1
ශුද්ධවර මාක් 11:24
Sinhala New Revised Version 2018
එබැවින් මම ඔබට කියමි, ඔබ යාච්ඤාවෙන් අයැදින කවර දෙයක් වුව ද, එය ඔබට ලැබුණේ යයි අදහන්න. එවිට එය ඔබට ලැබෙන්නේ ම ය.
Compare
Explore ශුද්ධවර මාක් 11:24
2
ශුද්ධවර මාක් 11:23
සැබැවින් ම මම ඔබට කියමි, කවරෙක් නමුත් මේ කන්දට, ‘ඉදිරීගොස්, මුහුදෙහි පතිත වේ වා’යි කියා, තමා කියන ඒ දේ සිදු වන්නේ ම යයි නිසැක සිතින් අදහන්නේ නම් එය සිදු වන්නේ ම ය.
Explore ශුද්ධවර මාක් 11:23
3
ශුද්ධවර මාක් 11:25
ඔබ නැඟිට යාච්ඤා කරන විට කිසිවෙකුට විරුද්ධ ව කිසිවක් ඇත්නම් කමා කරන්න. එසේ කළ යුත්තේ ස්වර්ගයෙහි වැඩ වසන පියාණන් වහන්සේත් ඔබේ වැරදිවලට කමා කරන පිණිස ය.
Explore ශුද්ධවර මාක් 11:25
4
ශුද්ධවර මාක් 11:22
ජේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: “දෙවියන් වහන්සේ අදහාගන්න.
Explore ශුද්ධවර මාක් 11:22
5
ශුද්ධවර මාක් 11:17
උන් වහන්සේ ඔවුන්ට උගන්වමින්, “ ‘මාගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤාවේ ගෘහයකැ’යි කියනු ලබන බව ලියා නැද් ද? එහෙත් ඔබ එය හොරුන්ගේ ගුහාවක් කර ඇතැ”යි වදාළ සේක.
Explore ශුද්ධවර මාක් 11:17
6
ශුද්ධවර මාක් 11:9
පෙරටුවෙන් හා පිටුපසින් ගිය අය “හෝසන්නා! සමිඳුන් නමින් වඩිනා මෙතුමාණන් හට ආසිරි වේ වා!
Explore ශුද්ධවර මාක් 11:9
7
ශුද්ධවර මාක් 11:10
අපේ පිය වූ දාවිත්ගේ මතු පැමිණෙන රාජ්‍යයට ආසිරි වේ වා!, අති උසස් තැන්හි හෝසන්නා!” කියා මොරගැසූහ.
Explore ශුද්ධවර මාක් 11:10
Home
Bible
Plans
Videos