමයි. මා යාච්ඤා කළේ මේ දරුවා උදෙසායි. මා උන්වහන්සේට කළ අයැදුම ස්වාමින්වහන්සේ මට ප්‍රදාන කළ සේක. එබැවින් දැන් මම ඔහු ස්වාමින්වහන්සේට දෙන්නෙමි. මන්ද ඔහු ජීවත් වන තුරා, ඔහු ස්වාමින්වහන්සේට” යැයි කීවා ය. ඔහු එහිදී ස්වාමින්වහන්සේට නමස්කාර කළේ ය.
1 සාමුවෙල් 1:17-28 SROV (Sinhala Revised Old Version)
එවිට ඒලී උත්තරදෙමින්: සමාදානයෙන් යන්න; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගෙන් නුඹ කළ ඉල්ලීම උන්වහන්සේ නුඹට ඉෂ්ටකරදෙනසේක්වයි කීවේය. ඈද: ඔබගේ මෙහෙකාරීට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබේවයි කීවාය. එවිට ඒ ස්ත්‍රී පිටත්ව ගොස් කෑම කෑවාය, ඇගේ මුහුණද තවත් මලානිකව නොතිබුණේය. ඔව්හු අලුයම නැගිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නමස්කාරකොට හැරී ගොස් රාමාහි තමුන්ගේ ගෙදරට පැමුණුණෝය. එල්කානා තමාගේ භාර්යාවවූ හන්නා ඇඳින්නේය; ස්වාමීන්වහන්සේ ද ඈ සිහිකළසේක. තවද අවුරුද්දක් යන තැනදී හන්නා ගර්භිණීව පුත්‍රයෙකු බිහිකළාය; ඈ: මා ස්වාමීන්වහන්සේගෙන් ඔහු ඉල්ලාගත් බැවිනැයි කියා ඔහුට සාමුවෙල් යන නම තැබුවාය. එල්කානා නම් මනුෂ්‍යයාද ඔහුගේ මුළු පවුලද අවුරුදු පතා කරන පූජාවත් තමාගේ බාරයත් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන පිණිස නික්ම ගියෝය. නුමුත් හන්නා ගියේ නැත; මක්නිසාද: ළමයා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පෙනී එහි හැම කල්හිම නැවතී සිටින පිණිස, කිරිවැරුවාම ඔහු ගෙන යන තුරු මම නොයමියි ඈ තමාගේ පුරුෂයාට කීවාය. ඇගේ පුරුෂයාවූ එල්කානා: නුඹට යහපත්ව පෙනෙන දේ කරන්න; ඔහු කිරිවරන තුරු නවතින්න; නුමුත් ස්වාමීන්වහන්සේ තමන්ගේ වචනය ඉෂ්ටකරන සේක්වයි ඈට කීවේය. මෙසේ ඒ ස්ත්‍රී නැවතී තමාගේ පුත්‍රයා කිරිවරන තුරු ඔහුට කිරි දුන්නාය. ඔහු කිරිවැරූ කල ඈ ගොස් ගොන් තුන්දෙනෙක්ද පිටි ඒඵාවක්ද මුද්‍රිකපාන භාජනයක්ද ඇතුව ඔහු ගෙනගොස් ෂීලෝහි තිබුණු ස්වාමීන්වහන්සේගේ ගෘහයට පැමුණුණාය. ළමයා බාලව සිටියේය. ඔව්හු ගොනා මරා ළමයා ඒලී ළඟට ගෙනාවෝය. ඈද: අනේ මාගේ ස්වාමිනි, ඔබ ජීවත් වන බව සැබෑවා සේම, මාගේ ස්වාමිනි, මෙහි ඔබ ළඟ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින් සිටි ස්ත්‍රී මමය. මේ දරුවා ලබාගන්ට යාච්ඤාකෙළෙමි; ස්වාමීන්වහන්සේ ද මා උන්වහන්සේගෙන් ඉල්ලූ මාගේ ඉල්ලීම මට දුන්සේක. එබැවින් මමත් ඔහු ස්වාමීන්වහන්සේට දුනිමි; ඔහු ජීවත්ව සිටින තෙක් ඔහු ස්වාමීන්වහන්සේට කැපයයි කීවාය. ඔව්හු එහිදී ස්වාමීන්වහන්සේට නමස්කාර කළෝය.
1 සාමුවෙල් 1:17-28 NRSV (Sinhala New Revised Version)
එවිට ඒලී පිළිතුරු දෙමින්, “ශාන්ති සිතින් යන්න; ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගෙන් ඔබ කළ ඉල්ලීම උන් වහන්සේ ඔබට ඉෂ්ට කර දෙන සේක්වා”යි කීවේ ය. ඈ ද, “ඔබේ දාසීට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබේ වා”යි කියා එතැනින් පිටත් ව ගොස් කෑම කෑවා ය. ඉන්පසු ඇගේ මුහුණ ද මළානික ව නොතිබිණි. පසු දින අලුයම එල්කානා සහ ඔහුගේ පවුල නැඟිට, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නමස්කාර කොට, හැරී ගොස් රාමාහි තමන්ගේ ගෙදරට ගියෝ ය. එල්කානා සිය බිරිඳ වන හන්නා සමඟ එක් විය. සමිඳාණන් වහන්සේ ද ඇය සිහි කළ සේක. ඈ පිළිසිඳගෙන නියම කාලයේ දී පුත්‍රයෙකු ලැබුවා ය. ඈ ඔහුට සාමුවෙල් යන නාමය තැබුවා ය. “එසේ කෙළේ, මා සමිඳාණන් වහන්සේගෙන් ඔහු ඉල්ලාගත් බැවිනැ”යි ඈ කීවා ය. එල්කානා සහ ඔහුගේ මුළු පවුල අවුරුදුපතා කරන පූජාවත්, තමාගේ බාරයත් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස ෂිලෝවට නික්ම ගියහ. එහෙත්, හන්නා ගියේ නැත. මන්ද, “ළමයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හැම කල්හි ම නැවතී සිටින පිණිස කිරි වැරූ පසු ඔහු ගෙන යන තුරු මම නොයමි”යි ඈ ඇගේ පුරුෂයාට කීවා ය. ඇගේ පුරුෂයා වන එල්කානා ඈට පිළිතුරු දෙමින්, “ඔබට හොඳ යයි සිතෙන දේ කරන්න; දරුවා කිරි වරන තුරු නැවතී සිටින්න. සමිඳාණන් වහන්සේ තමන්ගේ පොරොන්දුව ඉෂ්ට කරන සේක් වා”යි කීවේ ය. මෙසේ හන්නා නැවතී සිට සිය පුතා කිරි වරන තුරු ඔහුට කිරි දුන්නා ය. දරුවා කිරි වැරූ පසු, හන්නා තුන් අවුරුදු වස්සෙකු ද පිටි කිලෝග්‍රෑම් දහයක් ද මිදියුස බඳුනක් ද අරගෙන දරුවා ගෙන ගොස් ෂිලෝහි තිබුණු සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පැමුණුණා ය. එකල ඔහු කුඩා දරුවෙකු ව සිටියේ ය. ඔව්හු ගොන් වස්සා මරා දරුවා ඒලී ළඟට ගෙනාහ. ඈ ඒලී අමතා, “අනේ ස්වාමීනි, මට සමා වන්න. වරක් ඔබ ළඟ සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින් සිටි ස්ත්‍රිය මා බව මම දිවුරා කියමි. මේ දරුවා දෙන ලෙස මම යාච්ඤා කෙළෙමි. සමිඳාණන් වහන්සේ ද මා උන් වහන්සේගෙන් ඉල්ලූ මේ ඉල්ලීම මට ඉටු කළ සේක. එබැවින් මම ද ඔහු සමිඳාණන් වහන්සේට දෙන්නෙමි. ඔහු ජීවත් ව සිටින තෙක් සමිඳාණන් වහන්සේට කැප ය”යි කීවා ය. ඔව්හු එහි දී සමිඳාණන් වහන්සේට නමස්කාර කළහ.
1 සාමුවෙල් 1:17-28 SNRV (Sinhala New Revised Version 2018)

1 සාමුවෙල් 1:17-28 NIV (New International Version)
Eli answered, “Go in peace, and may the God of Israel grant you what you have asked of him.” She said, “May your servant find favor in your eyes.” Then she went her way and ate something, and her face was no longer downcast. Early the next morning they arose and worshiped before the LORD and then went back to their home at Ramah. Elkanah made love to his wife Hannah, and the LORD remembered her. So in the course of time Hannah became pregnant and gave birth to a son. She named him Samuel, saying, “Because I asked the LORD for him.” When her husband Elkanah went up with all his family to offer the annual sacrifice to the LORD and to fulfill his vow, Hannah did not go. She said to her husband, “After the boy is weaned, I will take him and present him before the LORD, and he will live there always.” “Do what seems best to you,” her husband Elkanah told her. “Stay here until you have weaned him; only may the LORD make good his word.” So the woman stayed at home and nursed her son until she had weaned him. After he was weaned, she took the boy with her, young as he was, along with a three-year-old bull, an ephah of flour and a skin of wine, and brought him to the house of the LORD at Shiloh. When the bull had been sacrificed, they brought the boy to Eli, and she said to him, “Pardon me, my lord. As surely as you live, I am the woman who stood here beside you praying to the LORD. I prayed for this child, and the LORD has granted me what I asked of him. So now I give him to the LORD. For his whole life he will be given over to the LORD.” And he worshiped the LORD there.