1
ශුද්ධවර ජොහන් 10:10
Sinhala New Revised Version
සොරා එන්නේ සොරකම් කරන්නටත්, මරන්නටත්, විනාශ කරන්නටත් පමණකි. මා පැමිණියේ ඔවුන් හට ජීවනය ලැබෙන පිණිස ය. සපුරා ම එය ලැබෙන පිණිස ය.
Porovnat
Zkoumat ශුද්ධවර ජොහන් 10:10
2
ශුද්ධවර ජොහන් 10:11
“යහපත් එඬේරා මම වෙමි. යහපත් එඬේරා, තම ජීවිතය බැටළුවන් උදෙසා පූජා කරන්නේ ය.
Zkoumat ශුද්ධවර ජොහන් 10:11
3
ශුද්ධවර ජොහන් 10:27
මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති.
Zkoumat ශුද්ධවර ජොහන් 10:27
4
ශුද්ධවර ජොහන් 10:28
මම ඔවුන්ට සදාතන ජීවනය දෙමි. ඔව්හු කිසි කලෙකත් විනාශ නොවෙති. කිසිවෙක් ඔවුන් මා අතින් පැහැර නොගනිති.
Zkoumat ශුද්ධවර ජොහන් 10:28
5
ශුද්ධවර ජොහන් 10:9
දොරටුව මම ය; මා තුළින් යමෙක් ඇතුළු වන්නේ ද ඔහු ගළවනු ලැබ ඇතුළට හා පිටතට ගොස් ආහාර ලබන්නේ ය.
Zkoumat ශුද්ධවර ජොහන් 10:9
6
ශුද්ධවර ජොහන් 10:14
“යහපත් බැටළු එඬේරා මම වෙමි; මම මගේ බැටළුවන් අඳුනමි; ඔව්හු ද මා අඳුනති.
Zkoumat ශුද්ධවර ජොහන් 10:14
7
ශුද්ධවර ජොහන් 10:29-30
ඔවුන් මා හට දෙවා වදාළ මාගේ පියාණන් වහන්සේ සියල්ලන්ට ම වඩා ශ්‍රේෂ්ඨ ය. පියාණන් වහන්සේගේ අතින් ඔවුන් පැහැර ගන්නට කිසිවෙකුට නොහැකි ය. මාත් මාගේ පියාණන් වහන්සේත් එක ම ය”යි වදාළ සේක.
Zkoumat ශුද්ධවර ජොහන් 10:29-30
8
ශුද්ධවර ජොහන් 10:15
පියාණන් වහන්සේ මා ද, මා පියාණන් වහන්සේ ද අඳුනන්නාක් මෙන්, මම මාගේ බැටළුවන් අඳුනමි. බැටළුවන් උදෙසා මාගේ දිවි පුදමි.
Zkoumat ශුද්ධවර ජොහන් 10:15
9
ශුද්ධවර ජොහන් 10:18
කිසිවෙක් එය මගෙන් පැහැර නොගනිති. මාගේ ම කැමැත්තෙන් මම එය පුදමි. එය පුදන්නට මට බලය තිබේ. එය යළි ලබන්නට ද මට බලය තිබේ. මේ නියමය මාගේ පියාණන් වහන්සේගෙන් ම ලදිමි”යි වදාළ සේක.
Zkoumat ශුද්ධවර ජොහන් 10:18
10
ශුද්ධවර ජොහන් 10:7
එහෙයින්, යළිත් ජේසුස් වහන්සේ ඔවුන් අමතා, “ඒකාන්තයෙන් ම මම ඔබට කියමි. බැටළුවන්ට දොරටුව මම ය.
Zkoumat ශුද්ධවර ජොහන් 10:7
11
ශුද්ධවර ජොහන් 10:12
එඬේරෙකු නොවන, එසේ ම බැටළුවන්ගේ අයිතිකාරයා ද නොවන කුලීකාරයා, වෘකයා එනු දැක බැටළුවන් හැරදමා පලා යන්නේ ය. වෘකයා ද උන් වෙත කඩා පැන විසුරුවා හරින්නේ ය.
Zkoumat ශුද්ධවර ජොහන් 10:12
12
ශුද්ධවර ජොහන් 10:1
ජේසුස් වහන්සේ කතා කරමින්, “ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, දොරටුවෙන් බැටළු ගාලට ඇතුළු නොවී අන් තැනකින් නැඟී පැන එන්නා සොරෙක් ද කොල්ලකන්නෙක් ද වේ.
Zkoumat ශුද්ධවර ජොහන් 10:1
Domů
Bible
Plány
Videa