1
ශු. යොහන් 10:10
Sinhala Revised Old Version
සොරා එන්නේ සොරකම්කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධිකලෙස ලැබෙන පිණිසත්ය.
Porovnat
Zkoumat ශු. යොහන් 10:10
2
ශු. යොහන් 10:11
මම යහපත් බැටළු එඬේරාය. යහපත් බැටළු එඬේරා තමාගේ ජීවිතය බැටළුවන් උදෙසා දෙන්නේය.
Zkoumat ශු. යොහන් 10:11
3
ශු. යොහන් 10:27
මාගේ බැටළුවෝ මාගේ හඬ අසති, මමද ඔවුන් අඳුනමි, ඔව්හු මා පස්සේ එති.
Zkoumat ශු. යොහන් 10:27
4
ශු. යොහන් 10:28
මම ඔවුන්ට සදාකාල ජීවනය දෙමි; ඔව්හු කිසිකලකත් විනාශ නොවන්නෝය, කිසිවෙක් මාගේ අතින් ඔවුන් උදුරා නොගන්නේය.
Zkoumat ශු. යොහන් 10:28
5
ශු. යොහන් 10:9
දොරකඩ නම් මමය. යමෙක් මා කරණකොටගෙන ඇතුල්වේද, ඔහු ආරක්ෂාකරනු ලැබ ඇතුළට සහ පිටතට ගොස් ගොදුරු ලබන්නේය.
Zkoumat ශු. යොහන් 10:9
6
ශු. යොහන් 10:14
මම යහපත් බැටළු එඬේරාය; පියාණන්වහන්සේ මා අඳුනන්නාක්මෙන්ද, මා පියාණන්වහන්සේ අඳුනන්නාක්මෙන්ද, මම මාගේ බැටළුවන් අඳුනමි.
Zkoumat ශු. යොහන් 10:14
7
ශු. යොහන් 10:29-30
ඔවුන් මට දුන්නාවූ මාගේ පියාණන්වහන්සේ සියල්ලන්ටම වඩා උතුම්ය; පියාණන්වහන්සේගේ අතින් ඔවුන් උදුරාගන්ට කාටවත් බැරිය. මමද පියාණන්වහන්සේද එකතැනැත්තායයි කීසේක.
Zkoumat ශු. යොහන් 10:29-30
8
ශු. යොහන් 10:15
මාගේ බැටළුවෝද මා අඳුනති; බැටළුවන් උදෙසා මාගේ ප්රාණය දෙමි.
Zkoumat ශු. යොහන් 10:15
9
ශු. යොහන් 10:18
කිසිවෙක් ඒක මාගෙන් උදුරාගන්නවා නොව මමම ඒක දෙමි. ඒක දෙන්ට මට බලය තිබේ, නැවත ගන්ටද මට බලය තිබේ. මේ ආඥාව මාගේ පියාණන්වහන්සේගෙන් ලදිමියි කීසේක.
Zkoumat ශු. යොහන් 10:18
10
ශු. යොහන් 10:7
ඒ නිසා යේසුස්වහන්සේ නැවත ඔවුන්ට කියනසේක්: සැබවක් සැබවක් නුඹලාට කියමි–බැටළුවන්ගේ දොරකඩ මමය.
Zkoumat ශු. යොහන් 10:7
11
ශු. යොහන් 10:12
එඬේරෙක් නොවූ, බැටළුවන්ගේ අයිතිකාරයා නොවන්නාවූ කුලීකාරයා වෘකයා එනවා දැක බැටළුවන් අත්හැර පලායන්නේය, වෘකයා උන් අල්ලමින් විසුරුවාදමන්නේය.
Zkoumat ශු. යොහන් 10:12
12
ශු. යොහන් 10:1
සැබවක් සැබවක් නුඹලාට කියමි–දොරකඩින් බැටළුගාලට ඇතුල් නොවී වෙන මගකින් නැගී එන්නා සොරෙක්ද කොල්ලකන්නෙක්ද වේ.
Zkoumat ශු. යොහන් 10:1
Domů
Bible
Plány
Videa