1 රාජාවලිය 3:10-15
1 රාජාවලිය 3:10-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සාලමොන් එසේ ඉල්ලූ බැවින් ස්වාමින්වහන්සේ ඊට ප්‍රසන්න වූ සේක. එබැවින් දෙවියන්වහන්සේ ඔහු අමතා, “ඔබ මේ දෑ ඉල්ලූ බැවින් ඔබට දීර්ඝායුෂවත්, ධන සම්පත්වත්, ඔබේ සතුරන්ගේ මරණයවත් නො ඉල්ලා යුක්තිය ඉටු කරන පිණිස ඥානය ඉල්ලූ බැවින්, ඔබ ඉල්ලූ දේ මම ඉටු කරන්නෙමි. එබැවින් ඔබ හා සමාන කෙනකු මින් පෙර සිටියේවත්, මින් පසු සිටින්නේවත් නැති තරමට මම ඔබට ප්‍රඥාවත්, විචාර බුද්ධියත් සහිත හදවතක් දෙන්නෙමි. ඒ හැර ඔබ නො ඉල්ලූ ධන සම්පත හා ගෞරවය මම ඔබට දෙන්නෙමි; ඔබගේ ජීවිත කාලය පුරා රජවරුන් අතරේ ඔබ හා සමාන කෙනෙක් සිටින්නේ නැත. ඔබේ පියා වූ දාවිත් පරිදි, ඔබ මගේ මාර්ගවල හැසිරෙමින්, මගේ නියෝගවලට හා ආඥාවලට කීකරු වන්නේ නම්, මම ඔබට දීර්ඝායුෂ දෙන්නෙමි” යි වදාළ සේක. එවිට ම සාලමොන් අවදි විය; එය සිහිනයක් වග එවිට ඔහුට අවබෝධ විය. ඔහු යෙරුසලමට ආපසු අවුත්, ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට සිටගෙන දවන යාග පූජා ද ශාන්ති පූජා ද ඔප්පු කළේ ය. ඉන්පසු ඔහු තම සේවකයින් සියලු දෙනාට භෝජන සංග්‍රහයක් පැවැත් විය.
1 රාජාවලිය 3:10-15 Sinhala Revised Old Version (SROV)
සාලමොන් මේ දේ ඉල්ලූ නිසා ස්වාමීන්වහන්සේ ඊට ප්‍රසන්නවූ සේක. දෙවියන්වහන්සේ කථාකොට: නුඹ දීර්ඝායුස ඉල්ලන්නේවත් ධනය ඉල්ලන්නේවත් නුඹේ සතුරන්ගේ ජීවිතය ඉල්ලන්නේවත් නැතුව විනිශ්චය තේරුම් ගැනීමට නුවණ ඉල්ලූ බැවින්, මම නුඹේ වචනය ලෙස කෙළෙමි. නුඹට සමාන කෙනෙක් නුඹට පළමුවෙන් සිටියේවත් නුඹට පසුව නැගිටින්නේවත් නැති ලෙස ප්‍රඥාවන්ත නුවණැති සිතක් නුඹට දුනිමි. ඇරත් නුඹේ සියලු දවස්වලදී රජවරුන් අතරේ නුඹට සමාන කෙනෙක් නොවන ලෙස ධනයද ගෞරවයද යන නුඹ නොඉල්ලූ දේත් නුඹට දුනිමි. ඉදින් නුඹේ පියවූ දාවිත් හැසුරුණාක්මෙන් නුඹ මාගේ පනත්ද ආඥාද රක්ෂාකරමින් මාගේ මාර්ගවල හැසිරෙන්නෙහිනම් නුඹේ දවස්ද වැඩිකරන්නෙමියි ඔහුට කීසේක. සාලමොන් පිබිද ඒක ස්වප්නයක් බව දැනගත්තේය. ඔහු යෙරුසලමට ඇවිත් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සිට දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකෙළේය; තමාගේ සියලු සේවකයන්ට මංගල්‍යයක්ද පිළියෙළකොට දුන්නේය.
1 රාජාවලිය 3:10-15 Sinhala New Revised Version (NRSV)
සලමොන් මේ දේ ඉල්ලූ නිසා සමිඳාණන් වහන්සේ ඊට ප්‍රසන්න වූ සේක. දෙවියන් වහන්සේ කතා කොට, “නුඹ දීර්ඝායුෂ ඉල්ලන්නේ වත් ධන සම්පත් ඉල්ලන්නේ වත්, නුඹේ සතුරන්ගේ ජීවිතය ඉල්ලන්නේ වත් නැති ව විනිශ්චය තේරුම්ගැනීමට ඥානය ඉල්ලූ බැවින්, බලන්න, මම නුඹේ ඉල්ලීම ලෙස ඉටු කරමි. නුඹට සමාන කෙනෙකු නුඹට පළමුවෙන් සිටියේ වත්, නුඹට පසු ව සිටින්නේ වත් නැති වන ලෙස තියුණු නැණනුවණ නුඹට දෙමි. ඇරත්, නුඹේ මුළු කාලයේ දී රජවරුන් අතරේ නුඹට සමාන කෙනෙකු නොවන ලෙස ධනය ද ගෞරවය ද යන නුඹ නොඉල්ලූ දේත් නුඹට දෙමි. තවද, නුඹේ පිය වූ දාවිත් හැසුරුණ පරිදි නුඹ මාගේ ආඥා ද පණත් ද රක්ෂා කරමින් මාගේ මාර්ගවල හැසිරෙන්නෙහි නම්, නුඹේ ආයුෂ ද වැඩිකරන්නෙමි”යි ඔහුට වදාළ සේක. සලමොන් පිබිද දෙවියන් වහන්සේ ස්වප්නයක් මඟින් කතා කළ බව දැන ගත්තේ ය. ඔහු ජෙරුසලමට අවුත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සිට දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කෙළේ ය. තමාගේ සියලු සේවකයන්ට මංගල්‍යයක් ද පිළියෙළ කොට දුන්නේ ය.
1 රාජාවලිය 3:10-15 Sinhala New Revised Version 2018 (SNRV)
සලමොන් මේ දේ ඉල්ලූ නිසා සමිඳාණන් වහන්සේ ඊට ප්‍රසන්න වූ සේක. දෙවියන් වහන්සේ කතා කොට, “නුඹ දීර්ඝායුෂ ඉල්ලන්නේ වත් ධන සම්පත් ඉල්ලන්නේ වත්, නුඹේ සතුරන්ගේ ජීවිතය ඉල්ලන්නේ වත් නැති ව විනිශ්චය තේරුම්ගැනීමට ඥානය ඉල්ලූ බැවින්, බලන්න, මම නුඹේ ඉල්ලීම ලෙස ඉටු කරමි. නුඹට සමාන කෙනෙකු නුඹට පළමුවෙන් සිටියේ වත්, නුඹට පසු ව සිටින්නේ වත් නැති වන ලෙස තියුණු නැණනුවණ නුඹට දෙමි. ඇරත්, නුඹේ මුළු කාලයේ දී රජවරුන් අතරේ නුඹට සමාන කෙනෙකු නොවන ලෙස ධනය ද ගෞරවය ද යන නුඹ නොඉල්ලූ දේත් නුඹට දෙමි. තවද, නුඹේ පිය වූ දාවිත් හැසුරුණ පරිදි නුඹ මාගේ ආඥා ද පනත් ද රක්ෂා කරමින් මාගේ මාර්ගවල හැසිරෙන්නෙහි නම්, නුඹේ ආයුෂ ද වැඩිකරන්නෙමි”යි ඔහුට වදාළ සේක. සලමොන් පිබිද දෙවියන් වහන්සේ ස්වප්නයක් මඟින් කතා කළ බව දැන ගත්තේ ය. ඔහු ජෙරුසලමට අවුත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සිට දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කෙළේ ය. තමාගේ සියලු සේවකයන්ට මංගල්‍යයක් ද පිළියෙළ කොට දුන්නේ ය.
1 රාජාවලිය 3:10-15 New International Version (NIV)
The Lord was pleased that Solomon had asked for this. So God said to him, “Since you have asked for this and not for long life or wealth for yourself, nor have asked for the death of your enemies but for discernment in administering justice, I will do what you have asked. I will give you a wise and discerning heart, so that there will never have been anyone like you, nor will there ever be. Moreover, I will give you what you have not asked for—both wealth and honor—so that in your lifetime you will have no equal among kings. And if you walk in obedience to me and keep my decrees and commands as David your father did, I will give you a long life.” Then Solomon awoke—and he realized it had been a dream. He returned to Jerusalem, stood before the ark of the Lord’s covenant and sacrificed burnt offerings and fellowship offerings. Then he gave a feast for all his court.