1
උත්පත්ති 25:23
Sinhala Revised Old Version
ස්වාමීන්වහන්සේ: නුඹේ කුසේ ජාති දෙකක් සිටිති, සෙනඟ දෙ වර්ගයක් නුඹේ උදරයෙන් බෙදී යන්නෝය. එක් සෙනඟක් අනික් සෙනඟට වඩා බලවත් වන්නේය; වැඩිමලා බාලයාට මෙහෙකරන්නේයයි ඈට කීසේක.
Porovnat
Zkoumat උත්පත්ති 25:23
2
උත්පත්ති 25:30
මම ක්ලාන්තව සිටිමි, එබැවින් ඔය රතුපාට කෑමෙන් ටිකක් මට දෙන්නැයි යාකොබ්ට කීය. එබැවින් ඔහුගේ නම ඒදොම් වූයේය.
Zkoumat උත්පත්ති 25:30
3
උත්පත්ති 25:21
ඊසාක් තමාගේ භාර්යාව වඳ බැවින් ඈ උදෙසා ස්වාමීන්වහන්සේ ට කන්නලව් කෙළේය. ස්වාමීන්වහන්සේ ඔහුගේ කන්නලව්ව පිළිගත්සේක, ඔහුගේ භාර්යාවවූ රෙබෙකා ගර්භිණී වූවාය. දරුවෝද ඇගේ කුසෙහි එකට දැඟලුවෝය.
Zkoumat උත්පත්ති 25:21
4
උත්පත්ති 25:32-33
ඒසව්ද: බලව, මම මරණාසන්නව සිටිමි. මේ කුලුඳුල්කමෙන් මට කවර ප්රයෝජනයක් වන්නේදැයි කීය. අද මට දිවුරුම් දෙන්නැයි යාකොබ් කීය; ඔහු යාකොබ්ට දිවුරුම් දී ඔහුගේ කුලුඳුල්කම යාකොබ්ට වික්කේය.
Zkoumat උත්පත්ති 25:32-33
5
උත්පත්ති 25:26
ඊට පසුව ඔහුගේ සහෝදරයා බිහිවිය, ඔහු වනාහි තමාගේ අතින් ඒසව්ගේ විලුඹ අල්වාගෙන සිටියේය; ඔහුට යාකොබ් යන නම තබනලද්දේය. ඈ ඔවුන් බිහිකළ කල ඊසාක් සැට අවුරුද්දක් වයස්ව සිටියේය.
Zkoumat උත්පත්ති 25:26
6
උත්පත්ති 25:28
ඊසාක් ඒසව්ට ආදරේ වුණේය, මක්නිසාද ඔහු ඒසව්ගේ මුව මස් කෑයේය. එහෙත් රෙබෙකා යාකොබ්ට ආදරේ වුණාය.
Zkoumat උත්පත්ති 25:28
Domů
Bible
Plány
Videa