YouVersion Logo
Search Icon

එළිදරවු 14:9-11

එළිදරවු 14:9-11 SCV

තුන් වන දේව දූතයෙක් ද ඔවුන් අනුව යමින්, උස් හඬින්, “යමෙක් මෘගයාටත්, උගේ රූපයටත් නමස්කාර කරයි නම්, තම නළලේ හෝ අතේ හෝ උගේ සලකුණ ලබයි නම්, දෙවියන්වහන්සේගේ කෝපයේ කුසලාන අමිශ්‍රව වත් කරන ලද උන්වහන්සේගේ උදහසේ මිදි යුෂ ඔහු ද බොනු ඇත. ශුද්ධ දේව දූතයින් ඉදිරියේ හා බැටළු පැටවාණන් ඉදිරියේ, ගින්නෙන් හා ගෙන්දගමින් ඔහුට වධ දෙනු ඇත. ඔවුන්ගේ වධ වේදනාවේ දුම සදහට ම, සදාතනයට ම උඩට නැගෙයි. මෘගයාටත්, උගේ පිළිමයටත් නමස්කාර කරන්නන් වන උගේ නමේ සලකුණ ලබන්නන්ට දිවා හෝ රැයේ හෝ නිස්කලංකයක් නො ලැබේ.”