එළිදරවු 9:20-21
එළිදරවු 9:20-21 SCV
මෙම පීඩාවලින් නො මැරී ඉතිරි වූ මනුෂ්‍ය වර්ගයා ඔවුන්ගේ අත්වල වැඩ ගැන පසුතැවිලි වූයේ නැත. ඔවුහු යක්ෂාත්මයන්ට ද කතා කරන්නට හෝ අසන්නට හෝ ඇවිදින්නට හෝ බැරි රනින්, රිදීයෙන්, ලෝකඩයෙන්, ගලින් හා ලීයෙන් තැනූ දේවතා පිළිමවලට ද නමස්කාර කිරීමෙහි නැවතුණේ ද නැත. ඔවුහු තම මිනී මැරුම් ද තම මන්තර ගුරුකම් ද තම ලිංගික දුරාචාර ද තම සොරකම් ද ගැන පසුතැවිලි වූයේ නැත.