1
ශුද්ධවර ජොහන් 11:25-26
Sinhala New Revised Version 2018
ජේසුස් වහන්සේ කතා කරමින්, පුනරුජ්ජීවනය ද, ජීවනය ද මම වෙමි; මා අදහාගන්නා මැරුණත් ජීවත් වන්නේ ය; ජීවත් ව සිටින, මා අදහාගන්න කිසිවෙක් කිසි කලෙක නො මැරෙන්නේ ය. ඔබ මෙය අදහන්නෙහි දැ”යි ඇසූ සේක.
ប្រៀបធៀប
រុករក ශුද්ධවර ජොහන් 11:25-26
2
ශුද්ධවර ජොහන් 11:40
ජේසුස් වහන්සේ කතා කොට, “ඔබට ඇදහිල්ල ඇත්නම් ඔබ දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය අත්දකින බව මා කීවා නොවේ දැ”යි ඈට වදාළ සේක.
រុករក ශුද්ධවර ජොහන් 11:40
3
ශුද්ධවර ජොහන් 11:35
ජේසුස් වහන්සේ හැඬු සේක.
រុករក ශුද්ධවර ජොහන් 11:35
4
ශුද්ධවර ජොහන් 11:4
ඒ ඇසූ කල ජේසුස් වහන්සේ කතා කොට, “මේ රෝගය මරණයෙන් කෙළවර වන්නක් නොවේ; මෙය දේව මහිමය සඳහා ය; මෙයින් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ මහිමයට පමුණුවනු ලබන සේකැ”යි වදාළ සේක.
រុករក ශුද්ධවර ජොහන් 11:4
5
ශුද්ධවර ජොහන් 11:43-44
උන් වහන්සේ මෙසේ කියා, “ලාසරස් පිටතට එන්නැ”යි මහ හඬින් වදාළ සේක. මැරී සිටි තැනැත්තා පිටතට ආවේ ය; ඔහුගේ අත් පා රෙදි පටිවලින් වෙළා තිබුණේ ය; මුහුණ රෙදි කඩකින් ඔතා තිබුණේ ය. “මොහුගේ බැමි ලිහා, යන්නට හරින්නැ”යි ජේසුස් වහන්සේ වදාළ සේක.
រុករក ශුද්ධවර ජොහන් 11:43-44
6
ශුද්ධවර ජොහන් 11:38
එවිට, නැවතත් ජේසුස් වහන්සේ අතිශයින් කැළඹී, සොහොන් ගේ ළඟට පැමිණි සේක. එය වනාහි ගල් ගුහාවකි. එහි කට ගලකින් වසා තිබිණි.
រុករក ශුද්ධවර ජොහන් 11:38
7
ශුද්ධවර ජොහන් 11:11
“අප හිතමිත්‍ර ලාසරස් සැතපී සිටියි; ඔහු පුබුදුවන පිණිස යන්නෙමි”යි වදාළ සේක.
រុករក ශුද්ධවර ජොහන් 11:11
គេហ៍
ព្រះគម្ពីរ
គម្រោងអាន
វីដេអូ