1 රාජාවලිය 12:1-5
1 රාජාවලිය 12:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
රෙහොබොවම් ෂෙකෙම් වෙත ගියේ ය. මන්ද සියලු ඉශ්‍රායෙල්වරු ඔහු රජකමට පත් කරන්නට එහි ගොස් සිටියහ. සාලමොන්ගේ මරණය ඇසූ විගස, නෙබාට්ගේ පුත් යෙරොබොවම් ඊජිප්තුවේ සිට පෙරළා ආවේ ය. (මන්ද ඔහු සාලමොන් රජු වෙතින් ඊජිප්තුවට පලා ගොස් තවම එහි සිටියේ ය.) එබැවින් ඔවුහු යෙරොබොවම් කැඳවා යැවූහ. ඔහු මුළු ඉශ්රායෙල් සභාව සමඟ රෙහොබොවම් වෙත ගොස්, ඔහුට කතා කොට, “ඔබේ පියා බර වියගහක් අප පිට තැබී ය. එහෙත් දැන් ඒ කර්කශ මෙහෙවර ද ඔහු අප පිට තැබූ බර වියගහ ද සැහැල්ලු කරන්න. එවිට අපි ඔබට මෙහෙ කරන්නෙමු” යි පැවසී ය. රෙහොබොවම් පිළිතුරු දෙමින්, “යන්න, තව දින තුනකින් නැවත මා වෙත එන්නැ” යි පැවසී ය. එබැවින් ජනයා යන්නට ගියහ.
1 රාජාවලිය 12:1-5 Sinhala Revised Old Version (SROV)
රෙහොබොවම් ෂෙකෙම්ට ගියේය. මක්නිසාද ඔහු රජකොට පත්කරන පිණිස සියලු ඉශ්‍රායෙල්වරු ෂෙකෙම්ට ආවෝය. තවද සාලමොන් රජු කෙරෙන් පලාගොස් මිසරයෙහි වාසයකළාවූ, නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම් මිසරයෙහි සිටියදීම ඒ බව ඔහුට සැලවිය. ඔව්හු පණිවුඩයක් යවා ඔහු ගෙන්වා ගත්තෝය. යෙරොබොවම්ද මුළු ඉශ්‍රායෙල් සභාවද ඇවිත් රෙහොබොවම්ට කථාකොට: ඔබගේ පියාණෝ අප පිට බර වියගහක් තැබුවාහ. එබැවින් ඔබගේ පියාණන්ගේ දුෂ්කර සේවයද ඔහු අප පිට තැබූ බර වියගහද සැහැල්ලුකළ මැනවි, එවිට අපි ඔබට සේවයකරන්නෙමුයයි කීවෝය. නුඹලා ගොස් තුන් දවසකින් මා ළඟට නැවත එන්නැයි ඔහු ඔවුන්ට කීවේය. සෙනඟ පිටත්ව ගියෝය.
1 රාජාවලිය 12:1-5 Sinhala New Revised Version (NRSV)
රෙහොබෝවම් ෂෙකෙම් නම් ස්ථානයට ගියේ ය. මන්ද, ඔහු රජ කොට පත් කරන පිණිස සියලු ඉශ්රායෙල්වරුන් ෂෙකෙම්ට පැමිණි බැවිනි. තවද, සලමොන් රජු කෙරෙන් පලා ගොස් මිසර දේශයෙහි වාසය කළ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් මිසරයෙහි සිටිය දී ම ඒ බව ඔහුට සැළ විය. මිනිස්සු පණිවුඩයක් යවා ඔහු ගෙන්වාගත්හ. ජෙරොබෝවම් හා මුළු ඉශ්රායෙල් සභාව පැමිණ, රෙහොබෝවම්ට කතා කොට, “ඔබේ පියාණෝ අප පිට බර වියගහක් තැබූ හ. එබැවින් ඔබේ පියාණන් පැවරූ දුෂ්කර සේවය ද ඔහු අප පිට තැබූ බර වියගහ ද සැහැල්ලු කළ මැනව. එවිට අපි ඔබට සේවය කරන්නෙමු”යි කීවෝ ය. “ඔබ ගොස් තුන් දවසකින් මා ළඟට නැවත එන්නැ”යි ඔහු ඔවුන්ට කී විට සෙනඟ පිටත් ව ගියහ.
1 රාජාවලිය 12:1-5 Sinhala New Revised Version 2018 (SNRV)
රෙහොබෝවම් ෂෙකෙම් නම් ස්ථානයට ගියේ ය. මන්ද, ඔහු රජ කොට පත් කරන පිණිස සියලු ඉශ්රායෙල්වරුන් ෂෙකෙම්ට පැමිණි බැවිනි. තවද, සලමොන් රජු කෙරෙන් පලා ගොස් මිසර දේශයෙහි වාසය කළ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් මිසරයෙහි සිටිය දී ම ඒ බව ඔහුට සැළ විය. මිනිස්සු පණිවුඩයක් යවා ඔහු ගෙන්වාගත්හ. ජෙරොබෝවම් හා මුළු ඉශ්රායෙල් සභාව පැමිණ, රෙහොබෝවම්ට කතා කොට, “ඔබේ පියාණෝ අප පිට බර වියගහක් තැබූ හ. එබැවින් ඔබේ පියාණන් පැවරූ දුෂ්කර සේවය ද ඔහු අප පිට තැබූ බර වියගහ ද සැහැල්ලු කළ මැනව. එවිට අපි ඔබට සේවය කරන්නෙමු”යි කීවෝ ය. “ඔබ ගොස් තුන් දවසකින් මා ළඟට නැවත එන්නැ”යි ඔහු ඔවුන්ට කී විට සෙනඟ පිටත් ව ගියහ.
1 රාජාවලිය 12:1-5 New International Version (NIV)
Rehoboam went to Shechem, for all Israel had gone there to make him king. When Jeroboam son of Nebat heard this (he was still in Egypt, where he had fled from King Solomon), he returned from Egypt. So they sent for Jeroboam, and he and the whole assembly of Israel went to Rehoboam and said to him: “Your father put a heavy yoke on us, but now lighten the harsh labor and the heavy yoke he put on us, and we will serve you.” Rehoboam answered, “Go away for three days and then come back to me.” So the people went away.