1 යොහන් 5:14-15 - Compare All Versions
1 යොහන් 5:14-15 SCV (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේ ඉදිරියේ අපට ඇති සහතිකය මෙයයි: උන්වහන්සේගේ කැමැත්තට අනුව අප යමක් ඉල්ලන කල, උන්වහන්සේ ඊට සවන් දෙන බවයි. අප ඉල්ලන කවර දෙයකට වුව උන්වහන්සේ අපට සවන් දෙන වග අප දන්නවා නම්, උන්වහන්සේගෙන් අප ඉල්ලූ ඉල්ලීම අපට ලැබෙන බව අපි දනිමු.
1 යොහන් 5:14-15 SROV (Sinhala Revised Old Version)
උන්වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බවය. අප යම් දෙයක් ඉල්ලන කල උන්වහන්සේ අසන බව අපි දනිමු නම්, අප උන්වහන්සේගෙන් ඉල්ලූ දේ අපට ලැබෙන බව දනිමුව.
1 යොහන් 5:14-15 NRSV (Sinhala New Revised Version)
උන් වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප උන් වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත්, උන් වහන්සේ අපේ ඉල්ලීම අසන බව ය. ඒ ඉල්ලීමට උන් වහන්සේ සවන් දෙන බව අපි දනිමු නම්, අප උන් වහන්සේගෙන් ඉල්ලන දේ අපට ලැබෙන බව අපි දනිමු.
1 යොහන් 5:14-15 SNRV (Sinhala New Revised Version 2018)
උන් වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප උන් වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත්, උන් වහන්සේ අපේ ඉල්ලීම අසන බව ය. ඒ ඉල්ලීමට උන් වහන්සේ සවන් දෙන බව අපි දනිමු නම්, අප උන් වහන්සේගෙන් ඉල්ලන දේ අපට ලැබෙන බව අපි දනිමු.
1 යොහන් 5:14-15 NIV (New International Version)
This is the confidence we have in approaching God: that if we ask anything according to his will, he hears us. And if we know that he hears us—whatever we ask—we know that we have what we asked of him.