1
උත්පත්ති 9:12-13
Sinhala New Revised Version
තවද, දෙවියන් වහන්සේ කතා කොට, “මා හා නුඹලා ද, නුඹලා සමඟ සිටින සියලු ජීවමාන සතුන් ද අතර, මතු සියලු පරම්පරාවන් සඳහා මා පිහිටුවන ගිවිසුම් ලකුණ නම් මෙය යි. වලාකුළුවල මම මාගේ දේදුන්න තබමි; මා හා ලෝකයා අතර පිහිටුවන ලද ගිවිසුම් ලකුණ එය වන්නේ ය.
Vertaa
Tutki උත්පත්ති 9:12-13
2
උත්පත්ති 9:16
වලාකුළු අතර දේදුන්න පෙනෙන විට, මම එය දෙස බලන්නෙමි. එය දැක, මා හා මිහි පිට සියලු ජීවමාන සතුන් අතර පිහිටෙවු සදාතන ගිවිසුම සිහි කරන්නෙමි”යි වදාළ සේක.
Tutki උත්පත්ති 9:16
3
උත්පත්ති 9:6
මිනිසා, මිනිසෙකුගේ ලේ වගුරුවයි ද ඔහුගේ ලේ ද මිනිසෙකු විසින් ම වගුරුවනු ලැබේ. ඒ මන්ද, මිනිසා, දෙවියන් වහන්සේගේ ස්වරූපය අනුව මවනු ලැබූ බැවිනි.
Tutki උත්පත්ති 9:6
4
උත්පත්ති 9:1
දෙවියන් වහන්සේ නෝවාටත්, ඔහුගේ පුත්‍රයන්ටත් ආශීර්වාද කරමින් මෙසේ වදාළ සේක: “නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, පොළොව පුරා පැතිර යන්න.
Tutki උත්පත්ති 9:1
5
උත්පත්ති 9:3
මා නිල්වන් පැලෑටි නුඹලාට දුන් ලෙස සියලු සතුන් ද, නුඹලාට ආහාර පිණිස දෙමි.
Tutki උත්පත්ති 9:3
6
උත්පත්ති 9:2
පොළොවේ සියලු වන සතුන් තුළ ද, අහසේ සියලු පක්ෂීන් තුළ ද, උරගයන් තුළ ද, මුහුදේ සියලු මසුන් තුළ ද නුඹලා කෙරෙහි බිය හා තැතිගැන්ම ඇති වන්නේ ය. මම උන් කෙරෙහි බලය නුඹලාට පවරමි.
Tutki උත්පත්ති 9:2
7
උත්පත්ති 9:7
“නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, ලොව පුරා පැතිර එය යටත් කරගන්න.”
Tutki උත්පත්ති 9:7
Koti
Raamattu
Suunnitelmat
Videot