1
උත්පත්ති 2:24
Sinhala New Revised Version
මිනිසෙකු තම පියා ද මව ද අත් හැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින් ය. මෙලෙස ඔව්හු එක් මාංසයක් වන්නෝ ය.
Compare
Explore උත්පත්ති 2:24
2
උත්පත්ති 2:18
පසුව දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, “මිනිසා තනි ව විසීම සුදුසු නැත; ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි”යි වදාළ සේක.
Explore උත්පත්ති 2:18
3
උත්පත්ති 2:7
දෙවි සමිඳාණන් වහන්සේ පොළොවේ දුවිල්ලෙන් මනුෂ්‍යයා මවා ඔහුගේ නාස් පුඩු තුළට ජීවන හුස්ම හෙළූ සේක. මෙසේ මනුෂ්‍යයා ජීවමාන කෙනෙක් විය.
Explore උත්පත්ති 2:7
4
උත්පත්ති 2:23
එවිට මිනිසා කතා කොට, “දැන් ඉතින්, මාගේ ඇටවලින් ගත් ඇටය වන, මාගේ මාංසයෙන් ගත් මාංසය වන මැය, මිනිසාගෙන් ගත් හෙයින්, ඈට ‘ස්ත්‍රී’ කියා කියනු ඇතැ”යි පැවසී ය.
Explore උත්පත්ති 2:23
5
උත්පත්ති 2:3
මෙසේ උන් වහන්සේ සත් වන දවසට ආසිරි පතා එය ශුද්ධ දවසක් ලෙස වෙන් කර වදාළ සේක. එසේ කෙළේ ඒ දවසේ උන් වහන්සේ සිය මැවීමේ කාර්යය නිමවා, වැඩ නතර කළ හෙයිනි.
Explore උත්පත්ති 2:3
6
උත්පත්ති 2:25
මිනිසාත්, භාර්යාවත් දෙදෙනා ම නග්න ව සිටි නමුත් ඔව්හු ලජ්ජා නොවූ හ.
Explore උත්පත්ති 2:25
YouVersion ඔබේ අත්දැකීම පෞද්ගලීකරණය කිරීමට කුකීස් භාවිතා කරයි. අපගේ වෙබ් අඩවිය භාවිතා කිරීම මගින්, අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිහි විස්තර කර ඇති පරිදි අපගේ කුකීස් භාවිතයට ඔබ එකඟ වේ
Home
Bible
Plans
Videos