YouVersion Logo
Search Icon

එළිදරවු 6:5-6

එළිදරවු 6:5-6 SCV

උන්වහන්සේ තුන් වන මුද්‍රාව කැඩූ කල, තුන් වන ජීවමාන සත්වයා, “එනු!” යි කියනු මට ඇසිණි. මා බැලූ කල, මෙන්න! කළු අශ්වයෙක්! අසරුවා අත තරාදි යුගලයක් තිබිණි. එවිට ජීවමාන සත්වයින් හතරදෙනා මධ්‍යයෙන් පැමිණි කටහඬක් වැනි හඬක් මට ඇසිණි. “තිරිඟු නැළියක මිල ඩිනාරියකි; යව නැළි තුනක මිල ඩිනාරියකි; තෙල්වලටත්, මිදි යුෂවලටත් හානි නො කරන්නැ” යි ඉන් කියැවිණි.