දෙවියන්වහන්සේ ළමයාගේ හඬ ඇසූසේක; දෙවියන්වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට හඬගසා: හාගර්, නුඹට මක්වෙලාද? භය නොවෙන්න; මක්නිසාද දෙවියන්වහන්සේ ළමයා සිටින තැනින් ඔහුගේ ශබ්දය ඇසූසේක. නැගිට ළමයා ඔසවා නුඹේ අතින් අල්ලා ගන්න. මක්නිසාද මම ඔහු මහත් ජාතියක් කරන්නෙමියි කීසේක.