1 යොහන් 2:7-8 - Compare All Versions

1 යොහන් 2:7-8 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ප්‍රේමණීයයනි, මා ඔබට අලුත් ආඥාවක් ලියනවා නො වේ. මුල පටන් ම ඔබට තිබූ පැරණි ආඥාවකි. මෙම පැරණි ආඥාව ඔබ අසා ඇති වචනයයි. අනෙක් අතට මා ඔබට ලියන්නේ උන්වහන්සේ තුළත්, ඔබ තුළත් සත්‍ය වූ අලුත් ආඥාවකි. මන්ද අන්ධකාරය පහ වී යයි; සත්‍ය ආලෝකය දැනටමත් බැබළෙමින් තිබේ.

බෙදාගන්න
1 යොහන් 2 SCV

1 යොහන් 2:7-8 SROV (Sinhala Revised Old Version)

ප්‍රේමවන්තයෙනි, මා නුඹලාට ලියා එවන්නේ අලුත් ආඥාවක් නොව පටන්ගැන්මේ සිට නුඹලාට තිබුණු පරණ ආඥාවක්ය. ඒ පරණ ආඥාව නම් නුඹලා ඇසූ වචනය වේ. නැවතත් අලුත් ආඥාවක් නුඹලාට ලියා එවමි, එය උන්වහන්සේ තුළද නුඹලා තුළද සැබෑය; මක්නිසාද අන්ධකාරය පහවේගන යයි, සැබෑවූ ආලෝකය දැනටම බබළයි

බෙදාගන්න
1 යොහන් 2 SROV

1 යොහන් 2:7-8 NRSV (Sinhala New Revised Version)

ප්‍රේමවන්තයෙනි, මා ඔබ හට ලියා එවන්නේ අලුත් ආඥාවක් නොව, පටන්ගැන්මේ සිට ම ඔබ අතර තිබුණු පැරණි ආඥාව ය. ඒ පැරණි ආඥාව නම් ඔබ අසා ඇති පණිවුඩය ම ය. කෙසේ වෙතත් මා ඔබ වෙත ලියා එවන මෙම ආඥාව අලුත් එකකි. එහි සත්‍යය ක්‍රිස්තුන් වහන්සේ තුළ ද ඔබ තුළ ද විද්‍යමාන වී ඇත. මන්ද, අන්ධකාරය පහ ව යන්නේ ය. සැබෑ ආලෝකය දැනටමත් බැබළෙන්නේ ය.

බෙදාගන්න
1 යොහන් 2 NRSV

1 යොහන් 2:7-8 SNRV (Sinhala New Revised Version 2018)

ප්‍රේමවන්තයෙනි, මා ඔබ හට ලියා එවන්නේ අලුත් ආඥාවක් නොව, පටන්ගැන්මේ සිට ම ඔබ අතර තිබුණු පැරණි ආඥාව ය. ඒ පැරණි ආඥාව නම් ඔබ අසා ඇති පණිවුඩය ම ය. කෙසේ වෙතත් මා ඔබ වෙත ලියා එවන මෙම ආඥාව අලුත් එකකි. එහි සත්‍යය ක්‍රිස්තුන් වහන්සේ තුළ ද ඔබ තුළ ද විද්‍යමාන වී ඇත. මන්ද, අන්ධකාරය පහ ව යන්නේ ය. සැබෑ ආලෝකය දැනටමත් බැබළෙන්නේ ය.

බෙදාගන්න
1 යොහන් 2 SNRV

1 යොහන් 2:7-8 NIV (New International Version)

Dear friends, I am not writing you a new command but an old one, which you have had since the beginning. This old command is the message you have heard. Yet I am writing you a new command; its truth is seen in him and in you, because the darkness is passing and the true light is already shining.

බෙදාගන්න
1 යොහන් 2 NIV