1 පේතෘස් 1:1-12
1 පේතෘස් 1:1-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වූ පේතෘස් වෙතින්, පොන්තස්, ගලාතිය, කප්පදෝකිය, ආසියා හා බිතිනියෙහි විසිර, විදේශී ව වෙසෙන, ආත්මයාණන්වහන්සේ විසින් පවිත්‍ර කරනු ලැබීමෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීම සඳහා ද උන්වහන්සේගේ ලේ ඉසිනු ලැබීම සඳහා ද පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේගේ පෙර දැනගැන්මට අනුව, තෝරාගනු ලැබූවන් වෙතයි: අනුග්‍රහයත්, සාමයත් ඔබට බෝ වේවා! යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේ වූ තැනැන්වහන්සේට ප්‍රශංසා වේවා! ස්වකීය අති මහත් දයාවට අනුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටීම තුළින් අපට ජීවමාන බලාපොරොත්තුවකට නව උපතක් සලසා දී ඇත්තේ, විනාශ නො වන, දූෂ්‍ය නො වන, මැලවී නො යන ඔබ උදෙසා ස්වර්ගයේ තබා තිබෙන උරුමයකට ය. අවසන් කාලයේ එළිදරවු වීමට සූදානම් ගැලවීම පැමිණෙන තෙක්, ඇදහිල්ල තුළින් දෙවියන්වහන්සේගේ බලයෙන්, උන්වහන්සේ ඔබ ආරක්ෂා කරන සේක. මේ කාරණයේදී ඔබ බෙහෙවින් ප්‍රීති ප්‍රමෝද වන්නේ, අවශ්‍ය වේ නම්, සුළු කලකට නොයෙකුත් පරීක්ෂාවලින් ඔබ ශෝකයට පත් වූවා වුව ද, ගින්නේ ලා පරීක්ෂා කළත් දිරා යන සුළු රත්රන්වලට වඩා අනර්ඝ වූ පරීක්ෂා කරන ලද ඔබගේ ඇදහිල්ලේ අව්‍යාජත්වය ඔප්පු වී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රකාශ වීමේදී එය ප්‍රශංසාවකට ද තේජසකට ද ගෞරවයකට ද හේතු වන වග දැක්වෙන පිණිස ය. ඔබ, උන්වහන්සේ දැක නැති නමුදු, උන්වහන්සේට ප්‍රේම කරති. දැන් ඔබ උන්වහන්සේ දකින්නේ නැති නමුදු, උන්වහන්සේ තුළ විශ්වාස කරමින්, කියා නිම කළ නො හැකි වූ ද තේජසින් පූර්ණ වූ ද ප්‍රීතියකින් ප්‍රමෝදවත් වෙමින්, ඔබගේ ඇදහිල්ලේ ප්‍රතිඵලය වන ඔබගේ ආත්මයේ ගැලවීම ලබමින් සිටිති. ඔබට නියමිත අනුග්‍රහය ගැන දිවැස් වැකි පැවසූ දිවැසිවරු, මෙම ගැලවීම සම්බන්ධයෙන් ඕනෑකමින් හා මහත් සැලකිල්ලෙන් සොයා බැලුවේ, ඔවුන් තුළ වූ ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේගේ වධ විඳීම් හා ඉන්පසුව සිදුවන තේජස ගැන කලින් සාක්ෂි දුන් කල, පෙන්නුම් කළේ කවරකු ගැන ද, කවර කාලයක් ගැනදැයි විපරම් කරමිනි. ඔවුන් සේවය කළේ, තමන්ට ම නො ව, ඔබට වග ඔවුනට එළිදරවු කෙරිණ. ස්වර්ගයෙන් එවන ලද ශුද්ධාත්මයාණන්වහන්සේ මගින් ශුභාරංචිය ඔබට දේශනා කරන ලද්දවුන් ලවා දැන් ඔබට ප්‍රකාශ කරනු ලබන්නේ, ඒ දෑම ය. මේ දෑ දැක බලා ගැනීමට දේව දූතයෝ පවා දැඩි සේ ආශා වන්නෝ ය.
1 පේතෘස් 1:1-12 Sinhala Revised Old Version (SROV)
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතයෙක්වූ පේතෘස් විසින් පොන්තස්හිද ගලාතියෙහිද කප්පදොකියෙහිද ආසියාවෙහිද බිතිනියෙහිද විසරගොස් විදේශීව සිටින්නාවූ, ආත්මයාණන්වහන්සේගේ පිරිසිදුකිරීමෙන් කීකරුවීමටත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ ඉසිනු ලැබීමටත්, පියවූ දෙවියන්වහන්සේගේ පෙර දැනගැන්මේ ප්‍රකාරයට තෝරාගනු ලැබූවන්ට ලියා එවන වග නම්: අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වැඩිවේවා. අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද අන්තිම කාලයෙහි එළිදරව්වෙන්ට සූදානම්ව තිබෙන ගැළවීමට දෙවියන්වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කරණකොටගෙන ආරක්ෂාකරනු ලබන්නාවූ, නුඹලා උදෙසා ස්වර්ගයෙහි තබා තිබෙන්නාවූ, ජරාවට නොපැමිණෙන්නාවූ, නොකිලුටුවූ, පහ නොවන්නාවූ උරුමයක් ගැන, ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන උන්වහන්සේ තමන්ගේ මහත් දයාව ලෙස අප නැවත උත්පාදකළසේක. ඕනෑව තිබෙන විට නුඹලා දැන් ස්වල්ප කලක් අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්වන නුමුත්, ඒ ගැළවීම ගැන නුඹලා ඉතා ප්‍රීතිවන්නහුය. එසේ ශෝකයට පත්වන්නේ නාස්තිවී යන්නාවූ, එසේද වුවත් ගින්නෙන් සෝදිසිකරන්නාවූ රනට වඩා අගේව තිබෙන නුඹලාගේ ඇදහිල්ල පරීක්ෂාකිරීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් පැමිණෙන පිණිසය. නුඹලා උන්වහන්සේ නුදුටු නුමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය; දැන් උන්වහන්සේ නොදකින නුමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා, නුඹලාගේ ඇදහිල්ලේ තීන්දුව වන නුඹලාගේ ආත්ම ගැළවීම ලබමින්, කියා නිමකළ නොහැකිවූ, තේජසින් පූර්ණවූ මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නහුය. නුඹලාට පැමිණෙන්ට තිබුණු අනුග්‍රහය ගැන අනාගතවාක්‍ය කී අනාගතවක්තෘවරුන් ඒ ගැළවීම ගැන බොහෝසෙයින් විභාගකොට සෙවුවෝය. ඔවුන් තුළෙහිවූ ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේට නියමවූ වධවිඳීමද ඊට පසු පැමිණෙන තේජසද ගැන කලින් සාක්ෂිදුන් විට, කවර කාලයක් නොහොත් කොයි ප්‍රකාර කාලයක් හැඟවූසේක්ද කියා ඔව්හු සෙවුවෝය. ඔවුන් ඒ දේවල් ගැන සේවයකරන්නේ තමුන්ට නොව නුඹලාට බව ඔවුන්ට එළිදරව් කරනලද්දේය. ස්වර්ගයෙන් එවනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන ශුභාරංචිය නුඹලාට ප්‍රකාශකළ තැනැත්තන් ලවා දැන් ඒවා දන්වනලද්දේය; ඒ දේවල් බලා දැනගන්ට දේවදූතයෝ ආශාවෙති.
1 පේතෘස් 1:1-12 Sinhala New Revised Version (NRSV)
මේ හසුන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පේදුරුගෙනි. මෙය ලියා එවන්නේ පොන්තස්හි ද ගලාතියෙහි ද කපදෝසියාවෙහි ද ආසියාවෙහි හා බිතිනියාවෙහි ද විසිර ගොස් විදේශිකයන්ව වසන, දෙවි පියාණන් වහන්සේගේ පෙර දැනුම අනුව තෝරාගනු ලැබූ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට කීකරු වීමට හා උන් වහන්සේගේ ලේ ඉසිනු ලැබීමට, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් පවිත්‍ර කරනු ලැබූ අයට ය. කරුණාවත් ශාන්තියත් ඔබට අධික ලෙස වේ වා! අපගේ ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මරණින් උත්ථාන කිරීම හේතුකොටගෙන, දෙවියන් වහන්සේ ස්වකීය මහත් දයාවෙන්, අපට නව ජීවනයක් දී, අපට ජීවමාන බලාපොරොත්තුවක් උදා කළ සේක. ඒ බලාපොරොත්තුව වනාහි සදහට ම පවත්නා උරුමයකට අප හිමිකාරයන් වීම ය. අජරාමර වූ ද, නොමැලවෙන්නා වූ ද ඒ උරුමය ස්වර්ගයෙහි ඔබ උදෙසා තබා ඇත. දෙවියන් වහන්සේගේ විමුක්තිදායක අරමුණ එළිදරව් කරන්නට යන අන්තිම කාලය දක්වා, ඔබගේ ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගේ බලය කරණකොටගෙන ඔබ ආරක්ෂා කරනු ලබන්නහු ය. ඔබ තව ස්වල්ප කලකට විවිධාකාර පරීක්ෂාවලින් පීඩා කරනු ලැබිය යුතු වුව ද, ඒ විමුක්තිය ගැන ඔබ ඉතා ප්‍රීතිවන්නහු ය. එසේ පීඩා කරනු ලබන්නේ, ඔබේ ඇදහිල්ල සෝදිසි කිරීමට ය. ගින්නෙන් පරීක්ෂා කරනු ලබන, විනාශ වන රනටත් වඩා අනර්ඝ ඔබේ ඇදහිල්ල, එසේ සෝදිසි කිරීමෙන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ එළිදරව් වීමේ දී ප්‍රශංසාව ද, මහිමය ද, ගෞරවය ද ඔබට ලැබෙනු ඇත. ඔබ උන් වහන්සේ නුදුටු නමුත් උන් වහන්සේට ප්‍රේම කරන්නහු ය. දැන් ඔබ උන් වහන්සේ නොදකින නමුත්, උන් වහන්සේ අදහා, ඔබගේ ඇදහිල්ලේ අරමුණ වන ඔබගේ ආත්ම ගැළවීම ලබමින්, කියා නිම කළ නොහැකි, තේජාන්විත මහා ප්‍රීතියකින් ප්‍රීතිවන්නහු ය. ඔබට ලැබෙන්ට නියමිත වරප්‍රසාදය ගැන දිවැස් වැකි පැවසූ දිවැසිවරු ඒ ගැළවීම ගැන බොහෝසෙයින් විපරම් කර සොයා බැලූ හ. ඔවුන් තුළ වූ ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මයාණන්, ක්‍රිස්තුන් වහන්සේට නියම වූ වද විඳීම ද ඉන්පසු පැමිණෙන තේජස ද ගැන කල් තියා පැවසූ විට, ඉන් හඟවනු ලැබුවේ කවර කාලයක් ද කවර ආකාරයක් දැ යි ඔව්හු සොයා බැලූ හ. තවද, ඔවුන් ඒ සේවය කළේ තමන් උදෙසා ම නොව, ඔබ උදෙසා බව ඔවුන්ට එළිදරව් කරන ලද්දේ ය. මේ දේවල් ස්වර්ගයෙන් එවන ලද ශුද්ධාත්මයාණන් කරණකොටගෙන, ඔබට සුබ අස්න දේශනා කළ තැනැත්තන් ලවා දැන් ඔබට ප්‍රකාශ කරවන ලදී. දේව දූතයෝ පවා මේවා බලා දැනගන්නට ආශා වෙති.
1 පේතෘස් 1:1-12 Sinhala New Revised Version 2018 (SNRV)
5මේ හසුන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ අපෝස්තුළුවරයෙකු වන පේදුරුගෙනි. මෙය ලියා එවන්නේ පොන්තස්හි ද ගලාතියෙහි ද කපදෝසියාවෙහි ද ආසියාවෙහි හා බිතිනියාවෙහි ද විසිර ගොස් විදේශිකයන්ව වසන, දෙවි පියාණන් වහන්සේගේ පෙර දැනුම අනුව තෝරාගනු ලැබූ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට කීකරු වීමට හා උන් වහන්සේගේ ලේ ඉසිනු ලැබීමට, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් පවිත්‍ර කරනු ලැබූ අයට ය. කරුණාවත් ශාන්තියත් ඔබට අධික ලෙස වේ වා! අපගේ ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මරණින් උත්ථාන කිරීම හේතුකොටගෙන, දෙවියන් වහන්සේ ස්වකීය මහත් දයාවෙන්, අපට නව ජීවනයක් දී, අපට ජීවමාන බලාපොරොත්තුවක් උදා කළ සේක. ඒ බලාපොරොත්තුව වනාහි සදහට ම පවත්නා උරුමයකට අප හිමිකාරයන් වීම ය. සදා අමරණීය වූ ද, නොමැලවෙන්නා වූ ද ඒ උරුමය ස්වර්ගයෙහි ඔබ උදෙසා තබා ඇත. දෙවියන් වහන්සේගේ විමුක්තිදායක අරමුණ එළිදරව් කරන්නට යන අන්තිම කාලය දක්වා, ඔබගේ ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගේ බලය කරණකොටගෙන ඔබ ආරක්ෂා කරනු ලබන්නහු ය. ඔබ තව ස්වල්ප කලකට විවිධාකාර පරීක්ෂාවලින් පීඩා කරනු ලැබිය යුතු වුව ද, ඒ විමුක්තිය ගැන ඔබ ඉතා ප්‍රීතිවන්නහු ය. එසේ පීඩා කරනු ලබන්නේ, ඔබේ ඇදහිල්ල සෝදිසි කිරීමට ය. ගින්නෙන් පරීක්ෂා කරනු ලබන, විනාශ වන රනටත් වඩා අනර්ඝ ඔබේ ඇදහිල්ල, එසේ සෝදිසි කිරීමෙන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ එළිදරව් වීමේ දී ප්‍රශංසාව ද, මහිමය ද, ගෞරවය ද ඔබට ලැබෙනු ඇත. ඔබ උන් වහන්සේ නුදුටු නමුත් උන් වහන්සේට ප්‍රේම කරන්නහු ය. දැන් ඔබ උන් වහන්සේ නොදකින නමුත්, උන් වහන්සේ අදහා, ඔබගේ ඇදහිල්ලේ අරමුණ වන ඔබගේ ආත්ම ගැළවීම ලබමින්, කියා නිම කළ නොහැකි, තේජාන්විත මහා ප්‍රීතියකින් ප්‍රීතිවන්නහු ය. ඔබට ලැබෙන්ට නියමිත වරප්‍රසාදය ගැන දිවැස් වැකි පැවසූ දිවැසිවරු ඒ ගැළවීම ගැන බොහෝසෙයින් විපරම් කර සොයා බැලූ හ. ඔවුන් තුළ වූ ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මයාණන්, ක්‍රිස්තුන් වහන්සේට නියම වූ වද විඳීම ද ඉන්පසු පැමිණෙන තේජස ද ගැන කල් තියා පැවසූ විට, ඉන් හඟවනු ලැබුවේ කවර කාලයක් ද කවර ආකාරයක් දැ යි ඔව්හු සොයා බැලූ හ. තවද, ඔවුන් ඒ සේවය කළේ තමන් උදෙසා ම නොව, ඔබ උදෙසා බව ඔවුන්ට එළිදරව් කරන ලද්දේ ය. මේ දේවල් ස්වර්ගයෙන් එවන ලද ශුද්ධාත්මයාණන් කරණකොටගෙන, ඔබට සුබ අස්න දේශනා කළ තැනැත්තන් ලවා දැන් ඔබට ප්‍රකාශ කරවන ලදී. දේව දූතයෝ පවා මේවා බලා දැනගන්නට ආශා වෙති.
1 පේතෘස් 1:1-12 New International Version (NIV)
Peter, an apostle of Jesus Christ, To God’s elect, exiles scattered throughout the provinces of Pontus, Galatia, Cappadocia, Asia and Bithynia, who have been chosen according to the foreknowledge of God the Father, through the sanctifying work of the Spirit, to be obedient to Jesus Christ and sprinkled with his blood: Grace and peace be yours in abundance. Praise be to the God and Father of our Lord Jesus Christ! In his great mercy he has given us new birth into a living hope through the resurrection of Jesus Christ from the dead, and into an inheritance that can never perish, spoil or fade. This inheritance is kept in heaven for you, who through faith are shielded by God’s power until the coming of the salvation that is ready to be revealed in the last time. In all this you greatly rejoice, though now for a little while you may have had to suffer grief in all kinds of trials. These have come so that the proven genuineness of your faith—of greater worth than gold, which perishes even though refined by fire—may result in praise, glory and honor when Jesus Christ is revealed. Though you have not seen him, you love him; and even though you do not see him now, you believe in him and are filled with an inexpressible and glorious joy, for you are receiving the end result of your faith, the salvation of your souls. Concerning this salvation, the prophets, who spoke of the grace that was to come to you, searched intently and with the greatest care, trying to find out the time and circumstances to which the Spirit of Christ in them was pointing when he predicted the sufferings of the Messiah and the glories that would follow. It was revealed to them that they were not serving themselves but you, when they spoke of the things that have now been told you by those who have preached the gospel to you by the Holy Spirit sent from heaven. Even angels long to look into these things.