1
ශුද්ධවර ලූක් 12:40
Sinhala New Revised Version 2018
එබැවින් ඔබත් සූදානම් ව සිටින්න. මෙසේ කියන්නේ, ඔබ බලාපොරොත්තු නොවන පැයක දී මනුෂ්‍ය-පුත්‍රයාණන් වඩින නිසා ය.”
နှိုင်းယှဉ်
ශුද්ධවර ලූක් 12:40ရှာဖွေလေ့လာလိုက်ပါ။
2
ශුද්ධවර ලූක් 12:31
එසේ නොව උන් වහන්සේගේ රාජ්‍යය සොයා යන්න, එවිට මේ දේවල් ද ඔබට දෙනු ලැබේ.
ශුද්ධවර ලූක් 12:31ရှာဖွေလေ့လာလိုက်ပါ။
3
ශුද්ධවර ලූක් 12:15
“තවද, සියලු ආකාර තණ්හාවලින් පරෙස්සම් වෙන්නට බලාගන්න; මනුෂ්‍යයකුට කොතරම් දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය ඒ පිට රඳා නැතැ”යි ඔවුන්ට වදාළ සේක. උන් වහන්සේ උපමාවක් කියමින් මෙසේ වදාළ සේක
ශුද්ධවර ලූක් 12:15ရှာဖွေလေ့လာလိုက်ပါ။
4
ශුද්ධවර ලූක් 12:34
මන්ද, ඔබගේ වස්තුව කොතැන ද, ඔබගේ සිතත් එතැන ම ය.”
ශුද්ධවර ලූක් 12:34ရှာဖွေလေ့လာလိုက်ပါ။
5
ශුද්ධවර ලූක් 12:25
සිත් තැවුළෙන් ඔබගේ ආයු ප්‍රමාණය දික් කරගන්න ඔබ අතරෙන් කවරෙකුට පුළුවන් ද?
ශුද්ධවර ලූක් 12:25ရှာဖွေလေ့လာလိုက်ပါ။
6
ශුද්ධවර ලූක් 12:22
තවද උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙසේ වදාරන සේක්: “එහෙයින් මම ඔබට කියමි, කුමක් කමු ද කියා ජීවිතය ගැන වත්, කුමක් අඳිමු ද කියා ශරීරය ගැන වත් කරදර නොවන්න.
ශුද්ධවර ලූක් 12:22ရှာဖွေလေ့လာလိုက်ပါ။
7
ශුද්ධවර ලූක් 12:7
ඔබගේ හිසකෙස් සියල්ල පවා ගණන් කොට ඇත. බිය නොවන්න; ඔබ ගේකුරුල්ලන් රාශියකට වඩා අගනේ ය.”
ශුද්ධවර ලූක් 12:7ရှာဖွေလေ့လာလိုက်ပါ။
8
ශුද්ධවර ලූක් 12:32
“කුඩා රැළ, බිය නොවන්න, ඔබට රාජ්‍යය දෙන්නට ඔබගේ පියාණන් වහන්සේ සැදී පැහැදී සිටින සේක.
ශුද්ධවර ලූක් 12:32ရှာဖွေလေ့လာလိုက်ပါ။
9
ශුද්ධවර ලූක් 12:24
කපුටන් ගැන කල්පනා කරන්න: උන් වපුරන්නේ නැත, කපන්නේත් නැත, උන්ට අටුකොටු නැත, ගබඩාවක් ද නැත. එහෙත් දෙවියන් වහන්සේ උන් පෝෂණය කරන සේක. ඔබ පක්ෂීන්ට වඩා කොතරම් අගනේ ද?
ශුද්ධවර ලූක් 12:24ရှာဖွေလေ့လာလိုက်ပါ။
10
ශුද්ධවර ලූක් 12:29
එබැවින් ඔබ කුමක් කන්නේ ද කියා වත්, කුමක් බොන්නේ ද කියා වත් සොයමින් කරදර නොවන්න.
ශුද්ධවර ලූක් 12:29ရှာဖွေလေ့လာလိုက်ပါ။
11
ශුද්ධවර ලූක් 12:28
ඇදහිලි හීන තැනැත්තෙනි! කෙතෙහි අද තිබී හෙට උදුනෙහි දමනු ලබන තෘණ දෙවියන් වහන්සේ මෙසේ සරසන සේක් නම්, ඊට කොපමණ වැඩියෙන් ඔබ නොසරසන සේක් ද?
ශුද්ධවර ලූක් 12:28ရှာဖွေလေ့လာလိုက်ပါ။
12
ශුද්ධවර ලූක් 12:2
සැඟවී ඇති සෑම දේ ම හෙළි කරනු ලැබේ; සෑම රහසක් ම ප්‍රකාශ කරනු ලැබේ.
ශුද්ධවර ලූක් 12:2ရှာဖွေလေ့လာလိုက်ပါ။
ပင်မစာမျက်နှာ
ကျမ်းစာ
အစီအစဉ်
ဗီဒီယို